ප්‍රසාද් මුතුකුඩ
රුපියල් මිලියන 35 වටිනා කිලෝ 5 පමණ බරැති රන් අබරණ තොගයක් සහ රන් බිස්කට් තොගයක් තම ශරිරයේ සඟවා ගෙන කුවේට් සිට පැමිණි ලාංකික කාන්තාවක් කටුනායක රේගුව විසින් අද (25) අත්අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මෙලෙස රේගු නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබු කාන්තාව (30) වියෙහි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වේ.
ඇය මෙරටින් පසුගිය ඩුබායි බලා පිටව ගොස් එහිදි ලද රන් අබරණ තොගය කුවේට් වෙතට රැගෙන පැමිණ ඉන්පසු අද (25) කටුනායකට පැමිණ සිටියදී ලද තොරතුරකට අනුව රේගු නිළධාරින් විසින් ගුවන්තොටුපළ හරිත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබු බව රේගුව කියයි.
සල්වාරියක් ඇද සිටි බව පැවසෙන මෙම තැනැත්තිය පැකට් තුළට දමා තිබු රන් අබරණ ගම්ටේප් දමා බැදගෙන පැමිණ තිබු බව රේගුව කියයි.
රේගු අධ්‍යක්ෂක ඕ එම් ජාබීර් , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජගත් ඕබේසේකර යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ සහකාර රේගු අධිකාරින් වන නුවන් අබේසේකර, ශ්‍රීලාල් විජේවර්ධන ඇතුළු නිළධාරින් පිරිසක් මෙහෙයුම සිදුකළ අතර මේ පිළිබඳව පරික්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd