(රංජන් කස්තුරි)
එස් ඇඹිලිපිටිය පෞද්ගලික විදුලි බලාගාරයෙන් ලබාගත් විදුලිය වෙනුවෙන් එම ආයතනයට ගෙවිය යුතුව තිබූ රුපියල් කෝටි 84 ක මුදල ගෙවීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා ලංවිම පාලනාධිකාරිය විශේෂ අවසරයක් ලබා දී තිබේ.
ඒ අනුව එම රුපියල් කෝටි 84 ක මුදල එස් - ඇඹ්ලිපිටිය ආයතනයට පෙරේදා (17) ගෙවූ බව ලංවිම පාලනාධිකාරිය සඳහන් කරයි.
ඒස් පවර් ඇඹිලිපිටිය බලාගාරයෙන් දින 22ක කාලයකදී විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 84 ක මුදලක් එම ආයතනයට ගෙවීමට තිබූ අතර ඊට ගෙවීම ලංවිම නියෝජ්‍ය සමාන්‍යධිකාරී සුජීව අබේවික්‍රම මහතා ප්‍රතික්ෂේප කළ අතර පසුව ලංවිම පාලනාධිකාරිය ඔහුගේ සේවය අත්හිටුවා තිබුණි.
මේ අතර එස් පවර් ආයතනයට මුදල් ගෙවීම සඳහා විශේෂ අවසරයක් ලබා දෙන්නැයි ලංවිම සාමාන්‍යාධිකාරී ඒ.කේ. සමරසිංහ මහතා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබිණි.
එම ලිඛීත ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා ඒ සඳහා විශේෂ අවසරය ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස් 22 කට කෝටි 84 ක්! යකෝ හෙන ගහන අපරාදයක් නේ. කාට කාටත් වාසි ඇති එහෙනම්.
බටගොඩට ලොකු වාසියක් ඇති... මම දන්නා බටගොඩයෙක් හිටියා. එයා නම් හද්ද හොරෙක් තමයි.