ඩයනා උදයංගනී
ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 08 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 09 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
මේ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 145 දක්වාත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 155 දක්වාත්, ඞීසල් ලීටරය රුපියල් රුපියල් 118 දක්වා සහ සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 129 දක්වාත් ඉහළ ගොස් ඇත.
මුදල් අමාත්යාංයශය හඳුන්වා දී ඇති මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම ගැන අද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා විය. කැබිනට් මණ්ඩලයේදී මේ ගැන තීරණයකට එළැඹීමට නොහැකි වූ අතර ඉන්පසු ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වූයෙන් අද පස්වරුවේ පැවති අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.
එහිදී මුදල් අමාත්‍යාංශය හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල සූත්තරය මොකක්ද කියා දැන ගැනීමට ජනතාවට අයිතියක් නැද්ද? කොහොමද මේක වැඩිවෙන්නේ කියලා. ඇමතිවරුන්ගේ වාහනවලට ගහන්නේ 95 නිසා ඒ ගොල්ලන්ට අඩුයි.
උතුමාණන් නිදිද? අවදිවුනාම හරි පත්තරෙන් දැක්කම වෙනසක් වේවි...
මේ බොරුවට මිල සූත්‍රයක් කියලා අමුතු නමක් තියාගෙන ජනතාව මුලා කරනවා. කෙලින්ම මිල වැඩි කිරීමක් කියල කියන්න.
ඊලගපාර තෙල් මිල පහලට මොකද චන්දය එනවනේ ...... මෙහෙමත් රටක්..... අපි හරී පින්කරපු ජාතියක්.......
මේකට කියන්නෙ මිල සුත්‍රය නෙවෙයි. මල සුත්‍රය කියල.
2020 ගෙදර යන එකේ වැඩි කරලා කලාම යනවා
ෂෝක්...ෂෝක්...ෂෝක්......!
රටේ මිනිස්සුන්ට නොකා නොබී මැරෙන්න වැඩ සලස්වන එක ඇර ඔයාල කරපු මහලොකු වැඩකුත් නෑනෙ. කමක් නෑ ඉතින් ඔයාලගෙ කැමැත්තට අනුව වැඩිම කරපල්ල.ජනතාවට අහස දිහා බලාගෙන හූල්ලනව හැර කාගෙ පිලිසරණක්ද ..අපි පව් යකෝ....
දවසින් දවස මිල වැඩිවීමක් වෙනවා මිසක දුන්නු සහනයක් නැහැනේ මොනම රජයකින්.
මේ කට්ටියගේ වැඩත් හරියට මඩේ හිටවපු ඉන්න වගෙයි .කොයිකද ස්ථාවරව කලේ .ජනාධිපතිතුමා පත්තර බලන හින්ද හොඳයි.
ලක්ෂ 62 ජනතාවනි. ඔබට සතුටුයිද දැන්? ඔබලා වෙනුවෙන් පෙට්‍රල් 250 ට විතර වැඩි කර පුන්නක්කු මිල අඩු කරා නම් තවත් සතුටුයි.