(සුජිත් හේවාජුලිගේ)
අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව 2019 අයවැය ලේඛනයට ඇතුළත් කිරීම සඳහා ප්‍රධාන අයවැය යෝජනා 12 රජයට බාරදී ඇත.
ඒවා නම්,
- ශ්‍රී ලංකා කාන්තා ශ්‍රම බළකායේ සහභාගීත්වය වැඩි කිරීම සඳහා මාර්ගෝපදේශනය.
- විද්‍ය, තාක්ෂන, ඉංජිනේරු, ගණිත, හා කලා, සෞන්දර්ය, සමාජ විද්‍යාව ඇතුළත් අධ්‍යාපන ක්ෂේත්‍ර ආරම්භ කිරීම හා පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපනය හදාරන ශීෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැංවීම සහ දේශපාලන හා ප්‍රජා නායකයින් සඳහා අධ්‍යාපන අත්දැකීම් වැඩි දියුණු කිරීම.
- රැකියාවන්ට ප්‍රවේශ වන පිරිස් තාක්ෂණික අධ්‍යාපනයෙන් සවිමත් කිරීම.
- අනාගතය සඳහා සුදානම් ශ්‍රම බළකායක් උදෙසා ප්‍රතිඵල පදනම් කරගත් ඉගෙනුම නිවැරිදිව සකස් කිරීම.
- තෘතීය, වෘත්තීය අධ්‍යාපනය සඳහා සිසුන්ට ප්‍රවේශ වීමට ඇති අවස්ථා වැඩි කිරීම.
- විශ්ව විද්‍යාල අධ්‍යාපනය - කාර්ය මණ්ඩලය සංවර්ධනයේ ඵලදායිතාවය සහ ජාත්‍යන්තර අත්දැකීම් සඳහා අවස්ථාව ලබා දීම.
- ගුරුවරුන් සඳහා පුහුණු අවස්ථා හා දිරි දීමනා.
- අධ්‍යාපන හා පුහුණු ආයතන - පුද්ගලික ආයතන සේවාවන් සඳහා එක් සේවා කවුළුවක් පිහිටු වීම.
- අධ්‍යාපනය හා පුහුණුව සඳහා රජයේ හා විදේශීය ආයතන සමඟ හවුල්කාරීත්වය.
- නවෝත්පාදන හා ව්‍යවසායකත්ව සංවර්ධනය.
- වෙළඳ පොළ ඉල්ලුම් අනුව විෂයමාලා හදුන්වාදීම හා ආයතන සන්නාමකරණය.
- ත්‍රීරෝද රථ රියදුරන් ලෙස සේවය කරන තරුණ තරුණියන්ගේ ඵලදායීත්වය හා ජීවන ජීවන මාර්ග ඉහළ නැංවීම.
රජයට මෙසේ බාරදුන් අයවැය යෝජනා 12 බව මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව පවසයි.
ජාතික සභාව එම ප්‍රධාන අයවැය යෝජනා දොළහ ඉදිරිපත් කර ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි ගමන හඳුනා ගනිමින් පවතින දත්තයන් ඉදිරි දර්ශන හා ප්‍රතිඵල සැළකිල්ලට ගෙනය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධිමත් දරුවන් ලෙස ප්‍රාථමික පාසලට ඇතුලුවෙන දරුවන් ගිරවුන් කිරීමෙන් වලකාලන ක්‍රමවේදයක් නම් පේන්නට නැත.
සමාවෙන්න, අන්තිම යෝජනාව අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන්ද?
ලුම්බිණි සාමාන්‍ය පෙළවත් සමත් නැති අය අධ්‍යාපනයේ දියුණුව අතිකොරන්න පිටපට ගහනකොට ඔයවගේ වැරදි සිදුවෙනවා. ඔය කියන ඒවා සිද්දවෙන්නේ නැත. කලබල වෙන්නෙපා.