සුජිත් හේවාජුලිගේ
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයන්ගේ සංඛ්‍යාව 1109475ක් දක්වා ඉහළ ගොස් ඇතැයි අලුතින් එළිදැක්වුණු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තකයින් පිළිබඳ සංගණන වාර්තාවේ සඳහන් වෙයි.
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් පිළිබඳව 2016 වර්ෂයේ නොවැම්බර් 17 වැනි දා පවත්වන ලද මෙම සංගණනයේ අවසන් වාර්තාව ජන ලේඛන හා සංඛ්යෙල්ඛන දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේදී සඳුදා (9) එළිදක්වනු ලැබීය. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහාභාගි වු ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලෙකම් කේ.ඩී.එස් රුවන් චන්ද්‍ර මහතාට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා විසින් මෙම වාර්තාවේ මුල් පිටපත පිළිගන්නා ලදි.
මෙම සංගණනයට අනුව මුළු සේවා නියුක්තිකයන්ගේ 65.3 %ක් මධ්‍යම රජය යටතේ ද 34.7% ක් පළාත් රාජ්‍ය අංශය යටතේද පත්විම් දරති. මුළු සේවා නියුක්තිකයින් අතුරින් 485,471 දෙනෙකු රාජ්‍ය අංශයේ ආයතනවලටද 380,198 දෙනකු පළාත් රාජ්‍ය අංශයේ ආයතනවලටද 243,806 දෙනකු අර්ධ රාජ්‍ය අංශයේ ආයතනවලටද අනුයුක්තව සිටින බව සංගණන වාර්තාව පවසයි.
මුළු සේවා නියුක්තකයින්ගෙන් 55.1% ක් පිරිමින් වන අතර 44.9% කන්තාවෝ වෙති. මධයම රජය යටතේ පවතින ආයතනවල සේවා නියුක්තිකයින් ගෙන් බහුතරය 64%ක පිරිසක් වන අතර පළාත් රාජ්‍ය අංශයේ කාන්තා සේවා නියුක්තිකයන් ප්‍රමාණය 61.6%කි.
මුළු සේවක සංඛ්යාවවෙන් 35%ක් ආපොස උසස් පෙළ සමත්ව ඇති බවත් රාජ්‍ය හා ආර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයින්ගේ සෑම සිව් දෙනෙකුගෙන් එක් අයකු ( 26.2%) උපාධිධරයකු බවත් සංගණන වාර්තාවේ දැක්වෙයි. රාජ්‍ය සේවයේ සිටින 290000 ක් පමණ වන උපාධිධාරින්ගෙන් අ ඬකට වැඩි සංඛ්‍යාවක් ( 54%) තම මූලික උපාධිය ගෙන ඇත්තේ කලා විෂය ධාරාවෙන්ය. 14% ක් පමණ කළමනාකරණ විෂය ධාරාවෙන්ද 10%ක් පමණ විද්‍යා විෂය ධාරාවෙන්ද මුලික උපාධිය ලබාගෙන ඇත.
මෙම සංගණනයට අනුව මුළු සේවා නියුක්තිකයන්ගෙන් 66.8 %කට එනම් 741000 කට පමණ පරිගණකය භාවිතයෙන් කුමන හෝ කාර්යයක් කර ගැනීමේ හැකියාව පවතියි. තවද සේවා නියුක්තිකයන්ගෙන් 404000 ක් පමණ කාර්යාලයීය රාජකාරි කටයුතු සඳහා පරිගණක භාවිත කරන බවත් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගෙන් 56.3% ක් පමණ අන්තර්ජාලය භාවිතා කරන බවත් හෙළිවී ඇත. විද්‍යුත් තැපැල භාවිතා කරන සංඛ්‍යාව 38.4% කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාධිය පමණක් නෙවෙයි මේ ඇත්තන්ගේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාවය ගැන සංඛ්‍යා ලේඛන සකස් කරන්න හැකි කෙනෙකුට මම අත් දෙක උස්සලා වඳිනවා.
ප්‍රමාණය සහ ගුණාත්මක භාවය කියල දෙකක් තියෙන බව ආණ්ඩුවවත් ලොක්කන්වත් දන්නේ නැහැ. ප්‍රමාණය වැඩිකිරීමෙන් හොඳ සේවයක් දෙන්න පුළුවන් කමක් නැහැ, ගුණාත්මක භාවය වැඩිකිරීමෙන් මිසක්. හැබැයි, ප්‍රමාණය වැඩිකිරීම ඡන්ද ගොඩ වැඩිකිරීමට සහ කටවල් වසා තැබීමට උපක්‍රමයක්. බයවෙන්න දේකුත් නැහැ, පඩි ගෙවන්නෙ අපේ සල්ලි වලින් නොවැ.
රට දියුණු වෙලාද. හැම ආයතනයකම ලොකු අය නිසා රට වැටෙනවා.
මෙච්චර විශාල රාජ්‍ය සේවයක් අපේ රටට ඕනද? ඇත්තම කිව්වොත් ඕකෙන් වැඩි හරියක් නිකම්ම නිකම් ඉදන් පඩි කන අය තමයි
එතකොට අර 225 දෙනාගේ සුදුසුකම් කොහොමද? ඔවුන් රාජ්‍ය සේවකයා අවුරුදු තිස් ගානක් අමාරුවෙන් ගන්න විශ්‍රාම වැටුප අවුරුදු පහකින් නිකම්ම ගන්නවා.
කලා විෂය උපාධි ඇති අය කොහොමද පරිපාලන සේවය හරියට කරන්නේ, විද්‍යාත්මකව තර්කනුකුලව ශිරන ගන්නේ ? ලංකාව වගේ කුඩා රටකට මේ වගේ අභාගයක් ඇත වෙලා තියෙන්නේ ලක්ෂ 11කටත් වැඩි රාජ්‍ය සේවක සංඛ්‍යාවක් නඩත්තු කරන්න වෙලා තියන නිසා , නමුත් පුද්ගලික අංශයේ වගේ මොවුන්ගේ කාර්යක්ෂමතාවය බලන මාසිකව අගයන ක්‍රම නැති නිසා මොවුන්ගෙන් වෙන සේවය තක්සේරුකරන්න බැහැ. සංඛ්‍යාලේඛන බැලුවම පේනවා රටට වෙලා තියන දේ
ලංකාවේ රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාවය හා ගුණාත්මකතාවය ගැන කතා කරන්න කලින් සමහරක් රාජ්‍ය සේවකයින්ට පාසල් වල ප්‍රාථමික පන්තිවල කරන "පිටපත් ලිවීම" පාඩම කියා දෙන තත්වයට පත්වෙලයි තිබෙන්නේ. නව ජාතික හැඳුනුම්පතේ සිංහලෙන්, ඉංග්‍රීසියෙන්, දෙමලෙන් නම හා ලිපිනය සඳහන් වුවත්, ගම්පහ මෝටර් රථ දෙපාර්තමේන්තුවට නව රියදුරු බලපත්‍රය අයැදුම් කිරීමට ගිය මාගේ ඥාති දියණියගේ නම හා ලිපිනය යන දෙකම එතැන සිටි නිලධාරිනියක් වරද්දා ලියා තිබෙනවා. ඒ ගැන ක්ෂණිකව පෙන්වා තිබුණත්, මේ උද්දච්ච කාන්තා නිලධාරිනිය පවසා ඇත්තේ... ජාතික හැඳුනුම්පතේ සිංහල නම හා ලිපිනය ඇය ඉංග්‍රීසියට පරිවර්තනය කළ බවයි. ජාතික හැඳුනුම්පතේ නමේ පරිවර්තනය නිවැරැදි ලෙස සටහන් වුවත් මැයගේ තිබෙන ප්‍රාථමික ඉංග්‍රීසි දැනුම අනුව ඇයට අවශ්‍ය ලෙස මෙසේ පරිවර්තනය කිරීමෙන් මගේ ඥාති දියණිය බලවත් අපහසුතාවයකට හා හා පීඩාවකට පත්ව තිබෙනවා. ඉතාම සරල ලෙස ජාතික හැඳුනුම්පතේ තිබෙන ලෙස නම් හා ලිපිනය සටහන් කරනු විනා, මෙවන් උන්මන්තක ක්‍රියා හා හැසිරීම් තුළින් මොවුන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි යන්න සිතීම පවා, මා හට නම් ප්රහේලිකාවකි.
මෙයාලගෙන් කට්ටියක් අන්න ලෝටස් පාර වහගෙන උද්ඝෝෂණ ජිවන වියදම වැඩි නිසා පඩි වැඩි කරන්න කියල රාජ්‍ය සේවකයින්ට වසර 5කට වරක් දෙන බදු සහන වාහන පර්මිට් එකත් ලක්ෂ 20,25 ට විකුනගන්නවා කාර් සෙල් වලට. සාමාන්‍ය මහජනයා විතරක් 200%, 300%ක් බදු ගෙවල වාහන ගන්න ඕන. තව මොන සහනද දෙන්න ඕන අපේ වැඩක් කරගන්න, හරිනම් මෙයාල උද්ඝෝෂණ කරන්න ඕන අපට කාර්යක්ෂමව රැකියාව කරන්න අවශ්‍ය පහසුකම් හදල දෙන්න කියල.......