බිමල් ශ්‍යාමන් ජයසිංහ
අයුර්වේද දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් හෝ ලියාපදිංචියක් නොමැතිව රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඖෂධ ආලේපන හා සුවඳ විලවුන් නිෂ්පාදනය කර බෙදා හැරීමේ කර්මාන්ත ශාලාවක් වටලා එයට මුද්‍රා තැබීමට පියවර ගත් බව පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.
එම කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නීතිමය කටයුතු සිදු කරන බව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෛද්‍ය එස්.කේ.වී තරංග මහතා පැවසීය.
ආයුර්වේද වෛද්‍ය නිලධාරි කණ්ඩායම සහ පොලිස් නිලධාරීන් එම ස්ථානය වටලන අවස්ථාවේ එම කර්මාන්ත ශාලාවේ හිමිකරුට අමතරව සේවකයින් සිව් දෙනෙකු හා සේවිකාවන් සිව් දෙනෙකු සේවය කරමින් සිටි බවත් පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ යුත්තේ පළමු වරට අවවාද කර මෙම දේශීය නිෂ්පාදන පිළිගත් ප්‍රමිතිවලට අනුව නිපදේ නම් අවශ්‍ය ලියාපදිංචි වීම නිත්‍යානුකුලව ක්ෂණිකවම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් සිදු කරලීමයි. පළමු වියදම රජයෙන්ම දරන්නේ නම් එයද දේශීය නිෂ්පාදකයා දිරි ගැන්වීමකි. විදේශ වෙළඳ පොළට සුදුසු නිෂ්පාදනයක් නම් ඒ සඳහා දිරිගන්වා රටට විදේශ විනිමයක් එකතු කර දීම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වගකීමකි. රජයේ නිලධාරියෙක් තම රාජකාරියෙන් සතුටු විය යුත්තේ මෙලෙස වුවත් පොලිසිය ඉස්සර කරගෙන ගොස් දේශීය නිෂ්පාදකයකුගේ චරිතය ඝාතනය වීමට ඉඩ හැරීම හා අනවශ්‍ය අපහසුතාවලට පත් කිරීම උචිත නොවේ. පොලිසියට ද මිට වඩා ඉස්සර විය යුතු දෑ රටේ එමට බැවිනි.