(නිමන්ති රණසිංහ)
තමන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විවේචනය කිරීම හේතුවෙන් සහ යහපාලන ආණ්ඩුව සමඟ එකතුවී තනතුරු භාර නොගැනීම හේතුවෙන් මෙලෙස නඩු පවරනු ලැබූ බව හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කළේය.
සිය වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් නොකර සිටීමෙන් වරදක් සිදුකර ඇතැයි අල්ලස් චෝදනා ලැබ සිටින හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි අල්ලස් නඩුවේ විත්ති වාචික ඉදිරිපත් කරමින් ඒ මහතා අධිකරණය හමුවේ එසේ ප්‍රකාශ කළේය.
තමන් වසර පුරා 27ක් දේශපාලන ජීවිතයේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ බවත් කුමන වාසියක් හේතුවෙන් 2010 වසරේ පමණක් එය ඉදිරිපත් නොකර සිටින්නේද යන්න පිළිබඳව සැලකිල්ලට ගන්නා ලෙසත් තමන් යහපාලන ආණ්ඩුවට එකතු නොවීම මත තමන්ට මෙම නඩු පවරනු ලැබූ බවට සාධාරණ සැකයක් මතුවන බවත් ඒ මහතා වැඩිදුරටත් සිය විත්ති වාචිකය ලබා දෙමින් සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකළේ මොකද කියලා කිව්වානම් මීට හොඳ නැද්ද ??
ඒක තමා මමත් මේ මොකද කියලා බැලුවේ. දැන් නේ තේරුනේ. හොරකමක් වංචාවක් කරා කියල සාක්කි තියෙන නිසා නෙවේ එහෙනම්.
කිසිම දෙයක් කළත් දන්නේ නැහැ.
ඇත්තද මන්ත්‍රීතුමෝ එ්ක තමයි... මමත් හැමෝටම කිව්වා ඔයා හොරකම් කරලා නෙවෙයි ඔයාට විරුද්ධව නඩු දාලා තියෙන්නේ... පව් මෙයා.
එතකොට මොනම දූෂණ ක්‍රියාවක යෙදිලා නැද්ද?
ඔය බයිලා උසාවියට කිව්වා නම් නරකද? කරන්න තියෙන හොර වැඩ ඔක්කොම කරලා දැන් සුදනා වෙන්න හදනවා.. ආණ්ඩුවට පනින්න තමයි හැදුව. එ්ත් අගමැතිතුමා ගන්න කැමති වුනේ නෑ.
ඔයා තාම ඉන්නවද? අපි හිතුවේ වෙන රටකට පැනලා ගිහින් කියලා. මෙච්චර කල් කට තිබුනේ කොහෙද?
ඇත්තම වෙන්න ඇති මගේ හිතේ මෙතුමා කියන්න ඇත්තේ.
ජෝන්ස්ටෝන් මහත්තයෝ, ඔබ තුමා කියන දේ විස්වාස කරන්න තරම් මේ රටේ බූරුවෝ නෙවෙයි. යහපාලනය මහා පන නැති එකක් කියල අපි නොදන්නවා නොවේ. අද රට විනාශ වෙලා ආර්ථික වශයෙන් විනාශ වෙලා තියෙන්නේ තමුන්නැහෙලගේ හොර නාදය කෙලපු කෙලි නිසා බව මතක නැද්ද. මේ ආණ්ඩුවේත් හොරු ඉන්නවා. එත් දැන් ටිකක් හරි නීතිය ක්‍රියාත්මක වෙනවා.
මන්ත්‍රීතුමා කියන්නේ සම්පුර්ණ ඇත්ත බව ඕන කෙනෙකුට තේරෙනවා. කරපු ඔක්කොම දේවල් එතනෝල් ප්‍රශ්න, වත්කම් ප්‍රශ්න ආදිය සේරම යට ගහගන්න තිබුණ ආණ්ඩුවට හේත්තු වුණා නම්. ඒ හින්ද මුන්නහෙට නඩු දැම්මේ යහපාලනෙට හේත්තු වුනේ නැති හින්ද කියන එක විතර ඇත්තක් තවත් තියෙනවද?
ඉතින් නඩු නැතිව ඇමතිකමක් කරගෙන ඕනනම් කිසිම වැඩක් පලක් නොකර ව්‍යාපාරයක් කරගෙන ඉන්න තිබුනනේ. ඔබතුමා අපි වෙනුවෙන්ද දුෂ්කරක්‍රියා කරන්නේ. නේද?
හොරු කියන්නේ මම හොරෙක් නෙමෙයි කියලනේ.?
තොත්ත බබා, මේ බෝ පැලනෙ. ඡන්දෙන් පාර්ලිමේන්තු යැව්ව අපිට තලන්න ඕන බූවල්ලෙන්...
අනේද කියන්නේ.