හිටපු කොටි සමාජිකයා ජීවිතාන්තය තෙක් සිරගෙට යුද සමයේදී තම දියණිය ඇතුළු ළමයින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් එල්.ටී.ටී. සංවිධානයට බඳවා ගැනීමට වැරදිකරුවකු වූ හිටපු කොටි සාමාජිකයකුට වව්නියාව මහාධිකරණ විනිසුරු බාලෙන්ද්‍රන් ශෂි මහේද්‍රන් අද(26) ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය. 26 July 2017
මිරිහාන එස්අයි-කොස්තාපල් යළි රිමාන්ඩ් ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ඉල්ලූ බව කියන සිද්ධියකට අදාළ මිරිහාන නීතිය බලගැන්වීමේ ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා ලබන 02 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය. 26 July 2017
බැඳුම්කර වෙන්දේසිය අලුත් වෙයි රජයට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා බැඳුම්කර වෙන්දේසිය නව ක්‍රමයකට සිදු කිරීමට රජය තීරණය කර ඇත. 26 July 2017
මැතිවරණය පවත්වන්නැයි ජිඇල් පිරිස්ගෙන් ලිපියක් නැගෙනහිර, උතුරු මැද සහ සබරගමු යන පළාත්වල පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත් ඊට ඉඩ නොදී නියමිත පරිදි මැතිවරණ පවත්වන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නීතිඥවරයකුගේ මාර්ගයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇත. 26 July 2017
හදිසි ගිලන් රථ සේවාව අඛණ්ඩව කරන්න කැබිනට් අනුමැතිය ශ්‍රි ලංකාව තුළ දැනට ක්‍රියාත්මක හදිසි පුර්ව රෝහලේ ප්‍රතිකාර ගිලන් රථ සේවාව අඛණ්ඩ ක්‍රියාත්මක කිරිම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 26 July 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහලට මාසයකට කෝටි 20ක් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා මසකට රුපියල් කෝටි 20ක ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 26 July 2017
‘වර්ජනය තවම අවසන් නෑ‘ - ඛනිජ තෙල් වෘත්තීය සමිති කියයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර සහ ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල ඇතුළු 16ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ.රාජකරුණා මහතා පවසයි. 26 July 2017
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - සභාව කල් තැබේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ අද(26) පාර්ලිමේන්තුව උණුසුම්වීමත් සමග සභාව කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා පියවර ගත්තේය. 26 July 2017
ජිඑම්ඕඒ වර්ජනය අසාර්ථකයි ඇමැති රාජිත කියයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය මෙවර ඉතාම අසාර්ථක වු බව කැබිනට් සම ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවැති සාකච්ඡාවක දි පැවසිය. 26 July 2017
තෙල් වර්ජනයෙන් විදුලියත් කැපෙයි ඛනිජ තෙල් සේවක වර්ජනයෙන් තෙල් බෙදා හැරිම සිදු නොවන නිසා විදුලිය සැපයීමට බාධා සිදු වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. 26 July 2017
රතුපස්වල සැකකරුවෝ සිව් දෙනා යළි රිමාන්ඩ් රතුපස්වල දී ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිසට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින හිටපු යුද හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සාමාජිකයන් සිව් දෙනා අගෝස්තු 9 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (26) නියෝග කළේය. 26 July 2017
වල්ලාපට්ටා තොගයක් ගුවන්තොටේදී දැළේ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ බව කියන කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් තිදෙනකු අද (26) කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි . 26 July 2017
තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ. 26 July 2017
රවී බැඳුම්කර කොමිසමට නොපැමිණෙන බව දන්වයි ආරක්ෂක කවුන්සිලයේ විශේෂ රැස්වීමක් සඳහා සහභාගීවීමට ඇති හෙයින් හිටපු මුදල් ඇමැති හා වත්මන් විදේශ ඇමැති රවී කරුණානායක මහතාට අද(26) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව බව දන්වා ඇතැයි එම කොමිසමේ ආරංචි පවසයි. 26 July 2017
'හමුදාව ඉවත් වෙන තුරු වැඩ නැහැ' මුතුරාජවෙල ඛණිජ තෙල් පර්යන්තයේ සිටින හමුදාව ඉවත් වන තුරු යළි සේවයට වාර්තා නොකරන බව එම පර්යන්තයේ වෘත්තිය සමිති කැඳවුම්කරු ඩී.ජේ කරුණානායක මහතා පවසයි. 26 July 2017
සේවයට නොපැමිණෙන තෙල් සේවකයන්ට අනතුරු ඇඟවේ ඛනිජ තෙල් බෙදාහැරීම ඊයේ(25) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බැවින් එම සේවාව හා සම්බන්ධ සියලු සේවකයින් වහාම සේවයට වාර්තා කරන ලෙස රජය දැනුම් දෙයි. 26 July 2017
ඇසල පෙරහරට අලි 15 ක් මුදාහරින්න නියෝග කුඨ ලේඛන සකස් කිරිමේ සිද්ධියට අදාලව වනජිවි බාරයේ රඳවා සිටි අලි ඇතුන් 15 දෙනෙකු දළදා මාලිඟාවේ පෙරහර සඳහා තාවකාලිකව මුදාහැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (26) නියෝග කළේය. 26 July 2017
පිච්ච මල් පූජාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අබියස පැවැත්වෙන පිච්ච මල් පූජාවට සහභාගිවන බැතිමතුන් වෙනුවෙන් මේ මස 29 සහ 30 දිනවලදී විශේෂ දුම්රිය 6ක් යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 26 July 2017
සත්ව - දේව රූප විකුණන්න ගිය පස් දෙනෙක් අත්අඩංගුවට මිනුවන්ගොඩ දෙවලපොළ ප්‍රදේශයේ පෞරාණික වටිනාකමක් තිබෙන ලෝහ වලින් නිම කරන ලද සත්ව රූප හා දේව රූප රුපියල් කෝටි හතකට විකිණිමට තැත් කළ සැකකරුවන් පස් දෙනෙකු පානදුර වලාන දුෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 26 July 2017
දළදා කරඬුව වැඩමවීම ඉන්ද්‍රරාජාට දළදා පෙරහරේ කරඬුව වැඩමවීමට සුදුසුකම් ලැබු ඈතුන් දෙදෙනකු මෙවර දළදා පෙරහරට සහභාගී නොවන බව ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය බාරව කටයුතු කරන ප්‍රදීප් මීයනපලාවල මහතා අද (26) පැවසිය. 26 July 2017
හලාවත දුම්රිය ස්ථානාධිපති අත්අඩංගුවට මගියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය කියයි. 26 July 2017
තෙල් බෙදාහැරීම හමුදාව අතට ගනී කොළොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණවල කටයුතු සඳහා හමුදාව මැදිහත් වී ඇතැයි යුද හමුදාව පවසයි. 26 July 2017
විදේශ විනිමය පාලන පනත් කෙටුම්පත සම්මත වෙයි විදේශ විනිමය පාලන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය. 25 July 2017
පාර්ලිමේන්තුවේ ඡන්ද වීමසීම අලුත් වෙයි පාර්ලිමේන්තුවට හදුන්වා දී ඇති නව විද්‍යුත් ක්‍රමය යටතේ පළමු ඡන්ද විමසීම අද(25) සිදුකෙරිණි. 25 July 2017
දැරියන් 18කට අතවර කළැයි පාලිකාවගේ සැමියා අත්අඩංගුවට කොළඹට නුදුරු ප්‍රදේශයක පවත්වාගෙන යනු ලබන ළමා නිවාසයක නේවාසිකව සිටින දැරියන් 18 දෙනකුට අතවර කළ බව කියන එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියා අද (25) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි. 25 July 2017
සාකච්ඡා අසාර්ථකයි-ඛණිජ තෙල් වර්ජනය දිගටම ඛණිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා අතර අද (25) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වී තිබේ. 25 July 2017
යාපන වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අගෝස්තු 08 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා අද (25) නියෝග කළේය. 25 July 2017
අනුරාධපුරෙන් ලාදුරු රෝගීන් 59ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙම වසරේ ජනවාරි මස සිට ජුලි මාසය වන විට නව ළාදුරු රෝගින් 59 නව දෙනෙකු හදුනා ගෙන ඇති බව අනුරාධපුර රෝහලේ බෝවන රෝග මර්දන එකකයේ වෛද්‍ය අශෝකා මුණසිංහ මහත්මිය කියයි. 25 July 2017
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි මේ වසරේ ගෙවීගිය කාලය තුළ ඩෙංගු රෝගීන් එක්ලක්ෂ පන්දහසක් පමණ වාර්තා වී ඇතැයි ද 301 දෙනකු මියගොස් ඇතැයි ද ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි. 25 July 2017
මුතුරාජවෙල කුණු තහනම දීර්ඝ කෙරේ මුතුරාජවෙළ අභය භූමියට කුණු බැහැර කිරීම හෝ කුමන ආකාරයක හෝ කසල එකතු කිරීමෙන් කොළඹ මහනගර සභාව ඇතුළු බලධාරීන් වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ලබන මස 03 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) තීන්දු කරන ලදී. 25 July 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026