(නිමන්ති රණසිංහ)
පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් මහතාට අයත් ජාතික හැදුනුම්පත් අංකයට සහ විදේශ ගමන් බලපත්‍රයට අදාළව නිකුත් කර ඇති සියලූම සිම් කාඩ්පත් සහ විද්‍යුත් උපාංගවලට අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ දෙවැනි සැකකරු වූ අර්ජුන් ඇලෝසියස්ට අයත් ජංගම දුරකතනය සිංගප්පූරුවේ නාන තටාකයක වැටීමෙන් විනාශවී ගිය බවට ඔහු ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ප්‍රකාශ කළද මෙම විමර්ශනයට අදාළව එම විනාශ වූ සිම්පතට අදාළ දත්ත ලබාගැනීමේ අවශ්‍යතාවක් ඇතැයි පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයෙන් කළ ඉල්ලිමක් සැලකිල්ලට ගෙන මෙම නියෝගය නිකුත් කැරිණි.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණය වෙත අද (11) කරුණු ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හොයන එක ගැන රජයට ස්තුති වෙන්න ඕනේ. හැබැයි මේ හැම එකක්ම නියම ආකාරයෙන් වෙන්න ඕනේ. මේ වගේ බොරු කරලා මුළු රටම කොල්ල කන අයව හැමෝටම ආදර්ශයක් වෙන්න හිරේ දාන්න ඕනේ. දඩුවම් දෙන්න ඕනේ. ඔය සිම් එක ගත්තට, වයිබර්, වට්ස් ඇප්, වගේ භාවිත කලානම් ඔය විදියට හොයන්න අමාරු වෙයි. ඒත් උත්සාහය අගයනවා. උපරිම දඩුවම් දෙන්න ඕනේ..