සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේදී ඉකුත් පස් වැනිදා සම්මත කෙරුණු ජාතික විගණන පනත් කෙටුම්පතට කතානායකවරයා ලබන සතියේ අත්සන් තබනු ඇතැයි පාර්ලිමේන්තු නිලධාරිහු කියති.
සංශෝධන ඇතුළත් කිරීමෙන් පසුව එහි හරි වැරදි බැලීමට පනත් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තුමේන්තුවට යවා ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් “ ලංකාදීපයට“ පැවසීය.
ජාතික විගණන පනත සම්මත කෙරුණු අවස්ථාවේදී ඊට අලුත් සංශෝධන විස්සක් පමණ ඇතුළත් කිරීමට එකඟතාව ඇතිවිය. ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විසින්ද පනතට සංශෝධන ගණනාවක් ඉදිරිපත් කරනු ලැබිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd