(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ තුනක අල්ලසක් ගනිද්දි කල්කුඩා පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
වේයන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට කල්කුඩා ප්‍රදේශයේ ගඩොල් කැපීම සඳහා අවශ්‍ය බලපත් ලබා දීමට මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ලබා ගැනීමට නියමිතව ඇති බැවින් ඒ සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් මෙම ස්ථානාධිපතිවරයා ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා තිබේ.
අනතුරුව ලක්ෂ 3ක මුදලක් මුල්වතාවේදී ලබාදීමට පොරොන්දු වු ව්‍යාපාරිකයා වාලච්චේන කෝරලේපත්තුව ප්‍රාදේශිය සභාවට පැමිණ අද (10) එහිදී ස්ථානාධීපතිවරයාට මෙම මුදල ලබා දෙද්දි අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd