(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට ලබාදීම සඳහා යෝජනා කර ඇති බහුවිධ කළමනාකරණ හා මෙහෙයුම් දීමනාව ඉංජිනේරු සේවයේ වෘත්තිකයින්ට ද ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය පවසයි.
පරිපාලන සේවයේ නිලධාරීන්ට පමණක් මෙසේ දීමනාවක් ලබාදීමෙන් විධායක නිලධාරීන්ගේ සමානතාවය බිඳවැටීමට ඉඩ තිබෙන බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා පැවසීය.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතනවල ප‍්‍රධාන මෙහෙයුම් හා ඉංජිනේරුමය කටයුතුවල, වාරිමාර්ග, දුම්රිය, ගොඩනැගිලි ආදී දෙපාර්තමේන්තුවල මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් ලෙස ද කටයුතු කරමින් ඉංජිනේරුවරුන් බහුවිද කළමනාකරණයක යෙදී සිටින අතර මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සියල්ලෙහි ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කරන්නේ ද ඉංජිනේරුවන් බව සභාපතිවරයා ප‍්‍රකාශ කළේය.
රාජ්‍ය සේවය තුළ අවශ්‍ය ඉංජිනේරුවරුන් ප‍්‍රමාණය රඳවා තබාගැනීම ගැටලූවක් වී ඇති මෙවන් යුගයක රාජ්‍ය අංශය තුළ ඔවුන්ට හිමි සේවා තත්ත්වය හා අනෙකුත් දීමනා ලබාදීමකින් තොරව රාජ්‍ය සේවය දිරිමත් කිරීම හෝ කල් පවත්නා සංවර්ධනයක් ගැන කතා කිරීම කළ නොහැකි බව ද ඔහු සඳහන් කළේය.
සියලූ වෘත්තිකයන්ගේ ගෞරවය ආරක්‍ෂා වන පරිදි විෂමතාවන් ඇති නොවීමට බලධාරීන් වග බලා ගත යුතු බැවින් දැනට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජිත බහුවිද කළමනාකරණ දීමනාව ඉංජිනේරු සේවයට හා අනෙකුත් වෘත්තිකයන්ට ද ලබාදිය යුතු බව හෙතෙම කියා සිටියේය.
ජනාධිපතිවරයාට හා අග‍්‍රාමාත්‍යවරයාට මේ බව ලිඛිතව දැනුම් දී ඇති බවත්,තම යෝජනාව ක‍්‍රියාත්මක නොකළහොත් වෘත්තීය අරගලයකට එළඹීමට සිදුවිය හැකි බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදාවේල හරියට කන්න නැති මිනිසුන්ට බදු ගහලා ලොකු පඩි ගන්නවුගේ බදු ගෙවීමට හරියන්න පඩි වැඩි කරනවා. උන් ඉහළට අපි පහළට. නොදකින් මේ ආණ්ඩුව.
කාටවත්ම දෙන්න එපා
ඔය කියන පරිපාලන සේවය නිසා රට හා සමස්ත රාජ්‍ය සේවයම අගාදයට ගොස් හමාරයි.
සියලු දීමනා, තීරුබදු වාහන, රජයේ වාහන නොකියපු සියලු දීමනා. පහසුකම් රාජ්‍ය සේවයේ විධායකයන්ට විතරමයි. රාජ්‍ය සේවයේ වෙන කිසිම සේවාවකට කිසිම දෙයක් නැහැ පඩි පමණයි. විධායකයන්ට ඔය තැන දුන්නේ කවුද?