නාලක සංජීව දහනායක
දේශීය ඉන්ධන මිල අසාමාන්‍ය ආකාරයට වැඩිවීම පිළිබඳව ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වරින්වර ඉන්ධන මිල ඉහළ පහළ දමමින් වසර අවසන් වන විට ඉන්ධන අලෙවියෙන් වැඩි ලාභයක් ඉපයීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ කාලෙත් මිල අසාමාන්‍ය ආකාරයට වැඩි වුනාම කරුණු ඉදිරිපත් කලේ නැත. දැන් මොකද මේ ගැන?
ඔබතුමා පාලනය කරන කාලෙත් , වැඩි කරන කොට පැහැදිලි කිරීමට කරේ නැහැනෙ .........!
ඔයාගේ කාලේ බඩු මිල අඩු උනාද පැහැදිලි කරේ නැත්තේ?
ඔබතුමාගේ කලේ එහෙම පැහැදිලි කිරීම් ලබාදුන්නද සර් - කොහොමත් ඔබතුමාගේ කාලෙට වැඩියේ තවමත් තෙල් මිල අඩුියි
අපිට මතකයි ඔබතුමත් පැහැදිලි කරලා තමයි ඔක්කොම දේවල් වැඩි කරේ
මේවට කුමක් කිව යුතුද?
එතකොට පසුගිය රජය සමයේ 117 දෙන්න හැකියාව තියෙද්දී 167 ගානේ පෙට්‍රල් ලීටරයක් විකුණුවේ ඔය කියන පැහැදිලි කිරීම් හා සාධාරණ මෙන්ම ජන හිතකාමී ප්‍රතිපත්ති වල. බලේ ඉන්න වෙලාවට මොලේ නැහැ කියන්නේ මෙන්න මේවට තමා
ඔබතුමා හිටපු කාලෙට වඩා තාමත් අඩුයි නේද?
අපේ රටට ආණ්ඩුවක් ඕනේ නැහැ. විපක්ෂයක් තිබුනහම හොඳටම ඇති. මොකද විපක්ෂේ ඉන්නකොට තියෙන මොලේ ආණ්ඩුවට ආවම නැති වෙනවනේ.
ආණ්ඩුව මෙවැනි කතා අහන්නේ මිල සුත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගෙන ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කර ක්‍රියාත්මක නොකිරීම නිසාය.
මේක ඉහල යන මිල සූත්‍රයක් පහල යන්නේ නැ.. අනෙක ලංකාවේ වගේ රටක ජීවන වියදම පාලනය කරන්න ඕනේ ආණ්ඩුවේ මැදිහත්වීමෙන්. විශේෂයෙන් , ආහාර, ප්‍රවාහනය වගේ දේවල්. මොකද අපි විදේශ ආයෝජන බලාපොරොත්තු වෙනවා. විදේශ ආයෝජන ලංකාවට එන්නේ මෙහෙ අඩු පඩියට ලාබදායී ශ්රමයකින් වැඩ ගන්න පුලුවන්නම් විතරයි. නැත්නම් ඔවුන් යනවා ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවලට, ඉතින් ලංකාවේ ජීවන වියදම ඉහල ගියොත් ඉහල වැටුපක් ගෙවන්න ඕනේ. ඒ නිසා ආයෝජකයෝ එන්නේ නැ.. එතකොට ලංකාවට ඩොලර් ලැබෙන්නේ නැ. එතකොට රුපියල පහල යනවා.. වියදම තව ඉහල යනවා.. නිෂ්පාදන අඩු වෙනවා.. එකම විකල්පය වෙන්නේ.. රටේ තියෙන මොනවා හරි විකුණලා .. ඩොලර් ටිකක් රටට තාවකාලිකව ගේන එක.. හැබැයි රට දිගටම අගාදයට යනවා.. කඩන් වැටෙනවා.. මේක දැන්ම නවත්වන්න පුළුවන්. රනිල්ට ඒ ගැන දැක්මක් තිබුනා කියලා තමයි අපි විශ්වාස කලේ.. එත් තාම නිසි ක්‍රියාමාර්ග අරන් නැ. හරිම කණගාටුවක් දැනෙන්නේ රට ගැන හිතුවහම. මොකද ඔය ගොඩාක් දේශපාලකයන්ට යුරෝපේ , ගෙවල් තියෙනවා. ලංකාවට මොක උනත් එයාලට මොකද. දකුණේ විතරක් නෙමෙයි . උතුරේ දේශපාලකයෝ හොදටම පිරිහිලා.
දැන් ඔය කතා නතර කරන්න. ඔබගේ ආණ්ඩුවේ පාලනයට වඩා මේ ආණ්ඩුවේ පාලනය තවමත් මේ රටට හොදා.
රෝහණ මයා වෙත, කලින් ආණ්ඩුව තියෙනකොට බොරතෙල් වල මිල කීයද. බැරලය 90 ත් ගියා. තාම බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 70 අවට තියෙන්නේ. අපිට වෙලා තියෙන්නේ අපි හැමදේම දේශපාලනික ඇහැකින් බලන්නේ. හරියට විශ්ලේෂණාත්මකව තොරතුරු ගැන දැනුමකින් හොයලා බලලා තීරණ ගන්නේ නැ. ඒ නිසා තම මේවගේ හොර නඩ පාර්ලිමේන්තුවට යවන්නේ. ලංකාවේ ,ජීවන වියදම පාලනය කරන්න ඕනේ. නැතිනම් අපිට අලුත් ආයෝජන එන්නේ නැ. මොකද මෙහෙ ශ්රමයට ලොකු ගානක් ගෙවන්න වෙනවා. මේක දේශපාලන ගැටළුවක් නෙමෙයි .. මේක මුළු රටටම බලපාන ගැටළුවක්.
ඔන්න ඔහොම ඕන දෙයක් කියන්න, බය නැතුව ඕනෑම කටට එන දෙයක් කියන්න. අපි කියන දේ ගැන තැකීමක් නෑ, අපි බලන්නේ කාගේ කටින්ද එන්නේ කියන එක විතරයි. ඊට පස්සේ අපි වහල්ලු නිසා සාදු කියලා පිලිගන්නවා.
තමුන් බලයේ ඉන්න කලේ කරපු දේවල් මතක නැතිව ඇති....
මොවුන් තාම ඉන්නේ එළියේද ? හරි පුදුමයි
මෙයාගෙ කාලේ අඩුවට දුන්න වගේ
ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලත් ඒ කාලේ ආණ්ඩුව තෙල්මිල අඩුකළේ නැහැ.
ආත කෙනෙක් නේද. දැන්වත් පින්කමක් කරගත්තොත් නරකද . අවසාන කාලේ නිසා. යන තැනක අරන් යන්න තියෙන්නේ එ්ක විතරයි නේද? නැත්නම් මැරුණත් දියවන්නාවේ ගෙම්බෙක් වෙලා හරි ඉපදෙන්න වෙන්නේ.
මහින්ද මහතා ඔබතුමා වෙනුවෙන් අර්ජුන පිළිතුරු දීලා තිබෙනවා.