ඔගස්ටින් ප්‍රනාන්දු සහ ජූඩ් සමන්ත
රුපියල් 1000 හොර නෝට්ටු තුනක්, ඒවා මුද්‍රණය කිරීමට යොදා ගත්තේයැයි සැකකෙරෙන උපකරණ ද සමඟ හිමි නමක් (27) හලවාතදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හලාවත රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකුගේ සුව දුක් බැලිමට පැමිණි බව කියන මෙම භික්ෂුව රෝහල ඉදිරිපිස ඇති වෙළඳසැල් දෙකකට ගොස් රුපියල් 1000 නෝට්ටු දෙකක් දී කිසියම් භාණ්ඩයක් මිල දී ගැනිමට ගිය අවස්ථාවේ වෙළද සැල් හිමියන්ට නෝට්ටු සම්බන්ධයෙන් ඇති වූ සැකයෙන් එම හිමි නම හා නෝට්ටු දෙක හලාවත රෝහල් පොලිසිය වෙත බාර දි ඇති අතර පසුව භික්ෂුව පරීක්ෂා කිරිමේ දී තවත් නෝට්ටුවක් තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.
එම හිමියන් තාවකාලිකව වැඩ වාසය කළ විහාරස්ථානයට ගොස් පරීක්ෂා කිරිමේ මුද්‍රණ යන්ද්රයක්, නෝට්ටු මුද්‍රණය කිරීමට යොදා ගත් පත්‍රිකා තොගයක් ද සොයා ගත් බව පොලිසිය කියයි.
මෙම හිමි නම ප්‍රදේශයේ තරුණයකු සමඟ එක්ව හොර නොට්ටු මුද්‍රණය කර ඇති බව මූලික විමර්ශනයේ දී අනාවරණය වූ බවත්, එම තරුණයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං හිතන්නේ මෙහෙම කෙනෙක් ඔය අහු වුනාමයි.
දෙවියනේ මොකද මේ ශ්‍රී ලංකාවට වුනේ? අනාගත දරුවෝ ලංකාවේ ජිවත් වෙන්නේ කොහොමද?
දෙයි හාමුදුරුවනේ. මොකද්ද මේ අපේ සංඝ ශාසනයට වෙලා තියෙන්නේ? බුද්ධ සාසන අමාත්‍යාංශය සහ මහනායක ස්වාමින් වහන්සේලා එකතුව භික්ෂුන් වහන්සේලා අතර මේ ඇතිවී තිබෙන විනාශකාරී පරිහානිය නැවත්වීමට කටයුතු නොකලොත් ශාසනයක් පඬු හැලියත් දෙකම කම්මුතුයි. වෙන ආගම් අදහන අයට බැනලා වැඩක් නැහැ. අපේ වල අපිමයි කපාගෙන යන්නේ. දවසට එකගානේ අහන්න ලැබෙන ආරංචි අනුව දැන් උනත් ප්‍රමාද වැඩිද කියන්නත් බැහැ. ධර්මය වෙනුවට රස්සාවල් බලාපොරොත්තුව අධ්‍යාපනය හැදෑරීම තමා මේ පරිහානියේ මුල.
ශාසනයට වෙච්ච දෙයක්. ”යොමා බුදු නෙත කුලුනිනේ, වඩිනු මැන නිදුකානනේ”
සිංහල බෞද්ධ රටට ගිය කලක්.
මුදල් වලට ජීවිතයටත් වැඩි වටිනාකමක් ආරෝපණය කරලා තියෙන සමාජයක ජීවත්වෙන හැමෝම මෝහන්ධකාරයෙන් පෙලෙනබවට හොඳම උදාහරණයක් තමයි මේක.
බෞද්ධ භික්ෂුන්ට රජයේ රැකියා දීම වහාම අත්හිටුවිය යුතුය. සංඝ සාසනය රැකගැනීමේ කාර්යයට මහනායක හිමිවරු පෙරමුණ ගත යුතුය.
ප්රින්ටරුයි කොලයි ඕනෙම පන්සලක තියෙනවා.
මහා නායක හිමිවරුන් සෘජුව ඉන්නවා නම් මේ වගේ තත්ත්ව ඇති වෙන්නේ නෑ නේද. අද හාමුදුරුවරු කොයි තරම් විනය විරෝධී ක්‍රියාකාරකම් වල නියැලෙනවද. ඇයි ඒ ගැන සොයා නොබලන්නේ?
බුද්ධ චීවරය සියලුම යහපත් මානව ධර්මතාවල ජීවමාන සංකේතය ලෙස සලකන බෞද්ධ ජනයාගේ හදවත් සසල කරන පුවතකි මේ. වත්මන් සමාජ රටාව තුළ භික්ෂු ජීවිතය කෙතරම් අවදානම් තත්වයකට මුහුණපා සිටීද යන්න මෙම සිද්ධිය පෙන්වා දෙයි. දේශපාලනික, සාමාජික සහ පරිසරාත්මක වශයෙන් අවුල් සහගත තත්වයක් පවතින ලෝකයක මිනිස් සංහතියේ පැවැත්ම සම්බන්ධයෙන් විවෘත ප්‍රශ්නයක් අප හමුවේ ඇත්තේ තෝරා ගැනීමට මාවත් දෙකක් ඉතිරි කරමිනි. එනම් ම්ලේච්ඡත්වය තෙක් පසුපසට හෝ යහපත් මානවයන්ගේ රාජ්‍ය පාලනයක් දක්වා ඉදිරියට යාමයි. ස්වාර්ථය අරමුණු කරගත් භෞතික සමාජයෙන් ඔබ්බට ගිය භික්ෂුවක විසින් ඇදහිය නොහැකි තරම් පහත් හා වංචාකාරී වටපිටාවක් සකස් කරගැනීම ජාතියේම අවාසනාවකි. මන්දයත් හොරකම, වංචාව ප්රබලව තහවුරු වී ඇති තත්වයන් යටතේ මිනිසුන් සිතන්නේ කුමක්ද? මිනිසුන් විශ්වාස කරන්නේ කවුද? ඔවුන් බියවන්නේ එලොවටද? මෙලොවටද? මිනිසුන් පිළිගත යුත්තේ කවර දහමක්ද?
ඇත්ත කියවෙන කොට කොහොමද ප්‍රතිචාර වැඩියෙන් වැටිලා තියෙන හැටි? හානේ රටකට ගිය කලක්...
බොහෝ දෙනෙක් හූල්ලනවා සඟ සාසනයට මොකක්ද මේ වෙන්නේ කියලා. මුකුත් වෙන්නේ නැහැ.. එකම දේ තමයි හොරු සිවුරක් පොරවාගෙන හොර වැඩ කරන එක... හෙට අනිද්දාට කුඩු ජාවාරමටත් සිවුර භාවිතා වෙයි.