මනෝප්‍රිය ගුණසේකර
කූට ලේඛන ඉදිරිපත් කරන ලදැයි හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි ලබා දීමට ඔක්තෝබර නව වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (24) සිව් වැනි වරටත් ජනාධිපතිට සහ අගමැතිවරයාට සිතාසි නිකුත් කළේය.
අද අධිකරණයේ පෙනී සිටින ලෙස ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සිතාසි නිකුත් කර තිබුණත් දෙදෙනාම පෙනී සිටියේ නැත.
ජනාධිපතිවරණ සමයේ කූට ලේඛනයක් ඉදිරිපත් කරන ලදැයි කියමින් තිස්ස අත්තනායක මහතාට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.