(නිමන්ති රණසිංහ)
මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරිමේ දී මුදල් අවභාවිතා කළේ යැයි කියන සිද්ධියකට අදාළව ගෝඨභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනෙකුට ලබන සැප්තැම්බර් 7 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනාද සිල්වා මහත්මිය නොතිසී නිකුත් කළාය.
ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරිමේ දී කැබිනට් අනුමැතිය ලබාගෙන නොමැති හෙයින් ද මුදල් මිලියන 81.3ක ආසන්න මුදලක් වැයකර මුදල් අවභාවිතා කළැයි මොවුනට නඟා ඇති චෝදනාව වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම්. අවුරුදු කීයක් ගියාද මේකට.
කොහොමටත් ඡන්දෙ කිට්ටු වෙද්දී තව තව දේවල් නිසා නොතීසි එයි.
සැප්තැම්බර් කියන්නේ පෝය කීයක්ද? දැන් යන තාලෙට ඒ වෙනකොට වෙන වෙන දේවල් වෙන්නත් බැරි නැහැ. අර වහන්නේ නැති උසාවියේ අහනවා කියන සිල්ලර නඩු එතකොට අහවර වෙලා තියෙයිද?
මේවා ප්‍රමාද වෙලා හරි හොයන එක හොදයි. මේ නාස්ති කරලා තියෙන්නේ මහජන මුදල්. මේ නාස්ති කල කෝටි ගණන් මුදල් නිසා අද දුප්පත් ජනතාව අමාරුවෙන් ජීවත්වෙන්නේ. මොකද බදු පිට බදු ගහලා දැන් ජීවත්වෙන්න බැහැ.
මේ ස්මාරක වල ඉන්න කට්ටිය ගැන අහන්න ලැබුනෙත් මේ අය බලයට ආවගෙන් පස්සෙයි. කෙසේ වෙතත් දෙමව්පියන්ට සැලකීම යනු මහජන මුදල් සොරකම් කර ස්මාරක තැනීම නොවෙයි.
ගෝඨභය රාජපක්ෂ මහතාණනි ඔබලා රටට කරන ලද සේවය අනුව බලන විට ජනතාව ඔය ස්මාරක වියදම් තඹේකට මායිම් කරන්නේ නැත.
වියත් මග හරි මග කියකියා රැස්ව්ම් තියතියා යන්නේ මෙයා තරම් රාජ්‍ය පාලන ප්‍රජාතන්ත්‍රවාද හා සංවර්ධන ගැන කවුරුවත් දන්නේ නැහැ කියලා හිතාගෙන වෙන්න ඇති. නමුත් වංචාවට, දූෂණයට හා හොරකමට තමයි කප් ගහලා තියෙන්නේ.
මෙයාටද රටේ බලය දෙන්න ඕනේ? ලැජජ නැතුව ජනාධිපතිවරණයට තරඟකරන්න දඟලනවනේ...
ඉතින් අල්ලන්නකෝ.., ආණ්ඩුවේ කට්ටියත්, ඔවා දෙනු පරහට... තමා සම්මතයෙහි පිහිටා සිට කියනවනේ...
තම අම්මගේ, තාත්තගේ සොහොන් කොත ජනතා මුදලින් නැතුව තමන් සාධාරණ උපයන දෙයකින්හැදුවානම් ඒක මියගිය අම්මට, තාත්තට කරන ගෞරවයක්...
ගෝඨාතුමාට ද සිල්වා නීතිවේදියා දමා ලබන සැප්තැම්බර් 7 නඩුව ඇසීමට වැළැක්වීම සුළු දෙයක්...
බැසිල් රාජපක්ෂ පුවත්පත් සාකච්ඡාවකදී "ලබන ජනාධිපතිවරණයට රාජපක්ෂ පවුලෙන් පිට කෙනෙක් ගැන මේ දවස්වල හොයමින් ඉන්නවා" කියලා කිව්වා විතරයි... මෙන්න බොලේ තුරුම්පු ආසියාගේ පරණ නඩුවක් ඇදිලා...
පිටිගල මිලානෝ ඩී ඒ රාජපක්ෂ ගැන අහලා නැත්නම් මිලානෝ වලම තමයි ඉපදෙන්න හැදෙන්න ඇත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භය ගැන කියවන්න. තමුන් යූ එන් පී අතහැරලා විපක්ෂයට යන වෙලාවේ 'මගේ පස්සෙන් හෙවනැල්ල වගේ ආවා' කියලා බණ්ඩාරනායක අගමැතිතුමා කිව්වේ කවුරු ගැනද හොයන්න. ලංකාවේ දේශපාලන ඉතිහාසය දැනගන්න. ඔහොම ගියොත් හෙන්රි පේද්‍රිස්, ඩී. සී සේනානායක, එෆ්. ආර්. සේනානායකවත් අහලා නැහැ කියාවි. පක්ෂ භේද නැතුව රටේ ඉතිහාසය ඉගෙන ගෙන ඉන්න... කමෙන්ට්ස් දාන්න කලින්.
ඇයි බයද? ඔබේ යාලුවට මුලතිව්වල කැලෑ කපන්න නම් ලැබෙන්නේ නැත