රංජන් කස්තුරි
කොළඹ නගරයේ කිලෝවොට් 132 විදුලි පද්ධතියේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ මස 25 වැනි දා සිට 31 වැනි දා දක්වා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක්ම විටින් විට විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි යැයි විදුලිබල හා පුනර්ජනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මේ මස 27 වැනි දා පෙරවරු 9 සිට පස්වරු 3දක්වා කාලය තුළ කොළඹ 3, කොළඹ 4, කොළඹ 5, කොළඹ 7 සහ කොළඹ 8 යන ප්‍රදේශවල විදුලිය විසන්ධි කර තබන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව ඉහත සඳහන් ප්‍රදේශවල මේ වස 25 වැනි දා සිට 31 වැනි දා දක්වා කඩින් කඩ විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බවද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ නම් විදුලිය සමග දුරකථන අක්‍රිය නැහැ නේද. නමුත් අවිස්සාවේල්ල ටෙලිකොම් එකෙන් දුරකතන ලබාගත් අපිටනම් විදුලිය විසන්ධි වෙනවිට දුරකතනත් විසන්ධි වෙනවා. ටෙලිකොම් එකට නම් කිව්වා හරිගියේ නැහැ මේක කාටද කියන්න ඕන දන්න කෙනෙක් කියන්න
දැන් මම කොහොමද මගේ නිසාන් ලීෆ් 2020 හරිත සංකල්පය යටතේ ගත් විදුලි කාර් එක චාර්ජ් කරගන්නේ...