සුමතිපාල දීයගහගේ සහ ඩී ජි සුගතපාල
බෝට්ටුව අනතුරට පත්විම නිසා මුහුදේ පාවෙමින් තිබියදී ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන විත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සෝමාලියානු ජාතික ධීවරයින් තිදෙනා රටින් පිටුවහල් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ නිශාන්ත පීරිස් මහතා අද (20) නියෝග කළේය.
ශ්‍රි ලංකා මුහුදේ සිට මුහුදු සැතපුම් 107ක් ඈත මුහුදේදී ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් ගාලු වරාය වෙත ගෙන එන ලද මෙම ධිවරයින්ගේ අනතුරට පත්ව තිබූ යාත්‍රාව සහ එංජිමද මුදා හරින ලෙසද මහේස්ත්‍රාත්වරයා මෙහිදි නියෝග කළේය.
පසුගිය මැයි මස 4 වන දින සෝමාලියාවේ මොගඩිෂු වරායෙන් ඩිංගි බෝට්ටුවකින් ධීවර කටයුතු සඳහා ගොස් සිටියදී පසුගිය 4 වන දින මෙම යාත්‍රාවේ ඉන්ධන අවසන්වීම නිසා මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදාවට ලැබුණ තොරතුරක් මත නාවික හමුදාවට අයත් නන්දිමිත්‍ර යාත්‍රාව ගොස් මෙම ධීවරයින් තිදෙනා බේරා ගෙන තිබේ.
බේරා ගත් ධීවරයින් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාරගත කොට තිබූ අතර නැවත අද (20) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙසේ රටින් පිටුවහල් කිරිමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එයාලව හිරේ දන්නේ. එන්ජිම නැවතිලා තියෙන්නේ තෙල් නැතුව. එයාලා හිතාමතා කල වරදක් නෙමෙයිනේ. මෙයාලව ඒ රටේ තානාපති කාර්යාලය සම්බන්ද කරලා යවන්න තියෙන්නේ. මෙච්චර කල් මොකටද මෙහෙ නඩු අහ අහ තියාගන්නේ.
මුහුදේ සිමා නිර්ණය කිරීමට මායිම් ලකුණුකර නොමැත. අනික් කාරණය තමා බෝට්ටුවේ ඉන්දන අවසන්වීම. මොකෝ ඉන්දන හල් මුහුද මැද්දේ තියනවායෑ. මනුෂ්‍යයින් හැටියට නැවත තම රටට පිටත් කර යැවීම සුදුසුම ක්‍රියාමාර්ගයයි.