(නිමන්ති රණසිංහ)
එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම රාජ්‍ය උත්සවයට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ගෙන් සහ ඇමැතිවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා කතානායකවරයාගෙන් අනුමැතිය ඉල්ලා ලිපියක් යොමු කර ඇතැයි අපරාධ නිවාරණ කොට්ඨාස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කරුණු අනාවරණය කළේය.
එසේම, මෙම සිද්ධියට අදාළව තම කොට්ඨාසයේ අධ්යක්ෂවරයා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා විසින් නිතිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් නිතිපති නියෝජනයක් ලබාදෙන ලෙසට කළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර ලැබී නැතැයි ද මෙහිදී අපරාධ නිවාරණ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක අම්බරුවෙක් මෙසේ පැවසුවේය.. අනේ මට නින්ද ගිහින් හිටියේ.. එ් නිසා මම දන්නේ නැහැ... අනෙක් අම්බරුවා මෙසේ කියාගෙන ගියේය... අනේ මට මතක නැහැ... අනිත් අම්බරුවා මන්ද බුද්ධිකයෙක් ලෙස මෙසේ නන්දොඩවන්න විය.. එහෙම එකක් වුණාද ..? මම දැක්කේ නැහැනේ මම අර තනතුරට දවල් හීන බලමින් "කකුල්වල කුර" ගනිමින් හිටියේ..
විජයකලා අමතක කරන්න පෙට්‍රල් මිල වැඩිකළා.. දැන් මිනිස්සුන්ට එයාව මතක නෑ.
අන්තිමට ඕක බලන්න අාපු අයයි, ඕකට කෑගහපු අයයි වැරදිකරුවන් වෙලා තමයි නවතින්නේ...
නීතිපති උපදෙස් දෙන්නේ නැත්තේ අැයි? නීතිපතිව පත් කරන්නේ කවුද? එයා කියන විදියටද නීතිපති වැඩ කරන්නේ.. එහෙම වුනොත් මුළු නීතියම දේශපාලනීකරණය වෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව මුළුමනින්ම ස්වාධීන කරන්න ඕනේ.
ඔය සේරම ඉවරවෙලා එනකොට පෙරහැර ගිහින් ඉවර වෙලා තියේවි
කතා කිරීමේ නිදහස තියෙන්නේ ආණ්ඩුවේ හොද කියන්න විතරද? ඔය සමාජවාදී අය තරහා ධනපතිවාදී ඇමෙරිකාවෙත් ඕනදෙයක් කියන්න නිදහස තියෙනවා. කෙනෙකුට තර්ජනය කරන්න බැරි එක පමණි. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කතාකිරීමේ නිදහස නැද්ද?
අවුරුදු හතක්වත් යනකන් ප්‍රකාශ සටහන් කරගත යුතු බව ශ්‍රී ලාංකික අපේ පැතුමයි.
මොකද ඔය මිනිස්සු විජයකලාට විරුද්දව කතා කරයි කියලා හිතනවාද?
නිකන් අපිව මෝඩයන්ට අන්දවන්න හිතන්න එපා
ඔව් මම එතන සිටියා විජයකලා දෙමලෙන් කතා කලා මොනවාද කීවේ කියා මම දන්නේ නැහැ දෙමලෙන් කීව නිසා. එල්ටීටීඊ ඒක ගැන දෙමලෙන් කීවා මම හිතුවා එල්ටීටීඊ එකට බනිනවා කියලා ඉතින් මම අත්පුඩි ගැසුවා. ඔන්න දෙන උත්තරය.
අවසාන උත්තරය කවුරුත් දන්නවා. ඒත් මෙම පරීක්ෂණ සඳහා මහජනතාවගේ මුදල් නාස්ති කරන එක තමයි ප්‍රශ්ණය.