රංජන් කස්තුරි
ජනාධිපති හිටපු ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පත්කිරිම කර තිබේ.
ඔස්ටින් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස කටයුතු කළ අතර ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවකම ලේකම් ධුරයෙහි කටයුතු කර විශ්‍රාම ලැබු නිලධාරියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප අවංකවම සොයා බැලුවොත් අපගේ විදේශ තානාපති කාර්යාල දෙස වැඩිපුරම තිබෙන්නේ පතෝල මැසි නැත්නම් වැටකොළු මැසිය. ඉතාම කලාතුරකින් දඹල, ඉන්නල, කිරි අල, මුරුංගා වැනි වගාවක් දකින්නට ඇත.
ඉන්දියාවෙන් නම් අපේ රටට එවන්නේ හැම අතින්ම දක්ෂ ඕනෑම තර්කයක් තමන්ට ඕනෑ විදියට කරකවන්න දන්නා දක්ෂ ශූර හැකියාවක් තියෙන හොඳ අවදියෙන් ඉන්න මහා කොමසාරිස්ලා. අනේ මන්දා අපේ අය ගැන නම් ඉතින්...
ජනාධිපති ලේකම් තනතුරින් අයින් වුවත්, තවදුරටත් සේවය කරන්න බැරි නිසා නම් ඇයි මෙයාට ආයෙත් රක්ෂාවක් දෙන්නේ? මේ අය නැතිව මේ රට ගෙනියන්න බැරිකමක් තියනවාද?
අපේ විදේශ සම්බන්ධතා කුරුවල් වෙන්න ප්‍රධාන හේතුව තමයි විශ්‍රාම විවේක සුවය විඳින්න මෙයාලා අපේ තානාපති කාර්යාලවලට යවන එක...
මගේ අදහස.. ඉන්දියාවේ තානාපති කරන්න ඕනේ.. මුත්තයියා මුරලිදරන්ව, එංගලන්තයේ තානාපති කරන්න ඕනේ සංගක්කරව... ඇමෙරිකාවේ තානාපති කරන්න ඕනේ ක්‍රිස් නොර්නිස් මහතාව. තව ඉතාම දක්ෂ නිලධාරීන් යවන්න ඕනේ. විශේෂයෙන් බුද්ධි තොරතුරු එකතු කරන්න පුළුවන් නිලධාරීන්. මුරලිට පුළුවන් වෙන්න ඕනේ දකුණු ඉන්දියාවේ ලංකාවට පක්ෂ ජනමතයක් හදන්න. ඒ වගේම සිංහල ජාතිය සම්බන්ධයක් තියෙන නෑකම් කියන, ඊසාන දිග ඉන්දියාවේ සහ උතුරු ඉන්දියාවේ සහයෝගය ගන්න. සංගක්කාරට එංගලන්තේ හොඳ පිළිගැනීමක් තියෙනවා. ඉතින් ඔහුට පුළුවන් ලංකාව ගැන තියෙන නරක අදහස් නැතිවෙන විදියට වැඩ කරන්න. විශ්වාසයක් ඇති කරන්න. ක්‍රිස් නෝනිස් කොහොමත් දක්ෂයෙක් ඔහු ඇමෙරිකාවේ ලංකාව එන තියෙන ප්‍රතිරූපය හදාවි.
පළපුරුදු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙක්. අවංක කෙනෙක්. තානාපති සේවයට යෝග්‍යවන්නේ එවැනි නිලධාරින්. මොහුගේ සුදුසුකම් ගැන දෙවරක් සිතිය යුතු නැහැ.
පිටදේශකාරයෝ අපිට උඩ පැන පැන පහර දෙන්නේ අපගේ තානාතිපති සේවයේ තියන දුර්වලතාවයන් නිසා
මෙයා ජනාධිපති ලේකම් තනතුරින් අයින් වුනේ අසනීපයි කියලා මටනම් මතක. මෙවැනි අසනීප තියෙන අය විදේශ තනතුරුවලට දමන්නේ අපේ රට තවත් අසනීප කරන්න.