(ටී.කේ.ජී.කපිල )
විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස චීනයේ ෂැංහයි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙයින් එක් අයෙකු 43 හැවිරිදි අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අනෙක් පුද්ගලයා 32 හැවිරිදි පාමංකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
මේවායේ වටිනාකම රුපියල් එක් කෝටි හැත්තෑ හත් ලක්ෂ හැත්තෑ හත් දහස් එකසිය අනූතුනක් (1,77,77,193) කි.
ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කරන ස්කෑන් පරීක්ෂණ වලදී මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා රැගෙන විත් තිබූ සිය ඇඳුම් බහා තිබූ ගමන් මල්ලේත් අතේ ගෙන යන අත් බෑගය තුළත් මෙම විදේශ මුදල් තොගය සඟවා ගෙන තිබී අනාවරණය වී තිබිණි .
එහි ඇමෙරිකානු ඩොලර් 1,36,853 ක් , හොංකොං ඩොලර් 790 ක්, ඉන්දියානු රුපියල් 30,900 ක් , චීන යු ආන් 1,900 ක් සහ ශ්‍රී ලංකා රුපියල් 63,400 ක් තිබිණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd