නාලක සංජීව දහනායක
ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ විසින් ආණ්ඩුවට විරෝධය පළකරමින් සංවිධානය කර තිබූ ලබන 17 වැනිදා කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබූ උද්ඝෝෂණය සැප්තැම්බර් 5 වැනිදා පවත්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම පෙරමුණට උපදෙස් දී ඇත.
ලබන මස අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස්පෙළ විභාගය පැවැත්වෙන බැවින් උද්ඝෝෂණය පවත්වන දිනය වෙනස් කළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (23) පැවසීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.
ලබන මාසේ 17 වැනිදාට යහපාලන ආණ්ඩුව පිහිටුවා අවුරුදු හතරක් සම්පූර්ණ වෙනවා. යහපාලන ආණ්ඩුවෙන් පීඩාවට පත්වූ සියලූම දෙනා එකතුකරගෙන ආණ්ඩුවට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට අපි තීරණය කර තිබුණා. නමුත් එදිනට අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වෙනවා.
ඒ විභාගය සැප්තැම්බර් මස 1 වැනිදා දක්වා පැවත්වෙනවා. අපි පවත්වන උද්ඝෝෂණයෙන් එම විභාගයට පෙනී සිටින සිසුන් පීඩාවට පත්වෙනවා නම් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයෙන් ඵලක් නැහැ. ඒ නිසා ජනබලය කොළඹට ආණ්ඩු විරෝධි උද්ඝෝෂණය සැප්තැම්බර් මස 5 වැනිදා පැවත්වීමට අපි තීරණය කළා. මෙම උද්ඝෝෂණය පැවැතවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ පෙරමුණ වශයෙන් අපි පළාත් පාලන ආයතන, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇතැයිද කීය.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද තීරණයක්.
දැන් තමයි මෙයාලට දරුවෝ ඉගෙන ගන්නවා විභාග කරනවා කියලා මතක් වෙලා තියෙන්නේ. එයාලා බලයේ ඉන්න කාලේ විභාග තියන කාලේ ඡන්ද තිබ්බා විතරක් නොවේ ඡන්ද රැස්වීම් තිබ්බෙත් විභාග මධ්‍යස්ථාන අසළ. ඒ කරපු වැඩ අපිට මතක් කරලා දෙන්නත් එක්ක මේවගේ දේවල් කරන එක හොදයි.
"ආණ්ඩුවෙන් පීඩාවට පත්වූ සියලූම දෙනා එකතුකරගෙන,,,". ඔව් ඔව් වැඩියම පීඩාවට පත්වෙලා ඉන්නේ ඔබලා බව අපි හොඳටම දන්නවා. ඔබලා කරපු වැඩ ටික මේ කට්ටිය නහුතෙටම කරන නිසා කෙල හැලෙනවා ඇති නේද? ඒ හින්ද ඉක්මනට විරෝධතා කරලා පාරවල් වහල අපට වද දීලා බලයට එන්න. එතකොට ඩබල් කරලා දෙන්න පුළුවන් ගේම. ඔය පීඩාව සනීප වෙයි එතකොට.
කිසිම කෙනෙක් එකම වරද දෙවරක් කරන්නේ නැහැ. එහෙම කරනවා නම් ඒ විලිලජ්ජා නැති කෙනෙක්.හොඳ තීරණයක්.