සිතුම් චතුරංග
මිනිස් අස්ථි කොටස් හමුවූ මන්නාරම සතොස ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ වැඩිදුරටත් සිදුකළ කැණීම් වලදී මිනිස් හිස්කබල් 38 කට අයත් අස්ථි කොටස් විශාල ප්‍රමාණයක් සොයාගත් බව කැණීම් සිදුකරන නිලධාරීහු පවසති.
මන්නාරම මහෙස්ත්‍රාත් එම්.ප්රභාකරන් මහතාගේ අධීක්ෂණය යටතේ 32 වැනි දිනයටත් අද (12) සතොස ගොඩනැගිල්ල පිහිටි ස්ථානය කැණීම් සිදුකරනු ලැබීය.
පසුගිය මාර්තු 25 වැනි දා කොන්ත්‍රාත්කරුවන් පිරිසක් මන්නාරම නගරයේ පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දමා එහි නව ගොඩනැගිල්ලට අත්තිවාරම් කපමින් සිටියදී පස් සමඟ මිනිස් අස්ථි කොටස් මතුවී තිබූ බව පොලිසිය කියයි.
අත්තිවාරම කපන විට එහි තිබූ පස් ඉවත් කිරීම සඳහා මන්නාරම එමිල්නගර් හි පදිංචිවැසියකු තම නිවස වෙත ටිපර් රථ යොදාගෙන ගෙන පස් රැගෙන ගොස් තිබු අතර එහි තිබූ අස්ථි කොටස් දැක මන්නාරම පොලිසිය වෙත කළ දැනුම් දීමක් අනුව පරීක්ෂණ ආරම්භ කෙරිණි.
ඒ අනුව හමුවූ අස්ථි සම්බන්ධයෙන් පසුගිය මැයි 28 දා සිට හිටපු මන්නාරම මහෙස්ත්‍රාත් ඒ.ඩී ඇලෙක්ස් රාජා මහතාගේ අධීක්ෂණ යටතේ මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් හා පුරාවිද්‍යා නිලධාරීන් , පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද එක්ව කැණීම් සිදුකරනු ලැබීය.
හමුවූ අස්ථි කොටස් අධිකරණ නියෝග මත මන්නාරම රෝහලේ විශේෂ ඒකකයක තැන්පත් කර ඇති අතර මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානයේ ආරක්ෂාව ද මේ වන විට තරකර ඇති බව මන්නාරම පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර ආණ්ඩුවේ කීමට කොටින්ට යටත්වෙලා අමානුෂික ලෙස වද හිංසාදීලා මරපු අපේ පොලිස් නිලධාරීන්ගේ මළසිරුරුද දන්නේ නෑ.
හිතන්න යමක් පමණි, විවාදයකට පල නොකරෙමි . ලෝක දහමට අනුව ඔබ සහ මම මේ වෙලාවේ පය ගහන ඉන්න තැනත් සංසාරේ අපිව කී පාරක් ඔය විදිහට නම් වල දමා ඇතිද !!!!