අනීෂා මානගේ
රන්භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියට විරුද්ධව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවෙහි ඉදිරි නඩු කටයුතු දෙසැම්බර් 14 වැනිදා දක්වා කල්තැබීමට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලිලාන් ටිලන්ත වරුසවිතාන මහතා අද (20) නියෝග කළේය.
2012 සිට 2016 දක්වා කාලය තුළ තංගල්ල නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක උකස් අංශයේ සේවය කරමින් සිටියදී එම බැංකුවට උකස් කර තිබූ රුපියල් 12,80,000ක් වටිනා ස්වර්ණාභරණ අතුරුදන් වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් නඩු පවරා ඇති අතර එහි විත්තිකාර පාර්ශවය වූ හෂිනි අමේන්ද්‍රා මහත්මිය වෙනුවෙන් නීතීඥ නිශාන්ත සදබරණ මහතා පෙනී සිටියේය.
අදාළ රාජ්‍ය බැංකුවට සිදුවී ඇතැයි කියන මූල්‍යමය අලාභය විත්තිකාර පාර්ශවය විසින් ගෙවා අවසන් කර ඇති නිසා නඩු කටයුතු අවසන් කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිශාන්ත සදබරණ මහතා නඩුව අද (20) කැදවූ අවස්ථාවේදී ඉල්ලා සිට තිබේ.
මෙම රන් භාණ්ඩ වංචාව රාජ්‍ය දේපලක් සම්බන්ධයෙන් සිදුවී ඇති නිසා ඒ සඳහා නීතිපති උපදෙස් ලබාගැනීමට අවශ්‍ය යැයි පැමිණිලිකාර පාර්ශවයෙන් ඉල්ලා ඇති අතර මේ හේතුවෙන් ඉදිරි නඩු කටයුතු දෙසැම්බර් 14 දින දක්වා කල්තබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්රන් බඩු නැති වෙන කන් මේ නඩුව කල් යාවි. අගතියට පත්වූ පාර්ශවයන්ට මොන තරම් අසාධාරණයක්ද? කනකර කියන්නේ බවලත්තු එදිනෙදා භාවිතා කරන දෙයක් මිසක් නඩුව හැට පනින කන් කල්ගිහින් අයිතිකාරි එක තැනට වුණාට පස්සේ ප්‍රයෝජනයක් ඇති දේවල් නෙවෙයිනේ...
පාඩුව ගෙව්වා කියලා නඩුව ඉවර කරනවා නම් අනික් අයටත් ඔය විදිහටම පාඩු ගෙවලා ගෙදර යන්න දෙන්න.
නඩුව ඉවර වෙද්දි රන් බඩුවලට ගියා වගේ දෙගුණයක් යනවා ලෝයර්ලාගේ ගාස්තුවලට.
අංගුලිමාල මිනී මැරුවාට පසුව මහණ වී රහත් භාවයට පත් වූවා සේම මෙතුමියද මුලින් සොරකම් කළාට පසුව විවාහ ජීවිතයට ඇතුලත්ව සෝවාන් ඵලයටවත් පත්ව ඇති නිසා සමාව දීම වටී...
මේක පත්තරේ දාන්න තරම් දෙයක් නෙමෙයි...
පාඩුව පියෙව්වාට මෙයාව නිදහස් කරන්න බැහැ නේද? මොකද මෙයා සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරිම කියන චෝදනාවට වරදකාරිය වෙනවා. ඒ සම්බන්ධව අධිකරණයට තීරණයක් ගන්න වේවි.
වරදේ නොබැඳෙන ලඳුන් ලොව නැත.
හොරකමක් වුණාම ලොක්කෙක් නම් පත්තරවල යන්නේ ඉහළ පෙලේ නායකයෙක් කියලා.. නමවත් කියන්නේ නැහැ.හැබැයි පොඩි මිනිහගේ හත්මුතු පරම්පරාවේ දේවල් සහ අන්තිම තීන්දුවත් ලියල තමයි නවතින්නේ.. හැබැයි ලංකාවට අදාල නැහැ....
මේක හිතාමතා කරපු කොල්ලකෑමක් නිසා දැඩි දඬුවමක් දෙන්න වෙයි. අඩුම වශයෙන් අවුරුදු 5 කට හිරබත් කන්න වෙනවා.
සොරකම වංචාව යන දේවල් වලට ලොකු පොඩි කම් කොහෙද ? බැංකුවක විශ්වාසයට තබා ගිය රත්රන් ආභරණ නැති වුනා කියන්නේ ඒ ආයතනයේ කීර්ති නාමයට බලවත් පලුද්දක්. අනෙක රටේ ලොක්කෝ හොරකම් කරනවා ඕක මොකද්ද කියලා ගෙවල් වල ඉන්න කාන්තාවන් පොඩි පොඩි සොරකම් කලාට මොකද වගේ මෝඩ කතා ලංකාවටම තමයි ගැලපෙන්නේ.
මාධ්‍යටද සදාචාරයක් තිබිය යුතුයි.