විනීතා එම් ගමගේ
අල්ලස් හා දුෂණයට එරෙහිව කටයුතු කරද්දී අන්තර්ජාතික නීතිවල අඩුපාඩු නිසා බරපතල ගණයේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට අපහසුව පවතින්නේ යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ බරපතල දුෂණ කළ අපරාධකරුවන් ලෝකයේ වෙනත් රටවල සැඟවී සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ශ්‍රී ලංකාව ප‍්‍රශ්නවලට මුහුණ පා ඇති බවත් ජනාධිපතිවරයා කීය.
ඒ ඒ රටවල ආගමන නීති මෙන්ම වීසා නීති හා නේවාසික නීති ද මෙහි දී විශේෂයෙන් බලපාන බව ද සිරිසේන මහතා කීය.
මෙකී දූෂිතයින් සොයා ගැනීමටත් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමටත් නොහැකිවීම නිසා රටේ උගත් බුද්ධිමත් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න බැරිවී තිබෙන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.
ජාතික වශයෙන් අල්ලසට දූෂණයට එරෙහි නීතිරීති ශක්තිමත් කරන අතරම අන්තර් ජාතික නීතිරීති ද ශක්තිමත් කළ යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ අද (25) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී ආරම්භ වූ ජකර්තා මුලධර්ම පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂඥ කණ්ඩායම් රැස්වීමේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
සහයෝගය නොලැබීම නිසා අපිට අපේ රටේ දුෂණයට විරුද්ධව ගෙන යන සටනේ දී අපි සැමවිටම ජාතික වශයෙන් ඒ කටයුතු ශක්තිමත් කරවනවා වගේම අන්තර් ජාතික වශයෙන් මේ සටනට එකතු වී සිටින රටවල් සමඟ එකට බැදී කටයුතු කිරීමේ අවශ්‍යතාව අපි දකිනවා.
දූෂණ විරෝධී සටනේ දී අන්තර් ජාතික නීතිරීතිවල අඩුපාඩු රාශියක් අපි දකිනවා. බරපතල දුෂිතයින්, අපරාධකරුවන් සොයා ගැනීමේ දී ඒවා බලපා තිබෙනවා. අපේ රටෙන් උදාහරණ ගත්තොත් බරපතල දුෂණ කළ අපරාධකරුවන් ලෝකයේ වෙනත් රටවල සැඟවී සිටිනවා. අපේ අපරාධ පරික්ෂණ අංශ මේ අය අත්අඩංගුවට ගැනීමේ දී අපි බරපතල ප‍්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒ ඒ රටවල්වල සහය නොලැබීම නිසා මේ රටවල්වල සහයෝගය නොලැබීමේ දී ආගමන නීති වීසා නීති නේවාසික පුරවැසියන් ගැන නීති අපට බොහෝ අභියෝග වී තිබෙනවා.
ඡායාරූප - ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මොනවා කියනවද මන්දා. පාර්ලිමේන්තුවේ ඉන්න හොරු අල්ලන්නේ නැත්තේ මේක හින්දා වෙන්න ඇති...
මෙතුමාගේ වැඩ බැරි කමට, ඉස්සර බැන්නේ අපේ රටේ කට්ටියට විතරය් දැන් ලෝකෙටම බනිනවා.
අනේ මෙහෙමත් අඩෝවැඩියාවක්.... යුද්ධයකුත් එක්ක රටක් හම්බවුණා නම් තව කොහෙද? නටන්න බැරි මිනිහට පොළව ඇදයි කියන්නේ මෙන්න මේ වගේ අය ගැන තමයි.
අනුන්ගේ පිට වරද පටවන එක වැරදි නේද?
පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටික අල්ලන්න අන්තර්ජාතික නීති අවශ්‍යද?
නිදාගෙන ඉන්න මනුස්සයා ඇහැරවන්න පුළුවන්ලු... නමුත් බොරුවට නිදාගෙන ඉන්න මනුස්සයා ඇහැරවන්න බැරිලු... බොරුවට නිදාගෙන නිදහසට කරුණු කියන මනුස්සයා නම් කොහොමවත් ඇහැරවන්න බැරිවෙයි.
ප්‍රශ්නය තිබෙන්නේ අන්තර්ජාතික නීතිවල නෙවේ. අපේ විදේශ සේවය සඳහා පළපුරුදු නිලධාරීන් යවන්නේ නැතුව එම විෂය ගැන මෙලෝ හසරක් නොදන්නා දේශපාලන අනාථයන් යැවීම, ඉස්සර තිබුණු හැම ආණ්ඩුවක්ම කලේ එහෙමයි. ඔබතුමාගේ ආණ්ඩුවත් කරන්නේ එහෙමයි. මිරිස් හිටුවලා අස්වැන්නට ඉඟුරු බලාපොරොත්තු වෙන්න බැහැනේ ආයුබෝවන් !!!
ඔව්. ජනාධිපතිතුමා කියන්නේ සහතික ඇත්ත. ඒකට හේතුව, ලංකාවේ ජාවාරම්කාරයෝ පිටරටවල්වල.
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට පිටරට යන්න දීලා බලාගෙන ඉන්නේ කව්ද? අපිද? කිසි දෙයක් කරගන්නත් බෑ. ඒ මදිවට කියවිල්ල. අනේ අපොයි.