(නාලක සංජීව දහනායක)
රටට හා ජනතාවට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක නොකිරීම හා මත්තල ගුවන් තොටුපළ ඇතුළු රටේ ජාතික සම්පත් විකිණීමට විරෝධය පාමින් රජයට එරෙහිව සීනිගම දේවාලයේ දී හෙට (11) පෙරවරුවේ දී දේව කන්නලව්වක් පවත්වා පොල් ගසන බව පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
එහිදී මන්ත්රීවරයා මෙසේද කීය.
යහපාලන ආණ්ඩුවෙන් ජනතාවට අසාධාරණයක් මිස සාධාරණයක් සිදුවෙන්නේ නැහැ. බලය ගත්තු දවසේ ඉඳලාම රටේ ජාතික සම්පත් විකුණනවා. මේවාට එරෙහි වන පුද්ගලයන් සිරගත කරනවා. නමුත් රටට එරෙහි ප්රකාශ කළ විජයකලා මහේෂ්වරන් මන්ත්රීවරිය කිසිඳු කරදයකින් තොරව එංගලන්තයට යනවා.
ඇය සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක වෙන්නේ නැහැ. ජනතාව පළාත් සභා මැතිවරණ පවත්වන තුරු මඟ බලාගෙන ඉන්නවා. ඒත් ආණ්ඩුව මැතිවරණ පවත්වන්නේ නැහැ. මේ අසාධාරණකම්වලට රජයෙන් කිසිම සහනයක් බළාපොරොත්තු වෙන්න බැහැ.
එම නිසා මේ අසාධාරණකම් සම්බන්ධයෙන් දෙවියන්ට පැමිණිලි කරන්න අපි තීරණය කළා. ඒකාබද්ධ විපක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පක්ෂ නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් කලාකරුවන් ඇතුළු යහපාලන ආණ්ඩුවෙන් අසාධාරණයට ලක්වූ සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් සීනිගම දේවාලයේදී පොල් ගසා දේව කන්නලව්වක් සිදුකරන බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රවේසමෙන් කන්නලව්ව පොල්ගහල පොල්ගහපු උන්ටම කැරකුනොත් ආණ්ඩුවට දොස්කියන්නේපා
එටකොට මේ අය හොර කාපු එව්වා මොන දෙයියන්ට ද කියන්නේ.
කන්නලව් කරන්න. පලිනොගහා.
එතකොට අර හමුදා මුලස්ථානය තිබුණු ඉඩම සින්නක්කරව ශෑන්ග්රිලා එකට විකුනපු එකට, වරාය නගරය සින්න්ක්කරවම චීනුන්ට ලියලා දුන්න එකට එහෙමත් පොල් ගහනවද? මිනිස්සු මැරිලා ඉපදිලා නෑ කියලා මතක තියාගන්න ඕනේ.
රටක් පාලනය කරන අයගේ බුද්ධි මට්ටම කොතනද කියා ජනතාව තේරුම් ගත යුතුය.
පොල් දැන් ගණන්. පහුගිය කාලේ වට්ටක්කා ලාබෙට තිබුණා.
මේ මිනිස්සු ඉන්නේ හීන ලෝක වල. මේ රට කවදාවත් ගොඩ එන්නේ නැහැ.
හොරකම් කරපු මහජන මුදල් ආපසු දීලා කරන දෙයක් කරන්න
බොහොම කාලෙකින් "පොල් ගැහීමක්" සිදු නොවීම ගැන පොල් වෙළඳුන්ගේ සංගමයත් කනස්සල්ලෙන් ඉන්න වෙලාවක මේක ඔවුන්ට සුබ ආරංචියක් වෙනවාට කිසිම සැකයක් නැහැ
මේ ය ඉන්න කාලේ කල දේවල් අමතකද, නැත්නම් අපි හරක් කියල හිතනවද? දීපල්ලා අයෙත් මුට චන්දෙ. අනේ අපේ රටට යන කල.
අඳුරු කුටිය තුල.....දොරගුළු ලාගෙන....
මේ කන්නලව්වට දෙවියන් ඇහුම්කන් දෙන්නේ යදින්නාගේ බරට රත්ත්රං දුන්නොත් ව්තරයිලු.
අර ශැන්ග්රිල්ලා එකට හමුදාවට අයිති ඉඩම දීපු එක, එතකොට සෝමාවතී පුදබිම ආශ්රිතව ඇමරිකානු ඩෝල් සමාගමට ඉඩම් දීපු එක මොන දෙයියන්ටද කියන්නේ?
පොල් ගහන හොරු දිහා දෙවියෝ බලයිද?
අනේ මේ වගේ මෝඩ ගොන් මන්ත්රීවරු ඉන්න රටක්. රත්තරන් මාල කඩපු බීච් බෝයිස්ලා පාර්ලිමේන්තුවට ගියාට දෙවියෝ කෝප වෙලා ඉන්නේ. ගෝඨා මේ වගේ මෝඩ හොරුත් එක්කද ජනාධිපති වරණයට එන්න හදන්නේ?
හොඳයි දේව කන්නලව්වක් කරලා පොල් ගැහුවා කියමුකෝ... දෙවියෝ ඇහුවේ නැත්නම් මොකද කරන්නේ? කතරගම දෙවියන්ගේ භූමියේ කුලියට වෙඩි පත්තු වෙනවා. සීනිගම දේවාල භුමිය මුහුදට හේදිලා යනවා. අපේ දේශපාලකයෝ පොල්ගහන තරමට මොන දෙවියාද බලන්නේ...? ඔය පොල්ගෙඩි ටික දුප්පත් පවුල් කිහිපයකට දීලා ඒ මිනිස්සු කුසපුරවා ගන්නවා බලලා සතුටු වෙන්න.