(නිමන්ති රණසිංහ)
ඇමෙරිකාවේ රාජ්‍යතාන්ත‍්‍රික වැඩමුළුවකට ගිය අතිරේක සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමේදී රුපියල් ලක්ෂ හතරකට අධික මුදලක් වංචා කළැයි කියන පෞද්ගලික ගුවන් ටිකට්පත් ආයතන හිමිකරුවකු ලබන 16 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නො. 273, ගාලූපාර ගල්කිස්ස ලිපිනයේ ට‍්‍රැවල් මාස්ටර් ආයතනයේ හිමිකරු වූ දලූවරවත්ත ගමගේ දමින්ද තුසිත සේනාරත්න යන අයය.
මෙම සිද්ධියට අදාළව කෙසෙල්වත්ත පොලීසියේ ස්ථාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක අසිත තොටගොඩවත්ත මහතා වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුවේ ගිණුම් අංශයේ ලිපිකාරිනියක වූ කේ. ඒ. නිලූෂා කුමාරි යන අය විසින් ඉකුත් ජුනි 28 වැනි දා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමේදී කෙහෙල් ගහට කොටලා වගෙයි.
කුට්ටිය ගියේ කාටද කියල හොයල බලන්න.
එතකොට අපි යනකොටත් ඒ වගේ වංචාවක් කළොත් ඒකටත් ඔය දඬුවම ම දෙනවද? එහෙම නැත්නම්? නෑ අවශ්‍ය නෑ.