(නිමන්ති රණසිංහ)
රගර් ක්‍රිඩක මොහොමඩ් තාජුඩීන් ඝාතනය වු හැව්ලොක් මාර්ගයේ ඇති නිවාස වල සවිකර තිබූ සි සි ටි වි කැමරා දර්ශන සහිත ඩි වි ඩි තැටි දෙකක් පරිගණක හදිසි ප්‍රතිචාර සංසද ඒකකයේ විධායක නිලධාරී ලාල් ඩයස් මහතා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේය.
මරණකරුගේ සොහොයුරිය වු ෆතීමා අයේෂා තාජුඩීන් යන අය විසින් ඉකුත් වසරේ ජුලි මස 08 වැනිදා තමන් වෙත ලබාදුන් සිද්ධියට අදාළ මෙම ඩි වි ඩි තැටි පරිගණක හදිසි ප්‍රතිචාර සංසද ඒකකය වෙත යොමු කර වාර්තාවක් කැඳැවීමට අවශ්‍ය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලැකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය සිදු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය CCTV එක බලල බලලාම මැකිලා ඇති. කී පාරක් බැලුවද ඉතින්...
පච අහලම එපා වෙලා. හැම කෙනාම කියන්නේ අපි ආපු ගමන් මිනීමරුවන්ට, හොරුන්ට නිසි දඬුවම් ලබා දෙනවා කියලා මතක තියන කාලේ ඉඳන්ම අපිත් මේ තක්කඩින්ට ඡන්දෙ දෙනවා... හිරේට ගිය කවුරුවත් නෑ.
අනේද කියන්නේ?
අනේද කියන්නේ? ඕකත් ඉතින් ඇතුලේ හිස් කියයි. සහෝදර සමාගමේ පුතෙක් කළා කියලා හොඳටම දන්නවනේ... අැයි තවත් බලාගෙන ඉන්නේ....? කොහෙද අපිට ඉන්නේ කොන්ද පණ නැති නායකයෙක්නේ... ඔන්න ඕක සහෝදර සමාගමේ කෙනෙකුට වුණානම් සුදු වෑන් එකක් ඇවිත් අරන් ගියා කියයි.
නළුවෝ රගපානවා අපි අත්පොලසන් දිදී බලාගෙන ඉන්නවා. නාට්‍යය ඉවර වෙන පාටක් නැහැ. පත්තරෙන්, උසාවියෙන් හිද හිට පොඩි ඇඩ් එකක් දානවා. අපි මේ පාට පාට ඇඩ් එකට රැවටිලා ඔහේ බලන් ඉන්නවා. තාජුඩීන් නැගිටලා එනකන් ඉන්නවා වුන දේ ගැන කියන්න. මෙහෙමත් කාලය හා මුදල් නාස්ති කරන රටක්.
ඡන්දයක් ලග එන හැඩයිනේ
මේ පාලකයින්ට රට වෙනුවෙන් වැඩක් කරන්නට බැරි බව පෙනේ. විකාර බොරු කියමින් දේශපාලනය කිරීම නින්දිතය......
ඡන්දේ ලඟයි... මෙනවාහරි පෙන්වන්න එපැයි..... වෙන මොනවා කලා කියලා පෙන්නන්ද?
ඡන්දයක් ළගයිද.?