(මනෝප‍්‍රිය ගුණසේකර)
නව යෞවන වයසේ පසුවු තරුණයින් තිදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පාතාල සාමාජිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා අද (20) මරණ දඬුවම් නියම කළේය.
කිසිඳු සිද්ධියකට සම්බන්ධයක් නොමැති අවුරුදු 16, 17 සහ 18 නව යෞවන වයස්වල පසුවු අහිංසකයින් බව කියන තරුණයින් තිදෙනාට මීට වසර 02කට ඉහතදී වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ බවට විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණ දඬුවම් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මරණ දඬුවම් නියම වුයේ මොහොමඞ් රවුෆ් මොහොමඞ් හිල්මි හෙවත් ගමා නැමැත්තාටය.
මෙම විත්තිකරු සමගම චෝදනා ලැබ සිටි මොහොමඞ් සාදික් මොහොමඞ් අන්දාම් නමැති විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා ඔහු නිදොස් කොට නිදහස් කළේය.
2006 නොවැම්බර් මස 02 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී යෞවන වයස්වල පසුවු තරුණයින් තිදෙනකුට වෙඩි තබා ඔවුන්ගේ මරණ සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පාතාල සමාජිකයින් බව කියන විත්තිකරුවන් ඔවුන්ගේ විරුද්ධවාදීයකු ඝාතනය කිරීම සඳහා ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇති බවත් ඒ අවස්ථාවේදී විරුද්ධවාදීයා ඒ අසල තිබු ආවරණයකට මුවා වීම නිසා ඔහු වෙඩි පහරවලින් ගැලවී ඇති බවත් ඒ අසල සිටි නව යෞවන වයස්වල පසුවු අහිංසකයින් බව කියන තරුණයින් තිදෙනාට වෙඩි වැදී එතැනදීම මියගොස් ඇති බවත් නඩු විභාගයේදී හෙළි විය.
ඉදිරිපත් වු සාක්කි අනුව එක් විත්තිකරුවකුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් ෂාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කරමින් ඔහු නිදහස් කළ විනිසුරුවරයා මොහොමඞ් රවුෆ් මොහොමඩ් හිල්මි හෙවත් ගමා නමැති විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් ඔහුට මරණීය දඬුවම් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මුලින් පටන් ගන්නේ නැතිව අගින් පටන් අරන් ඉස්සර වෙලාම මෙයාගේ මරණ දඬුවම ක්‍රියාත්මක කරමු.
උසාවියෙන් මරණ දඬුවම දුන්නට පස්සේ ඒක ක්‍රියාත්මක කරන්න නීති විශාරදයෙක් නොවන ජනාධිපති ගාවාගන්නේ මොන එහෙකටද?
මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මොකටද ඕක දුන්නා කියලා ප්‍රකාශ කරන්නේ?
සනත් - සහතික ඇත්ත. ජීවිතාන්තය දක්වා හෝ අවරුදු කිහිපයකට රක්ෂිත බන්ධනාගාර කල බව පැවසුවානම් ඉවරනේ.
නඩුකාර හාමුදුරුවනේ නොකෙරෙන දඩුවමක් ගැන කතා කරන්නේ නැතිව ඔන්න ඔය අහිංසකයව නිදහස් කරලා දාන්න.
සහතික ඇත්ත... රටේ නොකෙරෙන දඬුවමක් ගැන කතා කරනවට වඩා හොඳයි දෙන්න පුළුවන් දඬුවමක් ගැන කියන එක...