(නිමල කොඩිතුවක්කු)
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා කොළඹ, නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන්ගේ රෝහල් ගාස්තු ජනාධිපතිවරයාගේ උපදෙස් මත කඩිනමින් ගෙවා දැමීමට කටයුතු කරන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කොළඹදී අද (10) පැවසීය.
උන්වහන්සේගේ රෝහල් ගාස්තු සම්බන්ධයෙන් වන බිල්පත මෙතෙක් ලැබී නොමැති බවත් එය ලැබුණු විගස එම මුදල් ගෙවා දැමීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.
මෙයට අමතරව උන්වහන්සේ ඉල්ලා සිටින පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබාදීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත් අමාත්‍යවරයා කොළඹ, බුද්ධශාසන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි වෙහෙරේ හාමුදුරුවන්ට එස්ටීඑෆ් ආරක්ෂාවනම් බුදුහාමුදුරුවන්ට දෙන්නේ කාගේ ආරක්ෂාවද? ඔය කියන මහසෙන් දෙවියන්ට බැරිද කිරිවෙහෙරේ හාමුදුරුවන්ව අරක්ෂා කරන්න?
මට නම් පෙනෙන්නේ නෑ ස්වාමින් වහන්සේ පුද්ගලික රෝහලකට ඇතුල් කිරීමට හේතුවක්. කොළඹ ජාතික රෝහලට ඇතුල් කලා නම් නොමිලේ ප්‍රතිකාර ගන්න තිබුන. මේක නරක පූර්වාදර්ශයක් වෙනවා. මින් පස්සේ හැම ආගමකම පූජක වරුන්ට මහජන මුදලින් පුද්ගලික රෝහල් බිල් ගෙවන්න වෙයි. මම දන්නා තරමින් ජනාධිපතිතුමා තමයි පුද්ගලික රෝහලට ඇතුල් කරවල තියෙන්නේ. එක නිසා එතුමාට පිනක් සිදු කරගන්න බිල තමන්ගේ මුදලින් ගෙවන එක හොඳයි. (මේ ලියන මම බුදු දහම අදහන යහපාලනයට චන්දෙ දීපු කෙනෙක්)
ඔය ගාස්තුව අර කපුවාගේ ලක්ෂ 60 විතර වටිනා වහනය සහ වෙනත් දේපල විකුණා හෝ අයකර ගත යුතුය . නැත්නම් මේ කාලකන්නි කරන වැඩ වලට බදු ගෙවන අපි මොකටද බිල් ගෙවන්නේ ,
බිල ගෙවාගන්න බැරි තරමට හාමුදුරුවො දුප්පත් නම් බිල ගෙවන්න. හැබැයි දේශපාලඥයින්ට ලකුණු දාගන්න මම දීපු බදු මුදල් සත පහක් ගන්න එපා. ඔන්න කිව්වා.
ඔය කොයි අප්පොච්චි ගැනත් අපි දන්නවා .අපි ඔය සිද්ධියට දින 3 පසු කතරගම ගියා. ඒ මිනිස්සු කියන්නේ හාමුදුරුවන්ගේ තියන තණ්හාව ගිහියෙකුට නැතිලු .අර ගයාන් කියනවා වගේ මගෙත් බදු මුදල් නම් ගන්න එපා. හරි ලෙසිනේ මොකෙක් හරි වුණහම අපි යන්න ඕනේ බිල ගෙවන්න .
මේක හරිම අසාධාරණයි , පෞද්ගලික ආරවුලකට සිදුවූ දේට ඇයි බදු ගෙවන අපේ සල්ලි යොදවන්නේ , මේ වගේ පෞද්ගලික වැඩ නිසා සත්‍ය වශයෙන්ම සිල්වත් බ්‍රහ්මචාරී නමුත් දුප්පත් පන්සල් වල ඉතාමත් දුෂ්කරතා මැද බුද්ධ සාසනයට සේවය කරන ස්වාමින්වහන්සේලට බලවත් අසාධාරණයක් වෙනවා , උන්වහන්සේලාට හිමි තැන නොලැබී යනවා
හිටපු එක්කෙනත් මේ රංගනය තමයි කලේ.