(බිඟුන් මේනක ගමගේ)
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් සුදුසුකම්ලාභීන් සිටියදී දේශපාලන ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට යාම ගැන සොයා බලන්නැයි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.
ප්රාදේශීය ළමා ආරක්ෂක තනතුර සඳහා පසුගිය වසරේ මැයි 28 වැනි දා පුවත්පත් දැන්වීමක් මගින් අයැදුම්පත් කැඳවා ඔක්තෝබර් 12 වැනි දා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ බවත් එයින් තෝරාගත් 116 දෙනෙකුට ඒ බව දෙසැම්බර් 12 වැනි දා ලිඛිතව දැන්වීමට ළමාරක්ෂක අධිකාරිය කටයුතු කර තිබියදී මෙම දේශපාලන ලැයිස්තුව ඉදිරිපත් වීම නිසා පත්වීම් ප්රදානය ඇණහිට ඇතැයි එහි සඳහන් වේ.
කාන්තා හා ස්ත්රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට හා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා හෙවත් ඔම්බුඩ්ස්මන්වරයාට ද මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර පැමිණිලි කර තිබුණු අතර ඒවාට අදාළව දැනට වෙන වෙනම විමර්ශන දෙකක් සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd