ඩයනා උදයංගනී
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් බී.ජී.එස් ගුණතිලක මහත්මිය පත් කරනු ලැබ සිටී.
ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (18) සිය ධූරයේ වැඩ භාරගත්තාය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක සුගතදාස මහතා ඊයේ (17) විශ‍්‍රාම ගිය බැවින් මෙම පත්වීම සිදුකර තිබේ.
හොරණ තක්ෂිලා මධ්‍යම මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය කැලණිය විශ්ව විද්‍යාලයෙන් උද්භිද විද්‍යා විශේෂවේදී උපාධියත්, කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියත් ලැබ ගුරු වෘත්තීයට පිවිස ඇති අතර රාජ්‍ය පරිපාලන සේවයට එක් ව ඇත්තේ ඉන් පසු 1987 වසරේ දීය.
සහකාර කොමසාරිස්වරියක ලෙස කම්කරු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව,රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ආදී ආයතනවල සේවය කර ඇති ඇය පසුව කළුතර ප‍්‍රාදේශීය ලේකම්, කළුතර අතිරේක දිස්ත‍්‍රික් ලේකම්, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධූරයන් ද හොබවා ඇති අතර 2016 වසරේ සිට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන තනතුර ද හොබවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිනිය, බොහොම කචල් අමාත්‍යාංශයක්, කචල් ඇමතියෙක්, කචල් ආණ්ඩුවක්, කචල් විපක්ෂයක් සහ කචල් වෘත්තීය සමිති ගොන්නක්. ප්‍රවේශමෙන්!
දැන් ටික ටික ගැහැණු, පිරිමි අනුපාතය සමාන වේගෙන එනවා වගෙයි.
මහී, කිසිම වැඩකට ඔය අමාත්‍යාංශය පැත්තේ යන්න එපා අසනීපයකටවත්... ෆුල් කචල් නේ...
අයියෝ මේ වගේ තැනක් තවත් අනන්නද හදන්නේ...?