(ඩයනා උදයංගනී)
ඉදිකිරීම් කටයුතු සඳහා අඩු මිලට වැලි ලබාදීමේ වැඩපිළිවෙළක් ලබන අගෝස්තු මාසයේ සිට ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
මේ වන විට වැලි මිල ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පැවසීය.
දැනට වෙළඳපොලෙහි රුපියල් 18,000 ක් පමණ වන වැලි කියුබයක් රුපියල් 13,000 ක මිලට මේ යටතේ ලබාදෙන බවත්, මෙම වැඩපිළිවෙළ අගෝස්තු මාසයේ සිට ගම්පහ, වැරැල්ලවත්තේ පිහිටි කාර්යාංශ පරිශ‍්‍රයෙන් ආරම්භ කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ද ගම්පහ, වැරැල්ලවත්ත කාර්යාලයේ දී පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වූ බව කී සභාපතිවරයා වැලි තොග ගබඩා කිරීමේ ස්ථානය නිරීක්ෂණය කිරීම ද එහිදී සිදුකෙරුණු බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා මුදලින් පින් ගෙවල් සෑදීම නතර කලොත් වැලි මිල තවත් අඩුවේවි.