රයන් ජයලත් අල්ලන්න පොලිසිය ඕපීඒ ශාලාව වටලයි වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සිසුවා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ අවස්ථාවේ විද්වත් වෘතිකයින්ගේ සංගම් ශාලාව වටකර ඇත. 20 July 2017
අභ්‍යාවකාශයේ සැරිසරන්න ජීවිතය උගසට තියන්න වේවි ස්පේස් එක්ස් මෙගා රොක්ට්ටුවෙන් අභ්‍යවකාශ පෞද්ගලික සංචාරයේ යෙදන පළමු මගී කණ්ඩායම නිර්භීත වන ලෙසත් සමාරම්භක යානය විනාශයකින් අවසන්වීමට අවස්ථාව වැඩිබවත් ස්පේස් එක්ස් නිර්මාතෘ ඇලන් මස්ක් මහතා අනතුරු අඟවයි. 20 July 2017
අංගොඩ ලොක්කාගේ ගෝලයෙකුට ගොතටුවේදී වෙඩි අංගොඩ ලොක්කාගේ ගෝලයකු ගමන් ගත් බව කියන ජිප් රථයකට ගොතටුව අයිඩීඑච් හන්දියේදී අද(20) වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි. ඉදිරිපස අංක තහඩු නොමැති සහ පිටුපස අංක තහඩුවලට කාඩ්බෝඩ්වලින් වැසූ යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි ද ගොතටුව පොලිසිය කියයි. 20 July 2017
විදුලි ඉංජිනේරු සේවකයින්ට පහර දුන්නැයි විරෝධතා අඹතලේ ප්‍රදේශයේ විදුලිබිල නොගෙවු ටයර් අලෙවිසලක විදුලිය විසන්ධි කිරීමට ගිය බව කියන ශ්‍රී ජයවර්ධනපුර විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවකයින් දෙදෙනකුට එම අලෙවිසලේ හිමිකරු පහර දුන්නැයි විරෝධය පළකරමින් ශ්‍රී ජයවර්ධනපුර විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවකයෝ පිරිසක් අද (20) එම කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ. 20 July 2017
“අපේ වැඩේ අපි හරියට කළා“ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සකස් කළ පාරිසරික ඇගයීම් වාර්තාව විද්වත් කමිටුවක් මගින් තාක්ෂණිකව ක්‍රියාවලියකට යටත්ව ඉතා නිවැරදිව සකස් කළ බවට ඉතා වගකීම් සහගතව ප්‍රකාශ කරන බව එම වාර්තාව සකස් කිරීමට දායකවූ විද්වත් කමිටුවේ සාමාජිකයෝ පවසති. එවැනි ව්‍යාපෘතියක් සඳහා සකස් කළ පාරිසරික වාර්තාව අනුමත වූ පසුව ඊට අනුව අනෙකුත් 20 July 2017
පෘථිවිය ‘ප්ලාස්ටික් ග්‍රහයා‘ වෙයි? මෙතෙක් ලෝකයේ නිෂ්පාදනය කර ඇති සමස්ථ ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් බිලියන 8.3ක් පමණ වන බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් කරනු ලැබූ සමීක්ෂණයකින් හෙළි වි තිබේ. 20 July 2017
’ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සම්පාදකයෙන් ඉවත් විය යුතුයි’ මහනායක හිමිවරුන්ගේ අනුශාසනාවට හිස නමා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් වහා ඉවත් වන්නැයි ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කළේය. 20 July 2017
ගාල්ලෙන් මී උණ රෝගීන් 101 ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් 2017 වර්ෂයේ ජුනි මාසය වනවිට මී උණ රෝගීන් 101ක් වාර්තා වී ඇති බවත් රෝගීන් 04 දෙනකු මේ වන විට මියගොස් ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. පාලිත විජේසේන මහතා පවසයි. 20 July 2017
ශ්‍රී ලංකාවේ ඩෙංගු මඩින්න ඕස්ට්‍රේලියාවේ සහාය ශ්‍රී ලංකාවේ බරපතල ලෙස පැතිර යන ඩෙංගු රෝගය මැඩලීමට ඕස්ට්‍රේලියා රජය ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා සහයෝගය ලබාදෙන බව ඕස්ට්‍රේලියා විදේශ ඇමැතිනී ජූලි බිෂොප් මහත්මිය අද(20) ප්‍රකාශ කර සිටියාය. 20 July 2017
අගමැති ඕස්ට්‍රේලියා විදෙස් ඇමැති හමුවක් දෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණි ඕස්ටේ්රලියා විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් මහත්මිය අද (20)අරලියගහ මන්දිරයේ දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 20 July 2017
උමා ඔය නතර නොකරන්නැයි ජනපතිට ඉල්ලීමක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිර්ඝ කාලයක සිට පවතින ජල ගැටළුවට විසඳුමක් ලෙස ඇරැඹි උමා ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නතර නොකරන ලෙසට හම්බන්තොට දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානය ජනපතිවරයාගෙන් ඉල්ලා සිටී. 20 July 2017
පිරිමි දරුවකුට අතවර කළැයි අයෙක් සිරගෙට වයස අවුරුදු 10ක් වු පිරිමි දරුවකු බරපතල ලෙස ලිංගික අපයෝජනය කළැයි 39 හැවිරිදි පුද්ගලයකුට බර වැඩ සහිත වසර 14ක සිර දඩුවම් නියම කරන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු අජිත් එම්ගමාසිංහ මහතා අද (20) නියෝග කළේය. 20 July 2017
ජගත් නියෝජ්‍ය ලේකම් අගමැති හමුවෙයි මෙරට සංචාරයේ යෙදි සිටින එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද (20) අරලිය ගහ මන්දිරයේදි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. එම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත උනා මැකෝලි මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ. 20 July 2017
මුතුරාජවෙලට කුණු දැමීමේ අතුරු තහනම දීර්ඝ කරයි මුතුරාජවෙළ අභය භූමියට කුණු බැහැර කිරීම හෝ කුමන ආකාරයේ කසල එකතු කිරීමෙන් කොළඹ මහනගර සභාව ඇතුළු බලධාරීන් වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 25 වැනිදා තෙක් දීර්ඝ කීරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කළේය. 20 July 2017
දෙවැනි ජාතික රෝහල මහනුවරට මහනුවර මහ රෝහල සංවර්ධනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ දෙවැනි ජාතික රෝහල ලෙස ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි. 20 July 2017
වත්කම් හෙළි නොකළැයි සරණට දෙදහසක දඩ සිය වත්කම් බැරකම් ප්‍රකාශ වසර දෙකකට අදාලව ඉදිරිපත් නොකළැයි කියන සිද්ධියකට වරද පිළිගත් සරණ ගුණවර්ධන මහතාට රුපියල් දෙදහසක දඩයක් නියම කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා නියෝග කළේය. 20 July 2017
ඇමෙරිකාව-රුසියාව අතර උණුසුම් වාග් සටනක් උතුරු කොරියාව ඉකුත් දා අත්හදා බලන ලද්දේ මොනයම් වර්ගයේ මිසයිලයක් ද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ඇමෙරිකාව හා රුසියාව අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ. 20 July 2017
හම්බන්තොට වෛද්‍යවරු වැඩ වරති ස්ථිර දිස්ත්‍රික් සෞඛ්‍යසේවා අධ්යක්ෂවරයකු කඩිනමින් හම්බන්තොට දිස්ත්‍රික්කයට පත් කරන ලෙස ඉල්ලා එම දිස්ත්‍රික්කයේ සියළුම රජයේ රෝහල් හා සෞඛ්‍ය සේවා ආයතනවල වෛද්‍යවරුන් අද (20) වැඩ වර්ජනයක නිරතව සිටින බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලේකම් වෛද්‍ය අනුර ජයසේකර මහතා කීය. 20 July 2017
කොකේන් සිද්ධියට සැකපිට 7ක් අත්අඩංගුවට රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයට ආ සීනි කන්ටේනරයක තිබී ඊයේ(19) සවස සොයාගනු ලැබූ කොකේන් වල මුළු බර කිලෝ 218 ග්‍රෑම් 600ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 20 July 2017
විද්‍යාගේ සිරුර දැක එස්.අයි කම්පා වෙයි යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ ස්විස්කුමාර් නැමැත්තා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සාක්කි නැති බව කියමින් ප්‍රකාශ සටහන් කරගැනීමක් පමණක් කර මුදාහැර ඇති බවත් එසේ කර ඇත්තේ උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ උපදෙසින් යැයි යාපනය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් හා පැවසූ බවත් යාපනය කොට්ඨාස බාරව කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් වීරසේකර මහතා විශේෂ තිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිර 20 July 2017
යාපන සරසවියේ විද්‍යා පීඨ සිසුහු පන්ති වර්ජනයක යාපනය සරසවියේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සියලු සිසුහු අද (20) පංති වර්ජනයක නිරත වෙති. 20 July 2017
‘ස්විස් කුමාර් පොලිසියට ගෙන ආවේ වෙනත් පැමිණිල්ලකට‘ යාපනය මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක ශ්රීගජන් ස්විස් කුමාර් නැමැත්තාව පොලිසියට ගෙන රැගෙන ආවේ ඝාතන සිද්ධියට අදාල සැකකරුවෙකු වශයෙන් නොවන බවත් ස්විස්කුමාර් නැමැත්තා පහරකෑමේ සිද්ධියක් ගැන පැමිණිල්ලක් පමණක් සිදුකළ බවත් හිටපු යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් බාලසූරිය මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්කි දෙමින් අද(19) පැවසීය. 19 July 2017
‘මා දුටු බරපතලම අධිකරණ අපහාසය කළේ ඥානසාර හිමි‘ - මහේස්ත්‍රාත් රංග දිසානායක හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඥානසාර හිමි බලහත්කාරයෙන් පැමිණ ප්‍රකාශයක් කර පිටවීම මහේස්ත්රාත්වරයෙකු ලෙස තම සේවා කාලයේ තමා දුටු අධිකරණයට අපහාස කිරීමේ බරපතලම සිද්ධිය යැයි හෝමාගම හිටපු මහේස්ත්‍රාත් සහ වත්මන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19) අභියාචනාධිකරණය හමුවේ සාක්කි දෙමින් පැවසීය. 19 July 2017
ඩෙංගු මර්දනයට හදිසි නීතිය ඩෙංගු මර්දනය කිරීම සඳහා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 19 July 2017
කොටුව දුම්රියපොළ අසලදී දුම්රියක් පීලි පනී කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ආ නගරාන්තර දුම්රිය කොටුව දුම්රියපොළ අසලදී පීලි පැන ඇතැයි දුම්රිය ආරංචි පවසයි. 19 July 2017
රොෂාන් රණසිංහ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්වෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිත්වයෙන් ඉවත්වන බව අද(19) පැවසීය. 19 July 2017
සීනි කන්ටේනරයෙන් කොකේන් කිලෝ 160ක් හමුවෙයි සතොස මගින් පෞද්ගලික සමාගමක් හරහා මෙරටට ගෙන්වන ලද සීනි කන්ටේනරයක් තුළ සඟවා තිබු කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 160 ක තොගයක් අද (19) පස්වරුවේ සොයාගෙන ඇතැයි පොලිසිය කියයි. 19 July 2017
ඊළඟ ජනපතිවරණයෙත් ශ්‍රීලනිප අපේක්ෂකයා මෛත්‍රීමයි - ඉසුර ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් 18 දෙනෙකු ඉවත්වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අය ද එක්කරගෙන පක්ෂයේ මන්ත්‍රීවරුන් 95 දෙනා ලෙස ඒකරාශීවීම සඳහා විය හැකි බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය. 19 July 2017
ඕසෝන් ස්ථරයට හානි කරන භාණ්ඩ ආනයනය තහනම් ශීතකරණ, වායු සමන යන්ත්‍ර ඇතුළු මොන්ට්‍රියල් සම්මුතියේ සඳහන් ඕසෝන් ප්‍රහීනකාරක සහිත උපකරණ කාණ්ඩයට අයත් භාවිත කළ හෝ අලුත්වැඩියා කළ උපකරණ ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 19 July 2017
“සාක්කි සඟවන්නැයි ඇලෝසියස් ඉල්ලූවා“ බැඳුම්කර කොමිසමේ ඉදිරි සති දෙක තීරණාත්මක බැවින් වැදගත්ම තොරතුරු හා සාක්කි සඟවන්නැයි අර්ජුන ඇලෝසියස් මහතා තමන්ට පැවසූ බව පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික ගැණුම්කරණ ඒකකයේ සාමාන්‍යාධිකාරී අරුණ බෙනඩික් ඩයස් මහතා පැවසීය. පසුගිය තුන් වැනි දා තමා අර්ජුන ඇලෝසියස් මහතා හමුවීමට ගිය අවස්ථාවේ එසේ කී බවද ඩයස් මහතා කීවේය. ඔහු මේ බව කීවේ බැඳුම්කර කොමිසම හමුවේ අද (19) සාක්කි දෙමිනි. 19 July 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026