( ඩී.කේ.රත්න)
වැලිමඩ නගරයේදී හෙරොයින් ළඟ තබා ගෙන සිටි පොලිස් නිළධාරියෙකු හෙරොයින් මිලිග්රෑම් තුන්දහස් හත්සිය අසූවක් සමඟ අද (20) උදෑසන අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි.
නුවරඑළිය පොලීසියට අනුයුක්තව සේවයේ යෙදී සිටින වැලිමඩ මිරහවත්ත කොස්ගහඅරාව පදිංචි පොලිස් නිළධාරියෙකු මෙසේ හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
වැලිමඩ නගරයේ හෙරොයින් අලෙවි කිරීමේ යෙදී සිටින බවට වැලිමඩ පොලීසියට ලැබුණු තොරතුරක් අනුව වැලිමඩ පොලීසියේ නිළධාරීන් පිරිසක් විසින් සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී හෙරොයින් සමඟ මෙම පොලිස් නිළධාරියා පොලීසියට කොටුවී තිබේ.
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්.හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ වැලිමඩ පොලීසියේ නිළධාරීහු පිරිසක් මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සීය පනස් ජාතක -පොතෙහි දැක්වෙන කනමෙර ජාතකය කතාවේ දී බෝධිසත්වයෝද හොරෙක් ලෙස අර්ථ දැක්වෙයි.
මේ නීතිය රකින අය. ඉතින් මෙයාවත් එල්ලුම් ගහට යවන්න
ඔය ඉතින් අහිංසකයෙකුගේ මල්ලකට දාලා හිරේ යවන්නනේ
අහෝ දෙවියනි, කුඩු අල්ලන්නෝ කුඩු විකුණති, නීතිය රකින්නෝ නීතිය කඩති, යුක්තිය පසිඳලන්නෝ යුක්තිය ඉටු නොකරති. දෙවියනි, අපට පිහිට වුව මැනව!