ටී.කේ.ජී.කපිල
රුපියල් එක් කෝටි අනූ පන් ලක්ෂයක් ක් වටිනා රන් බිස්කට් 28 ක් කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ වතුර ෆිල්ටරයක් පිටුපස විසිකර දමා තිබූ දුම්වැටි පෙට්ටි දෙකක් තුළ තිබී සොයාගෙන ඇතැයි රේගුව කියයි.
තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයින් විසින් සොයා ගනු ලැබූ එම තොගය රේගු නිලධාරීන්ට භාර දී ඇත.
සේවකයෙකු ජලය පානය කිරීම සඳහා අසල තිබූ වතුර ෆිල්ටරය වෙත ගොස් තිබේ . එහිදී එම ෆිල්ටරය පිටුපස තිබූ දුම්වැටි පැකට් දෙකක් දැක , එයට පා පහරක් එල්ල කර බලද්දී , ඒවා තුළ බරැති යමක් ඇති බව වැටහීමෙන් පසු එය විවෘත කර බලා රේගුවට දැනුම් දුන් බව රේගු ප්‍රකාශකයෙක් පැවසීය.
රන් බිස්කට් තොගයේ බර කිලෝ ග්‍රෑම් තුනකට වැඩි බව රේගුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව සෞභාග්‍යයෙන් උතුරන බවට තවත් සාධකයක්. අපේ රටේ නිකම් සිගරට් පෙට්ටියකට පයින් ගැහුවත් රත්තරන් විසිවෙනවා.
සේවකයා රත්තරන් මෙන් රේගු නිලධාරිනුත් රත්තරන් වුණා නම් තමයි හොඳ.
මේක ලස්සන පටන්ගැනීමක්. නීතියට පන එනකොට හොරබඩු මේ විදිහට සොයාගන්න ලැබෙනවා. තව ටිකක් හොඳින් නීතිය ක්‍රියාත්මක උනොත්, හොරුත් මේ විදිහටම ඇවිත් නීතියට බාර වෙයි .
කව්රු උනත් අවංක සේවකයෙක්. මොහුට අපගේ ප්‍රණාමය.