( මහේෂ් කිර්තිරත්න)
‘දුම්බර කදුවැටිය හෙවත් නකල්ස් රක්ෂිතය කියන්නේ අපේ රටේ මහා සම්පතක්.ඒ නිසයි එක්සත් ජාතින්ගේ සංවිධානය මේක ලෝක උරුමයක් ලෙස නම් කළේ. රජය මගින් 2000 වසරේ මෙය අධි රක්ෂිතයක් ලෙස නම් කළා. වර්තමානය වන විට ඒ කලාප මායිමේ ඇති රාජ්‍ය වතු ඉඩම්වල අක්කර විසි එක්දහසක් විකුණන්න යනවා.අපේ දිස්ත්‍රික්කයේ සියලු වතුවල මේ ඉඩම් දෙන්න යනවා.‘ මේ නිසා දැවැන්ත පරිසර පද්ධතියක් විනාශයට පත්වන බව නාඋල ප්‍රාදේශිය සභාවේ සභාපති සනත් දසනායක මහතා පැවසිය.
වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා මෙසේද පැවසිය.
බ්‍රිතාන්‍ය ජාතිකයින් මේ සම්පත් රැක්කා. ඒ නිසාම ඒ අය 1873 වසරේදි මේක රක්ෂිත වනයක් ලෙස නම් කළා. ගතවු දශක දෙක තුන තුළ අණ පනත් කිහිපයක් දලා මෙය රක්ෂිතයක් ලෙස නම් කළා.ගිං ගග කළු ගග, සුදු ගග, හුළු ගඟ ඇතුලු මධ්‍යම කදුකරයෙන් ගංගා කිහිපයක්ම ඇදහැලෙන්නේ මේ කදු වළල්ලෙන් මේක අපේ රටේ උරුමයක් එහෙම එකක් විකුණන්න බැ.මේ ඉඩම් ගත්ත අය මුලින්ම ගහ කොළ විනාශ කරන එකයි.එවිට ජල ම්රලාශ විනාශ වෙනවා.ඒ වගේම විශාල වන විනාශයක් වෙනවා.හැමදාම එක්සත් ජාතික පක්ෂය ආවාම කරන්නෙ රටේ තියෙන සම්පත් විකුණන එකයි.
ඒවා අපට අනුමත කරන්න බැහැ. ඒවට ඉඩදෙන්න රටට ආදරය කරන අය ලෙස අපිට ඉඩදෙන්න බැහැ.මේ විකිණිම මේ වන විටත් රත්තොට ආසනයේ වතු දෙකක් විකුණලා.ඒත් ආණ්ඩුව ඒවා පිළිගන්නේ නැහැ.ප්‍රදේශයේ සියලු ජනතාවට එක් කරගෙන මේ ඉඩම් මංකොල්ලයට විරුද්ධව පාරට බහිනවා යැයිද සභාපතිවරයා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාපතිතුමනි, ඔබට ස්තුතියි. හැබැයි, මේක පිටිපස්සේ මැති ඇමතිලා ඉන්නවා. ඒ හින්දා පරිසර හිතකාමී සංවිධානත් එක්ක එකතු වෙන්න. තනිවම අමාරු වෙයි.
මේ ආණ්ඩුව කලේ ආපු දවසේ ඉදල රටේ සම්පත් විකුණන් කන එක. එකෙනුත් රටට සෙතක් උනානම් කමක් නැහැ. නමුත් කලේ දේශපාලකයෝ කොමිස් ගහල , තමන්ගේ නිල නිවාස හදාගෙන එව්වගෙනුත් ගහල, තමන්ට සැප වාහන ගෙන්නාගෙන තමන් හැදිච්ච එක විතරයි....උද්ඝෝෂණ කරලහරි මේ මාස 17ත් අපේ සම්පත් රැකගමු.
කෝ අපේ පරිසර ඇමති. මුළු රක්ෂිතයම විනාශකලාට පස්සේ තමයි එතුමාට ආරංචි වෙන්නේ.