ඉන්දිකා රාමනායක
කීර්තිමත් චිත්‍ර ශිල්පියෙක් වූ ජෝර්ජ් කිට් මහතා සිතුවම් කර තිබූ රුපියල් ලක්ෂ 120 කට අධික වටිනා කමකින් යුත් චිත්‍ර දෙකක් සොරකම් කිරීමේ සිද්ධියේ සැකකරුවන් සහ එම චිත්‍ර දෙක හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.
‘‘මදර් ඇන්ඞ් චිල්රන්ඞ්‘‘ සහ ‘‘වසන්ති‘‘ නමින් මෙම චිත්‍ර දෙක නම්කර තිබූ අතර මෙම චිත්‍රදෙක 2013.07.12 වැනි දින කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇත.
කොළඹ 02 ගැලනි වීදියේ අංක 130 පිහිටි ලිපිනයේ මෙම සිතුවම් දෙක තිබී ඇති අතර එම වකවානුවේ එම ගොඩනැගිල්ලේ සිදුකළ සංවර්ධන කටයුතු හේතුවෙන් එහි තිබූ භාණ්ඩ තාවකාලිකව වෙනත් ස්ථානයක් වෙත රැගෙන යාමට ඉවත් කරමින් සිටියදී මෙම සොරකම සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණ පැමිණිල්ලේ සඳහන් වේ.
‘‘මදර් ඇන් චයිල්‘‘ සිතුවම 1953 වසරේ නිර්මාණය කර ඇති අතර ‘‘වසන්ති‘‘ නැමති සිතුවම 1950 වසරේ දී සිතුවම් කර ඇත.
සොරාගත් එම සිතුවම් දෙක පහත ඡායාරූපයෙන් දැක්වෙන අතර ඒ පිළිබඳ සහ සැකකරුවන් පිළිබඳ තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ විමර්ශන අංශයේ 011- 2395248 යන අංකය වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ කඩුත් නැතිවෙලාද? එහෙම නම් තියෙන තැන කියන්න පුළුවන්.
හොයන්න මතක් වෙලා තියෙන්නේ දැන්ද? 2013 අස්ථාන ගත වෙච්ච දේවල්... අපරාදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කලේ... ඉන්ටර් පොල් එකට කියන්න තිබ්බේ ....
හොයන්න මතක් වෙලා තියෙන්නේ දැන්ද? ..2013 අස්ථාන ගත වෙච්ච දේවල්... අපරාදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කලේ... ඉන්ටර් පොල් එකට කියන්න තිබ්බේ ....
මේවා ජාතික සම්පත්. වටිනාකම නොදන්නා කෙනෙක් අතින් විනාශ වුනාද දන්නෙත් නෑ. පොලිසියත් මේවගේ අගය දන්නේ නැති නිසාද මෙච්චර කල් හෙව්වේ නැත්තේ? ලෙස්ටර් මහත්තයාගේ රණතිසර සම්මානය හොයා ගත්තාවගේ මේකත් හොයාගන්න තිබුණ එදාම ක්ෂණිකව ක්රියාත්මක උනානම්. ජෝජ් කිට් මැතිතුමාගේ ගමේ කෙනෙක් විදිහට මට හරිම කණගාටුයි.