වෑන්-යතුරුපැදි අනතුරෙන් යුවලක් මරුට කුරුණෑගල - මීගමුව ප්‍රධාන මාර්ගයේ කොස්ගස් හංදියේදී අද (30) යතුරුපැදියක් හා වෑන්රථයක් ගැටී යතුරුපැදියේ ගමන්ගත් යුවලක් බරපතල තුවාල ලබා දඔදෙණිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පන්නල පොලීසිය කියයි. 30 July 2017
බන්ධනාගාර බසයට වයික්කාලේදී ප්‍රහාරයක් වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් බස් රථයකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි වෙන්නප්පුව පොලීසිය කියයි. 30 July 2017
බෝට්ටුවක් පෙරලී අයෙක් අතුරු දහන් එක් අයකු බේරාගනී ධීවරයන් දෙදෙනකු ගමන් ගත් බෝට්ටුවක් පෙරලීමෙන් එක් අයකු අතරුදහන්ව තවත් අයකු වෙනත් ධීවර බෝට්ටුවකින් බේරාගත් බව හලාවත පොලිසිය කියයි 29 July 2017
තද වර්ෂාවෙන් මහනුවර නිවාස 150කට හානි මහනුවර ප්‍රදේශයට අද අලුයම සිට ඇද හැළුණු තද වර්ෂාවෙන් පසු මැදඇළ උතුරා යාමෙන් විලියම් ගොපල්ලව මාවත හිරස්සගල ඇතුළු ප්‍රාදේශ කීපයක් වැසි ජලයෙන් යටවිය 29 July 2017
මහවැලියෙන් පසු මෙරටට ලැබුණු ලොකුම ආයෝජනය අද අත්සන් කළා - මහින්ද සමරසිංහ මහින්ද රාජපක්ෂ පාලන කාලයේ චීන සමාගමක් සමග අත්සන් කරන්නට ගිය ගිවිසුමෙන් මහා භාණ්ඩාගාරයට සත පහක්වත් ලැබෙන්නේ නැහැ 29 July 2017
ජූලි 29 අවාසනාවන්ත දිනයක් වෙලා - හිටපු ජනපති එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ දිනයේම ඔහුගේ බෑනා හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට පවරා දීම ඉතාමත් අවාසානාවන්ත සිදු වීමක් වශයෙන් සැලකිය හැකි බවද ජූලි 29 දින මේ රට ට අවාසනාවන්ත සිදු වීම් ඇති කරන දිනයක් බවට පත්ව ඇතැයිද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (29) සවස තංගල්ල කාල්ටන් නිවසේදී පැවසීය. 29 July 2017
30කට පසු වෙල්ලාවෙලි පොලිසිය තිබූ තැනටම එයි කොටි ප්‍රහාර දැඩිව පවතිද්දී ඉවත් කෙරුණු වෙල්ලාවලි පොලිස් ස්ථානය වසර 30කට පමණ පසු නවත එම ස්ථානයේ ස්ථාපිත කිරීම පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ මූලිකත්වයෙන් අද සිදු කෙරිණි. කොට ප්‍රහාර හමුවේ වෙනත් ප්‍රදේශයකට රැගෙන ගිය පසු යුද නිමාවෙන් පසු නැවත ඉදි කළේය. 29 July 2017
පුත්තලම කුණු බක්කිය වෙයි පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාලු ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත කසල අංගනය මෙතෙක් කසළ බැහැර කළ ස්ථානවලට සාපේක්ෂව සුදුසු මට්ටමක පවතින බව පරිසර සංවිධාන පවසයි . 29 July 2017
ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීමක් හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමට එහි ඇති අහිතකර තත්ත්වයන් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයට කඩිනමින් වේලාවක් දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඒකාබද්ද මන්ත්‍රීවරුන් පිරිසක් ජනපතිවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබේ. 29 July 2017
විදුලිය ජනනයට රුපියල් කෝටි 3800 ක් පවතින දැඩි නියං කාළගුණ තත්ත්ව නිමවන තුරු ඩීසල් බලාගාරවලින් විදුලිය ජනනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 3800ක අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවට ගණන බලා ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 29 July 2017
අපිරිසිදු ආණ්ඩුවක මම ඉන්නේ නෑ - ජනාධිපති තමාට අවශ්‍ය නම් හෙට වුවත් අලුත් ආණ්ඩුවක් හැදිය හැකි බවත්, එහෙත් කුණු ආණ්ඩු හැදීමට තමා සූදානම් නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රාත්‍රී පැවසීය. 28 July 2017
'පාර්ලිමේන්තුවේ විනය විරෝධිව හැසිරුණු මන්ත්‍රීවරු එළවිය යුතුයි' - රාජිත පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාගේ පුටුවේ හිඳ ගනිමින්, කැඳවීමේ සීනුව නාද කරමින් විනය විරෝධී ලෙස හැසිරුණු මන්ත්‍රීවරු පිරිස පාර්ලිමේන්තුවෙන් එළවීමට කටයුතු කළ යුතු යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. 28 July 2017
රුහුණ සරසවි සිසුවෙක් රිමාන්ඩ් රුහුණ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සභාපති වීරසුරිය ආරච්චිගේ ලහිරු ශිෂ්‍යයා අද (28) පෙරවරුවේ දික්වැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අගෝස්තු 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිසිය කියයි. 28 July 2017
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසියෙන් අනතුරුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් කොටස් මිලදී ගත් ජාතික බැංකුවක, මධ්‍යසාර නිශ්පාදන සමාගමක, විද්‍යුත් මාධ්‍ය සමාගමක සහ අළුතින් ස්ථාපනය කරන ලද මුද්‍රිත මාධ්‍ය ආයතනයක තොරතුරු ලබන මස 02 වැනිදාට පෙර කොමිසමට බාර දෙන ලෙස විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අද (28) එම සමාගමට නියම කළේය. 28 July 2017
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගැන තවම සොයයි ඇමැරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ශි‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකු වශයෙන් කටයුතු කර සේවා කාලය අවසන් වුවද මෙරටට යළි නොපැමිණ එහි සැඟව සිටින බි්රගේඩියර් ජයන්ත රත්නායක මහතා පිළිබද මෙතෙක් කිසිදු තොරතුරු හෙළි වී නොමැති බව හමුදාව කියයි. 28 July 2017
මාගම්පුර වරාය චීනයට බදු දීමට විරෝධය පා පෙළපාලියක් හම්බන්තොට මාගම්පුර වරාය චීනයට බදු දීමට විරෝධය පාමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන පෙළපාලියක් අද (28) අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් ආරම්භ කැරිණි. 28 July 2017
මාගම්පුර වරාය හෙට බදු දෙන බව අගමැති කියයි හම්බන්තොට මාගම්පුර වරාය චීනයේ ‘චයිනා මර්චන්ට්‘ සමාගමට බදුදීමේ ගිවිසුම වරාය හා නාවික අමාත්‍යංශයේ දී හෙට(29) අත්සන් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 28 July 2017
නවාස් ෂරීෆ් අගමැතිකමට නුසුදුසු බව අධිකරණය තීන්දු කරයි දීර්ඝ කාලයක් පැවැති දූෂණ චෝදනාවලට වරදකරු කරමින් පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් රාජ්‍ය තනතුරක් දැරීමට නුසුදුස්සකු යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) තීන්දු කළේය. 28 July 2017
පොලිසියේ ස්ථානාධිපතිවරු තුනකට ස්ථාන මාරු පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.මෙලෙස ස්ථාන මාරුවීම් ලබා ඇති ස්ථානාධිපතිවරුන් මෙසේය. 28 July 2017
අධ්‍යාපන චාරිකාවට මත්පැන් ගෙන යද්දී අසුවෙයි කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක 11 ශ්‍රේණියේ සිසුන් සඳහා අද (28) සංවිධානය කර තිබු අධ්‍යාපන චාරිකාවකට සුදානම්ව සිටි සිසුන්ගේ ගමන්මළුවල මත්පැන බෝතල් තිබී හසුවීමෙන් පසුව එම චාරිකාව අවලංගු කර බව පාසල් බලධාරින් පවසයි. 28 July 2017
ඛනිජ තෙල් විවාදය පිළිබඳ ඡන්ද විමසුම නවතී - පාර්ලිමේන්තුව කල් තබයි ඒකාබද්ධ විපක්ෂයේ නොසන්සුන්කාරී හැසිරීමත් සමග අද(28) පාර්ලිමේන්තුවේ පැවැත්වෙමින් තිබූ ඛනිජ තෙල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳ විවාදය පිළිබඳ ඡන්ද විමසීම අතරමැද නතර කෙරිණි. 28 July 2017
සෙනරත් කපුකොටුව දිවියෙන් සමුගනී එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සෙනරත් කපුකොටුව මහතා අභාවප්‍රාප්ත විය. 28 July 2017
ශිරන්තිට සහ යෝෂිතට රහස් පොලිසියෙන් වෙනත් දිනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවත්වන විමර්ශනයකට ප්‍රකාශ ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය ශිරාන්ත රාජපක්ෂ මහත්මිය සහ පුතකු වන යෝෂිත රාජපක්ෂ මහතා එම දෙපාර්තමේන්තුවට කැඳවා ඇතත් ඔවුනට පැමිණිය නොහැකි හෙයින් වෙනත් දිනයක් ඉල්ලා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 27 July 2017
‘පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපති ක්‍රමයක් ඕනෑ‘ පාර්ලිමේන්තුව මායිම් නොකරමින් පසුගිය දශකයක කාලයේදී විධායක ජනාධිපතිධුරය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම නිසා පිරිමැසිය නොහැකි පාඩුවක් සිදු වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරුවේ පැවැසීය. 27 July 2017
ගිලාබැසීමේ අවදානමක් නිසා දික්අරාව පවුල් 150ක් ඉවතට අද පැවැති මහ වැසිත් සමඟ බණ්ඩාරවෙල දික්අරාව ප්‍රදේශයේ ගිලාබැසීමේ අවදානමක් නිසා පවුල් 150ක් පමණ ඉවත් කිරීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ (බදුල්ල) ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය. 27 July 2017
‘පරීක්ෂණයක් නැතිව හිටපු ජනපති ගෙදරක් රාජසන්තක කරලා‘ ආරක්ෂක ඇමතිවරයා සතු බලතල භාවිත කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වැල්ලවත්තේ තට්ටු තුනක ගොඩනැගිල්ලක් රාජසන්තක කිරීම මඟින් එම නිවස අයිති ව්‍යාපාරික යුවලගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම යුවලට රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවීමට අද (27) නියම කළේය. 27 July 2017
දියතලාවට තද සුළං-නිවාස 25කට හානි දියතලාව රංජල්ලාව හා මැණික්කන්ද ප්‍රදේශ හරහා අද (27) හමා ගිය දැඩි සුළඟකින් එම ප්‍රදේශයේ නිවාස හා යුද හමුදා නිල නිවාස ඇතුළු ගොඩනැගිලි 25කට පමණ දැඩි හානි සිදුවී ඇතැයි හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා පවසයි. 27 July 2017
කොලොන්නාව මැර ප්‍රහාරයක් ගැන පැමිණිලි නැහැ වර්ජනයේ නිරත ඛණිජතෙල් සේවකයින්ට කොලොන්නාවදී මැර පිරිසක් පොලූ වලින් පහර දුන් බවට කිසිදු පැමිණිල්ලක් මෙතෙක් පොලිසිය වෙත ලැබී නොමැති බවත් එසේ පැමිණිල්ලක් ලැබුණ හොත් පරීක්ෂණ පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 27 July 2017
මූල්‍ය අපරාධ පැමිණිලි 335 ක් එෆ්සීඅයිඩියට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවීමෙන් පසු මේ දක්වා මුල්‍ය අපරාධ පැමිණිලි 335 ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 27 July 2017
නියඟයෙන් ලක්ෂ 10කට පීඩා දිවයිනේ පළාත් 7ක දිස්ත්‍රික්ක 16කට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් පවුල් 315 775කට අයත් 1 088 197 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 27 July 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026