ඩයනා උදයංගනී
සම්බුද්ධ ශාසනයේ සහ බෞද්ධයන්ගේ අභිවෘද්ධිය සැලසීම, බෞද්ධයන්ගේ ගෞරවය සහ අයිතිවාසිකම් රැකගැනීම ආදී අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා බෞද්ධ හිමිකම් කොමිෂන් සභාවක් පත්කිරීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය පියවර ගෙන තිබේ.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට ශතකයක් සපිරීම නිමිත්තෙන් ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නයේද ආශීර්වාද සහිතව ඓතිහාසික මිහින්තලා භූමියේ පුරාණ ධාතු මලූවේදී මෙම කොමිෂන් සභාව ස්ථාපිත කළ බව එම සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා පැවසීය.
මෙම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු මහතා පත්කර ඇති අතර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ මහතා එහි ලේකම්වරයා වේ.
ඊට අමතරව කොමසාරිස්වරුන් 21 දෙනෙකුගෙන් මෙම කොමිෂන් සභාව සමන්විත වේ.
මෙම කොමිෂන් සභාව වෙත අදහස්, යෝජනා, තොරතුරු සහ පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කිරීමේ අවස්ථාව සමස්ත බෞද්ධ ජනතාවට හා සියලූ ශ්‍රී ලාංකිකයින්ට හිමිවන බව ද ජගත් සුමතිපාල මහතා සඳහන් කළේය.
එම අදහස් ලබන 2019 ජූනි මස 26 වැනිදා දක්වා ලබාදිය හැකි බව ද ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලින අවශ්‍ය තාවයක්. මේක රජයෙන් කරන්න ඕනෑ වැඩක්. මේකට සංඝරත්නයේ පරිහානිය පිළිබඳවත් ඇතුලත් කලොත් තමා හොඳ. මෙහෙම හරි කරලා තියෙන ප්‍රශ්න මොනවද ඒවාට පිළිතුරු මොනවාද කියලා හොයලා බලන එක ලොකු දෙයක්. කොමිසමේ වාර්තාව පිටු කප්පාදු නොකර අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ කල යුතුයි.
එකම එක ගැටලුවයි තියෙන්නේ. ඒ තමයි දුශ්ශීලයන් විසින් ඇතිකරන ප්‍රශ්න. පිළිතුර හරිම ලෙහෙසියි. ධර්ම සංගායනාවක් තියන්න. එතකොට දුශ්ශීල චීවරධාරීන් ඔක්කොම ශාසනයෙන් විසිවෙනවා. සිල්වත් සුපේක්ෂකාමි හිමිවරු 10ක් 15ක් පමණ ඉතිරිවේවි. දේශපාලකයන්ගේ ඕනෑ, එපාකම්වලට කෑ ගහන, නවකවදය දෙන, ඇතැම් චීවරදාරීන් බුදුන් වහන්සේගේ උතුම් වූ ධර්මය පිළිපදින හිමිවරුන් නොවෙයි. සිවුරට මුවාවී ගසා කන්නන්. අන්තිමට සියලුම ආගමික අමාත්‍යංශ විසුරුවා හරින්න. එතකොට බුද්ධශාසන ඇමති, ක්‍රිස්තියානි ඇමති..වගේ වැඩකට නැති සල්ලි කන ඇමැතිවරුත් ඉවරයි. රටේ තියෙන සියලුම ආගම් එකම තත්වයෙහි ලා සලකන බව ගැසට් කරන්න. ෆිලික්ෂ් ඩයස් බණ්ඩාරනායක 71 ව්‍යවස්ථාවට එක්කරපු .. අවස්ථාවාදී යෙදුමක් නිසා... ආගම් අතර ප්‍රශ්න හට ගත්තා. ඒ යෙදුම මම කියන්නේ නැහැ. මමත් හොඳ බෞද්ධයෙක්. නමුත් ඒ යෙදුමට මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි.
ඉතා කාලෝචිත අදහසක් . දේශපාලන මැදිහත්වීම් ගැන මනා සෝදිසියකින් සිටින්න
අන් ආගම් වල අය බෞද්ධයින් කසාද බඳිනවා නම් ඒ අය බුදු දහම වැළඳගන්න එක අනිවාර්ය වෙන විදියට නීති සකස් කරන්න ඕනෑ. නැත්නම් මේ විදියට බෞද්ධයෝ බිලි බාගන්න ගියාම තව ටික කාලෙකින් බුදුදහම ලංකාවෙන් අතුරුදහන් වෙලා දළදා මාලිගාව තියන තැන පල්ලියක් තියෙයි.
මහජන අදහස් විමසිම ඉතාම කලොචිතයි. පළමුව මේ ගැන බලන්න. 1. කොළඹ බෞද්ධ මන්දිරයේ රථ ගාල බැංකුවක් කරලා. අනවසර ඉදිකෙරීමක්, කව්ද මේවට වග කියන්නේ? කවුද ජාතික දේපොළ වලින් සල්ලි ගන්නේ? 2. දළදා මාලිගාවේ විස්තර සිංහලෙන් සහ ඉංග්‍රීසි වලින් පමණි දෙමල නැත ඒ කියන්නේ දෙමල ජාතිකයට බුද්ධාගම දෙන්නේ නැහැ? නමුත් ඒ දැන්වීම් වලට අනුග්‍රහය ලංකා බැංකුව. ඒකේ දෙමල සල්ලි නැද්දේ එතකොට? මේවා බල බල බොරුවට කෑගහලා වැඩක් නැහැ..
කසාදයක් බදිනකොට ආගම වෙනස් කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ බදින කෙනා. මටත් ඔය ප්රශ්නය අවා මීට අවුරුදු 10 කලින්. අදටත් මම මගේ ආගමේ. ඇය ඇගේ ආගමේ. කසාදය උනේ නැත.
ගරුතර මහා සංඝ රත්නය කල යුතු දේ ගිහියන් සහ වැඩකට නැති දේශපාලුවන් කරන්නට යාම අනුවන ක්‍රියාවකි.
කලින් තිබුන බෞද්ධ කොමිෂන් වාර්තාව ක්‍රියාත්මක නොකර ඇයි මේ තව එකක්? බෞද්ධයා රවටනවා වගෙයි පෙනෙන්නේ. පලමු කොමිෂන් වාර්තාව අන්තර්ජාලයේ ඇත.
දුසිල් මහනුන් සාසනයෙන් එලවා දැමීමට බෞද්ධයන් එක් විය යුතුයි!
භික්ෂූන් ව්‍යාපාර මිලමුදල් දේපොළ බදානොගෙන සිව්පසයෙන් පමණක් යැපෙනවානම් සසුන තුළ ප්‍රශ්න මතුවන්නේ කොහොමද ?කොටින්ම කියනවානම් මුදල් අත ගාන්නවත් භික්ෂුන්ට අවකාශයක් නැත . අද භික්ෂුන් ඔවුන්ට ඕන ඕන අභිලාෂයන් ඉටුකරගන්න ඕන නිසා භික්ෂුන් කැමති නැහැ දායක සභාවක් පන්සලේ තිබෙනවාට .
ඉතා හොඳ තීරණයක්.