ඩබ් ඒ පියතිලක
පොලොන්නරුව කලහගල ධීවර ගම්මානයේ සිට පොලොන්නරුව දෙසට වියළි ගෝනමස් කිලෝ 8ක් ප්‍රවාහනය කරමින් සිටි පළාත් පාලන මැතිවරණයට පොලොන්නරුවේ ප්‍රාදේශීය සභාවට තරග කළ (එජප) අපේක්ෂයකු සමඟ කුඩා ලොරි රථයක් පරාක්‍රම සමුද්‍රය අසලදී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජිවී කාර්යාලය කියයි.
පොලොන්නරුව වනජිවී කාර්යාලයට ලද තොරතුරක් අනුව නව නගරය කලහගල මාර්ගයේ පරාක්‍රම සමුද්‍රයේ වේල්ල අසල රැදී තොරතුරට අනුව අදාළ ලොරි රථය නවනගරය දෙසට ගමන් කරමින් සිටියදී වනජිවී නිලධාරින් වාහනය නතර කරන ලෙස පැවැසුවත් වනජිවී නිලධාරීන්ගේ යතුරුපැදියත් හප්පාගෙන පොලොන්නරුව දෙසට නොනවත්වා ගමන් කර තිබේ.
පසුව වනජිවී නිළධාරින් ලුණුබැද ගොස් ලොරි රථය නවත්වා පරික්ෂා කිරිමේදී එහි තිබි වියළන ලද ගෝනමස් කිලෝ 8 ක් තිබි හමු වීමත් සමඟ සැකකරු වනජිවී නිලධාරින්ට පවසා ඇත්තේ තමන් එක්තරා දේශපාලන පක්ෂයක ප්‍රබලයකු බවත් තමන් එම පක්ෂයේ ගියවර තමන්කඩුව ප්‍රාදේශීය සභාවට අපේක්ෂකයකු ලෙස තරග කළ අයෙකු බවයි.
සැකකරු සහ ලොරි රථයත් අත්අඩංගුවට පත් වියළි ගෝනමස් පොලොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලොන්නරුව වනජිවි කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්වරුනි, කෝකටත් ටිකක් ඇහැ ඇරගෙන ඉන්න.
මහජන සේවයට කැප වුනාම ඔහොම තමයි.
තරඟ කර කෙනෙක් විතරයි.
පාර්ලිමේන්තුවට මෙයා ගිය දවසක හිතාගන්න පුළුවන් කාගේ මස් කන්න ගනීවිද කියල.
අපේක්ෂයකු වෙලා මෙහම නං, තෙරී පත්වුණා නං කොහොම වේවිද?
මෙයාලට ඡන්දෙ ඉල්ලන්න ඔය පක්ෂෙන් දුන්නේ ඇයි? පක්ෂවල වගකීමක් තමයි මේවගේ අයට නාමයෝජනා නොදී ඉන්න එක. හැම පක්ෂයකටම බලපානවා.