විනිසුරුගේ ආරක්ෂකයන්ට වෙඩි තැබීමට විරෝධය පා උතුරේ බස් වර්ජනයක යාපනය මහාධිකරණ විනිසරු එම්. ඉලංචේලින් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබීමට විරෝධය පා අද (24) උතුරු පළාතේ සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට පියවර ගෙන ඇති බවට උතුරේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. 24 July 2017
ලක්ෂ හතරක වතුර බෝතල් පළාත් සභා ගබඩාවකින් හමුවෙයි ගංවතුරින් සහ නායයෑම් වලින් විපතට පත් ජනතාවට බෙදාහැරීමට දුන් වතුර බෝතල් විශාල තොගයක් බද්දේගම ගබඩාවක ගොඩ ගසා තිබීම පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් මත එම ගබඩාවට සීල් තබා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පවසයි. 24 July 2017
නීති විරෝධී ඩොලර් කටුනායකදී හසුවෙයි නීති විරෝධී ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට පාර්සල් ක්‍රමයට එවා තිබූ ඇමෙරිකා ඩොලර් තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගුව විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 23 July 2017
යාපන විනිසුරුට එල්ලකළ ප්‍රහාරය ජනපති හෙළාදකියි යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චෙලියන් මහතාට ඊයේ(22) සවස නල්ලූර් ප්‍රදේශයේදී එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරය හෙළා දකින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 23 July 2017
ගණදෙවි ප්‍රතිමාවක් විකුණන්න ගිය අයෙක් අත්අඩංගුවට කළුගලින් නිමවන ලද වසර 300ක් පමණ පැරණි විශාල ප්‍රමාණයේ ගණ දෙවි ප්‍රතිමාවක් රුපියල් ලක්ෂ 60කට අලෙවි කිරීමට උත්සාහ කළ අයකු නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්තේ නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. 23 July 2017
සත්යග්රහ කළ සරසවි සිසුන් 13ක් අත්අඩංගුවට අධිකරණ නියෝගය නොතකමින් කොළඹ ලිප්ටන් වටරවුමේ අට්ටාලයක් ඉදිකර සත්‍යග්‍රහයක නිරතව සිටි සරසවි සිසුන් 13 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 23 July 2017
කෝටි ගණනක මැණික් සමග ප්‍රංශ ජාතිකයකු රේගු දැලේ රුපියල් එක් කෝටි පහලොස් ලක්ෂයක් වටිනා මැණික් ගල් හතරක් සිය සපත්තුවේ සහ ඇඳුම් සාක්කුවේ සඟවාගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ප්‍රංශ ජාකිකයකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදි රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 23 July 2017
විනිසුරුට වෙඩි තැබුවේ හිටපු කොටි සමාජිකයෙක්දැයි සැකයක් යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තැබුවේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවට පොලිස් විමර්ශන කණ්ඩායම් සැක පළකරන බවත් ප්‍රධාන සැකකරුගේ ඥාතීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් යාපනය පොලීසිය පවසයි. 23 July 2017
‘අගෝ්ස්තු සිට කසල වලින් විදුලිය‘ - චම්පික බස්නාහිර පළාතේ එකතුවන කසලවලින් විදුලිය නිපදවන යෝජනා ක්‍රම තුනක් අගෝස්තු මාසයේ දී ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 23 July 2017
ලිප්ටන් වටරවුමේ සරසවි සිසු අට්ටාලයට පොලිස් ප්‍රහාරයක් සයිටම් විරෝධී විශ්ව විද්‍යාල සිසුන් කොළඹ ලිප්ටන් වටරවුමේ ඉදිකර තිබූ අට්ටාලයට මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය. 23 July 2017
වෛද්‍ය සංගමය අඟහරුවාදා වැඩ වර්ජනයකට සැරසෙයි වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට තැත් කිරීමේ සිද්ධියට විරෝධය දැක්වීම සඳහා අඟහරුවාදා (25) දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. 23 July 2017
රවී බැඳුම්කර කොමිසමට කැඳවයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අඟහරුවාදා (25) බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇතැයි එහි ආරංචි පවසයි. 23 July 2017
කප්පම් ගන්න ගිය තිදෙනෙක් පොලිස් දැලේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙන් මිලදී ගත් සැමන් ටින් එකක් තුළ රබර් පටි කිහිපයක් තිබූ බව පවසමින් එම සැමන් තොග ලබා ගත් පිටකොටුව 4වැනි හරස් වීදියේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 2ක කප්පමක් ගැනීමට පැමිණි බව කියන තිදෙනකු අද (23) අත් අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසයි. 23 July 2017
මියගිය පොලිස් නිලධාරියා වෙනුවෙන් විනිසුරු හඬාවැටෙයි සිය ජීවිතය බේරා ගැනීමට දිවි දුන් පොලිස් නිලධාරියාගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු වූ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසකර් ඉල්ංචේලියන් මහතා මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට වැඳ හඩා වැළපුණේය. 23 July 2017
කෝටි 12ක ගොඩනැගිල්ල දැන් ‘පොදු වැසිකිළියක්‘ පසුගිය රජයේ ‘දැයට කිරුළ‘ වැඩ සටහන යටතේ 2013 වසරේ දී රුපියල් කෝටි 12 ක වියදමින් ආරම්භ කළ දන්කොටුව නගර රංග ශාලාව හා සම්මන්ත්රණ ශාලාවේ වැඩ අවසන් නොකිරිම නිසා එම ස්ථානය ‘සල්ලාලයන්ගේ බේබද්දයන්ගේ හා කුඩු කාරයන්ගේ තිත්පොළක්‘ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 23 July 2017
බාබුල්-තූල් මත්ද්‍රව්‍ය කිලෝ අටක් අල්ලයි බාබුල් හා තූල් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ අටක් පමණ ගාල්ල තලාපිටියේ දී අද (23) අත්අඩංගුවට ගත් බව ගාල්ල මත්ද්‍රව්‍ය දුෂණ මර්දන අංශය කියයි. 23 July 2017
කොහුබත්වලින් සැදූ තේ තොගයක් අල්ලයි කොහුබත් ඇතුළු විවිධ අපද්‍රව්‍ය යොදා සකස්කරන ලද කසල තේ කන්ටේනරයක් අපනයන කිරීම සඳහා කොළඹ වරයාට රැගෙන යමින් සිටියදී අද (23) මාවතගමදී අත්අඩංගුවට ගත් බව මාවතගම පොලිසිය කියයි. 23 July 2017
යාපන මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂකයා මිය යයි. නල්ලූර්හිදී සිදුවූ වෙඩි තැබිමෙන් තුවාල ලබා යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂකයා මිය ගිය බව පොලිසිය පවසයි. 23 July 2017
තමන් ඉලක්ක කළ වෙඩි තැබීමක් බව මහාධිකරණ විනිසුරු කියයි අද සවස 5.00 ට පමණ යාපනය නල්ලූර් කෝවිල පසුපස මාර්ගයේදී කළ වෙඩිතැබීම තමන් ඉලක්ක කරගත් සිදුවීමක් බව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා කියයි 22 July 2017
අම්බලන්තොට කුඩු රැජිණ අල්ලයි අම්බලන්තොට නගරය ඇතුළු ගම් රැසකට මත් කුඩු බෙදූ කුඩු අම්බලන්තොට කුඩු රැජිණ මත් කුඩු සහ මත් කුඩු අළවිකරන ලද මුදල් ද සමඟ අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි. 22 July 2017
යාපනය මහාධිකරණ විනිසුරුගේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තබයි අද සවස 5.00 ට පමණ යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තබා තිබේ. 22 July 2017
කැසිනෝ යන්න යතුරු පැදි ඉස්සු හතරක් සැකපිට යතුරු පැදි සහ ත්‍රීරොද රථ සොරා ගන්නා කල්ලියක සාමාජකයින් සිවු දෙනකු සොරාගත් යතුරු පැදි 12 ක් සහ ත්‍රිරෝද රථ 3 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 July 2017
කැළි කසළ ගැටලූව තවත් රජයකට ඉතුරු කරන්නේ නෑ- ජනපති මෙතෙක් කිසිදු රජයකින් විසඳුමක් නොලැබුණු මේ රටේ කැළි කසළ ගැටලූවට අනාගතයේ පත්වන කිසිදු රජයකට නැවත මුහුණදීමට සිදු නොවන අන්දමේ ස්ථීරසාර විසඳුමක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 22 July 2017
ගම්පහ රෝහලේ නවතා තිබූ ගිලන් රියේ හුළං ඇරලා ගම්පහ රෝහල් පරිශ්‍රය තුළ නවතා තිබූ ගිලන් රථයේ ටයර්වල් එහි ප්‍රධානියකුගේ කීමට ආරක්ෂක නියමකයකු විසින් හුළං ඇරිම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඒ.එල්. ෆරීඩ් මහතා පවසයි. 22 July 2017
සයිටම් විරෝධී පාගමනක් ඇරැඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලමින් වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ ශිෂ්‍ය පා ගමනක් කොළඹ නීති පීඨය අසලින් මීට සුළු මොහොතකට පෙර ගමන් ආරම්භ කළේය 22 July 2017
දැරියක අපයෝජනය කළ පහක් සැකපිට 13 හැවිරිදි දැරියක අපයෝජනය කළ තරුණයන් තිදෙනකු හා විවාහකයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 July 2017
අඟුණකෙළපැලැස්සේ බෝම්බ ප්‍රහාරයකින් 17ක් රෝහලේ අඟුණකොළපැලැස්ස වැටිය හන්දියේදී ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් අතර තුර එල්ල වූ අත් බෝම්බ ප්‍රහාරයකින් 17 දෙනකු තුවාල ලබා ඇතැයි අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි 22 July 2017
හොර බෙහෙත් ගෙන්වූයැයි 10 දෙනකුට චෝදනා පෞද්ගලික සමාගමක් හරහා ප්‍රමිතියෙන් තොර ඖෂධයක් ආනයනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු 10 දෙනකු වග උත්තරකරුවන් කරමින් බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති කොමිසම අද (21) චෝදනා පත්‍ර බාරදුන් බව එම කොමිසම කියයි. 21 July 2017
පොරොන්දු ඉටු නොකළොත් ලංකාව අවදානමේ පොරොන්දු වූ පරිදි වත්මන් ආණ්ඩුවට ප්‍රතිසංස්කරණ සිදු කරමින් සංහිඳියා ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යෑමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයකට පත්වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සහ දේශපාලන කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානි ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද (21) පැවැසීය. 21 July 2017
පෞද්ගලික විශ්ව විද්‍යාල 10 ක් වත් ඕනෑ යයි සිවාජිලිංගම් කියයි රජයේ වෛද්‍ය විද්‍යාලවලට අමතරව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 10ක් ස්ථාපිත කිරිමට රජය පියවර ගතයුතු බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පවසයි. 21 July 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026