නිමල කොඩිතුවක්කු
සියලූම භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඉදිරියේදි රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදෙන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කොළඹදී අද(10) පැවසීය.
මහානායක හිමිවරුන් ඇතුලූ නායක ස්වාමින් වහන්සේලාගේන් මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගෙන ඇති බවත් ඒ අනුව කඩිනමින් මෙම රක්ෂණාවරණය හඳුන්වාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙයට අමතරව දිවයින පුරා පිහිටි සියලුම පන්සල් සංවර්ධනය කිරීම සඳහා ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් කොළඹ, බුද්ධශාසන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.
ලංකාවේ සියලූම පන්සල්වල තොරතුරු ලබා ගනිමින් ඒවා ඒ, බී, සී, ඞී යනුවෙන් වර්ග කිරිමක් සිදුකරන බවත් එයට අනුව මෙම සංවර්ධන කටයුතු සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.
පන්සල් දියුණු කිරිම සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශය මැදිහත් වීමෙන් විදිමත් වැඩපිලිවලක් ක්‍රියාත්මක කර තිබියදී පන්සල් දියුණු කිරිම සඳහා පියවර නොගන්නා බවට ඇතැම් දේශපාළඥයන් නගන චෝදනා තමන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් අමාත්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි බෞද්ධ යට විතරක් විශේෂයක්? පරණ නායකයන්වත් ගෙදර යැව්වේ මේ වගේ වැඩ කරපු නිසා. දැන් මෙගොල්ලොත් පටන් අරගෙන
එතකොට පොලිස් නිලධාරියා මරපු හාමුදුරුවන්ටත් රක්ෂණයක්ද?
මෙයා අවිචාරයෙන්. ඉන්දියාවේ කෝවිලකට යන්න ගිහින් පැන්නුව. වෙසක් දවසේ තොරණ තහනම් කළා. දැන් සසර කලකිරිලා මහන වෙච්ච හාමුදුරුවන්ට ජීවිත රක්ෂණ දෙන්න යනවා. මොලේ හොඳම මදි
අකැප නැද්ද?
භික්ෂුන්වහන්සේලාට මොනවටද රක්ෂණ ක්‍රමයක් මේ හදිසියේ.
බික්ෂුන්ගේ රක්ෂණය තමයි සිව්පසය
කෙලෙසුන් නැසූ ආර්යයන් වහන්සේලා කිසිදු දෙයක් කෙරෙහි, ජීවිතය කෙරෙහිවත් ඇල්මක් නැත. උන්වහන්සේලා වනගතව බවුන් වඩද්දී සතුන් සිවුපාවුන්ට හෝ වෙනත් කිසිම උවදුරකට බිය නොවූ සේක. නැත්නම්, අනේ පිඬු සිටුතුමාට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී සියලුම රක්ෂණ වාරික එකවර ගෙවා දැමීමට වුවත් හැකියාව තිබුණි. මේ කිව්වේ කෙලෙසුන් නැසූ ආර්ය මහා සංඝ රත්නය ගැනයි.
මම හිතනවා මීට වඩා වැදගත් භික්ෂූන් වහන්සේලාට බුදු දහම ගැන අවබෝධයක් ලබා දෙන එක කියල.
ඔව් රට ජාතිය වෙනුවෙන් කතා කරන භික්ෂුන් වහන්සේලාට දෙන වැඩ වල හැටියට රක්ෂණයක් අනිවාර්යයි.
රක්ෂණ ක්‍රමයත්,පන්සල් දියුණු කිරීමත් හොඳ ක්‍රියාවක්.ඒත්,සියලු භික්ෂුන් වහන්සේ සියලු දේශපාලනයෙන් ඉවත්කොට සාශනය පිරිසිඳු කිරීමත් අවශ්‍යයි නේද? බුදුහාමුදුරුවෝ අත්හැරපු පිළිකුල් දේ බුද්ධ පුත්ත්‍රයන් කරේ තියාගෙන.අනික සියලු දේශපාලකයන්ගේ හොරකම්,වංචා දුෂණ වලට පක්ෂ පාට භේදයකින් තොරව උන්වහන්සේලා දැඩිව උපදෙස් දෙනවානම්,පංච ශීලයවත් නැති මිනීමරුවන්ට පිරිත් නුල් ගැටගසන්නේ නැතිනම්,මේ දඩබ්බරයන් මෙල්ල කිරීමට නීතිය අවශ්‍ය නොවේවි.උන්වන්සේලා දෙවියන්ගේත්,සියලු ලෝක වාසීන්ගේත් ගෞරව වන්දනාමානයට පාත්‍ර වේවි.බුද්ධසාශන ඇමතිවරයා කලයුතුවන්නේ එයයි.
භාග්‍යවතුන් වහන්සේ දේශනාකළ " සක්කාය දිට්ඨිය "කියල වදාරන්න ඇත්තේ මේක වෙන්න ඇති , අනිත්ත්‍ය කිව්වේ මේකටද මන්දා?
ලකුණු ගන්න නං කියාපු යෝජනාව. නරකද ලොකු ලොකු පන්සල් වලින් හාමුදුරුවරුන්ගෙනුත් ආදායම් බදු ගන්න හිතුවොත්.
බුදු දහමට ගිය කලක්.....
භික්ෂුවකට සුදුසුම රක්ෂණ ආවරණය බුදුදහම නොවේද ?
බුද්ධ චරිතය, පරමාදර්ශී නායකත්ව ලක්ෂණ රැසකින් සමන්විත වුයේ තමන් වහන්සේම ගොඩනගාගන්න ලද ආධ්‍යාත්මික ශක්තිය තුලිනි. බමුණන් ඉගැන්වූ කුලභේදය විවේචනය කළ බුදුරදුන් පුද්ගල සමානත්වතාවය අගයමින් සිව් කුලයේ ම අය සසුන්ගත කළහ. එහෙත් අද කුල මත පදනම් ව නිකායයන් ගොඩනැගී ඈත. ක්ෂත්රිය කුලයක ඉපිද මහමඟ පිඬු සිඟා වැඩිම , දිවා කාලයේ පමණක් දන් වැළදීම, විටෙක පාංශු කුල සිවුරු දැරීම, අල්පෙච්ජතාවය බුදුන් වහන්සේගේ ආදර්ශයයි. අද මෙම ලක්ෂණ පවත්වා ගන්නේද? රාගයෙන්, ද්වේශයෙන්,හා මෝහයෙන් පිරුණු කාමභෝගී භෞතික ලෝකයක ජිවත්වන ඕනෑම කෙනෙකුට චරිතයට හානිවන බලවේගවලට යටත්වීමට සිදුවේ. එහෙත් මෙම පරාභාවය කෙතරම් ශෝචනීය ලෙස සමාජය පුරා උඩුදුවා ඈත්ද? පද්මාකාර ජීවිතය අද භික්ෂු සමාජයෙන් ඉවත්වෙමින් නොතිබේද? යථාවාදී තථාකාරී ගුණය, යථාකාරී තථාවාදී ගුණය අද දක්නට ලැබේද? අටලෝ දහම ඉදිරියේ අකම්පිතව සිටින්නේද? ජේතවනාරාමය මෙන්ම ඈත පිටිසර ගරාවැටෙන පන්සල්වල වැඩවසන සුනිත, සෝපාක, රාහුල පොඩි හාමුදුරුවන් වහන්සේලා ගැන අවධානය යොමු නොවන්නේ ඇයි
නිකං බොරු වැඩ එපා. අන්තිමට ඒකෙ වාරිකයත් අපිටම ගෙවන්න වෙයි.
ඇමතිවරයෙක් උනහම වැඩකිරීමට ප්‍රමුඛතා ලැයිස්තුවක් සකසා ගත යුතුයි...
භික්ෂුන්වහන්සේලට ජීවිත රක්ෂණයකින් නම් වැඩක් නැහැ. අපවත්වුනාට පස්සේ ලැබෙන මුදල ගන්න කවුරුවත් යැපෙන්නෝ නැහැනේ. නමුත් රෝග වලට ප්‍රතිකාර ගන්න රක්ෂණයක් තියෙන එක ලොකු දෙයක්.