මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වනු ඇති බව යුරෝපා සංගමය අනතුරු අඟවා ඇත.
වසර 42 කට පසු ශ්‍රී ලංකාව නැවත වරක් මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජී.එස්.පී ප්ලස් ඇතුළු වෙළෙඳ සහන අහිමි වනු ඇති බවට යුරෝපා සංගම් රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර ඇත.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා යුරෝපා සංගමයත් බිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, කැනඩාව, සහ නෝර්වේ යන රටවල්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගියදා ලිපියක් යවා තිබිණි.
ජී.එස්.පී ප්ලස් සහනය යනු මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර ප්‍රඥප්තීන්වලට අනුව කටයුතු කරන සංවර්ධනය වෙමින් පවතින රටවලට යුරෝපා සංගමය ලබාදෙන තීරුබදු සහනයකි. මානව හිමිකම් කඩකිරීම ඇතුළු චෝදනා කිහිපයක් නිසා 2010 දී ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වූ අතර නව රජය බලයට පත්වීමෙන් පසුව එය නැවත ස්ථාපිත කරන ලද්දේ පසුගිය වසරේ මැයි මාසයේදීය.
ජී.එස්.පී ප්ලස් වෙළෙඳ සහනය නිසා ශ්‍රී ලංකාව වාර්ෂිකව ආසන්න වශයෙන් යූරෝ මිලියන 300ක (එක්සත් ජනපද ඩොලර් මිලියන 350)ක ප්‍රතිලාභයක් හිමිවන බව යුරෝපා සංගම් රාජ්‍ය තාන්ත්‍රිකයෝ පවසති.
ඒ.එෆ්.පී
(055)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට මෙන්ම අනාගත පරපුර විනාශ කරන කාලකන්නින්ට කන්න දිදී තියාගන්න. එතකොට ජී.එස්.පී ප්ලස් නමැති කැරට් අල දෙන්නම්... මේ නිවට සංවිධාන මොනතරම් බලවත් විදියට අනිත් රටක අභ්‍යන්තරයට ඇඟිලි ගසනවාද? අපි බලමු දියවන්නා ඔයේ අම්බරුවන් රෑන තම තමන්ගේ පතෝල, වැටකොළු කොඳුඇට ශක්තිය සමග මොකද කියන්නේ කියලා? මෙන්න ලක් වැසියන් හට ලැබෙන තවත් මහඟු අවස්ථාවක්... අම්බරුවන්ගේ කොඳු පිළිබඳව නිසි ඇගයීමක් ගැනීමට...
කුඩුද? ජී.එස්.පී ප්ලස්ද? අවශ්‍ය ජී.එස්.පී ප්ලස් එකෙන් වාර්ෂිකව යූරෝ මිලියන 300 ක්ද, නැත්නම් රටේ ජීවනාලිය බඳු තරුණ පරපුර රැකගැනීමද?
මිනිසුන්ට ඇඟ පිරෙන්න ඇඳුමක් වත් අඳින්න නිදහස දෙන්නේ නැති ඔය රටවල් මේ ලෝකේ ශිෂ්ඨ සම්පන්න සමාජයක් ගොඩනගන්න කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ...
ජී.ඒ.පී. එක බේරගෙන අනාගත පරපුරම විනාශ කරගන්න වෙන්නේ... ඔය ලොකු ලොකු රටවල් වලට ඕනේ මේ රට විනාශ කරන්නයි.
ඔය කට්ටියට විරුද්ධ වෙන්න ගිහිල්ලා තමයි මහින්ද මහත්තයට ගෙදර යන්න වුනේ... ඒක තමයි ඇත්ත. තමුන්නාන්සේලා බලේට ආවේ හතර වටේටම යස් කියාගෙනනේ.. දැන් ඉතින් මොනවා කරන්නද? කුඩු කාරයෝ මරලා ගෙදර යනවද? නැත්තම් රට කුඩු කාරයින්ට දීලා බලේ ඉන්නවද? ගන්නකෝ තීරනේ බලන්න.
ඇස්බැස්ටෝස් තහනම අයින්කරගත්තා වගේ මේකත් අයින්කරගෙන පස්සේ කියයි මම එක කෝල් එකයි දුන්නේ ජීඑස්පී සහනය දුන්නා කියලා..
අැමෙරිකාව අපිට ආදරේට නෙමේ මරණ දඬුවම එපා කියන්නේ... එයාලගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පාඩු වෙනවටයි.
මම මේ උත්සවයක කරපු පොඩි කතාවක් අල්ලගෙන ඒක විකෘති කරලා පල කරලා හිටං.. හිරකාරයෝත් අපේ දරුවෝ තමයි .. අනික මොවුන් හිරකාරයෝ වුනේ මේ අයගේ වැරැදි නිසා.. මේ ඉස්සරහට ඇහෙන කතා
මේ ප්‍රශ්න ඔක්කොටම මුල භාන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහල සිට පහලම නිලධාරියා දක්වා කුඩුකාරයන් සහ බන්ධනාගාරයේ සිටින අනෙකුත් අපරාධකාරයන්ගෙන් පගාව ගහන එක. ඒක නිසා මේ ජාවාරම් නතර කල නොහැක, එක්කෝ ජාවාරම්කාරයෝ එල්ලලා මරලා දමන්න ඕනේ එහෙම නැත්නම් හරියට කෙලින් වැඩ කරන ෆොන්සේකා වැනි කෙනෙකුට මේ බන්ධනාගාරය භාර දෙන්න ඕනේ.
ජනාධිපතිතුමනි ඔබේ තීරණය මොකක්ද කියලා තමයි අපි මේ බලාගෙන ඉන්නේ, ජනතාව කැමති තීරණය අරගෙන ශ්‍රී ලංකා ජනතාවගේ සදා නොමැකෙන වීරයෙකු වන්න
ඔය ජී.එස්.පී.ප්ලස් තහනම් කරලා තිබුණු කාලෙයි දැන් කාලෙයි කියලා ලොකු වෙනසක් නෑනෙ ඉතින්. ඒ දවස්වල බඩු මිල ඉහළ ගියේ ඒ හේතුව නිසාවත් කියලා කියන්න පුළුවන්. ඒත් දැන්? ඔය මුකුත් නැති එකේ ඔය තීරණෙවත් ගන්න බලන්න
තවමත් අපි නොදැනුවත්වම අපේ රට නිළ නොවන යටත් විජිතවාදයකට හසු වෙලයි තිබෙන්නේ. අපට නිදහස් පාලනයක් තිබෙනවා යැයි කොතෙක් පැවසුවත් එය අපවම රවටා ගැනීමක් පමණයි. සෑම අවස්ථාවකම කුමණ හෝ රටක්, සංවිධානයක් අප රටේ තීන්දු තීරණ වලට, විවිධ ක‍්‍රියා වලට විවිධ ආකාරයෙන් අත පොවනවා. මෙයත් එවැනි අවස්ථාවක්. රටේ වැඩකටයුතු සිදු වෙන්නේ ඔවුන්ට අවැසි ආකාරයටයි. රටේ නායකය කවුරු වුනත් දේශයට හිතැති පියවරක් ගන්නවනම් රටේ ජනතාව වශයෙන් එම කරුණ සම්බන්ධව අප ඔහුත් සමග සිටගත යුතුයි. අපේ දේශය අපි ගොඩනැගිය යුතුයි.
එතකොට මේ ගැන දැනුවත් කරන්න ඕනේ කියලා ඒ ලියුම් එවපු රටවල්වලට ටුවර් එකක් ගහල එයිද දන්නේ නෑ අපේ තුමාලා ටික.
මරණ දඩුවම පිළිබඳ කථාව ආ දවසෙ ඉදල පලවන කොමෙන්ට්ස් බලන කොට මහජන මතය හඳුනගන්න පුළුවන්. ඒ විතරක් නොවේ මුළු කැබිනට් එකත් එකඟවුනා. මේ තීරණය ක්‍රියාත්මක කරගන්න බෑ කියන්නෙ අපේ රටේ ස්වාධිපති බලය අප සතුව නෑ කියන එක. ව්‍යවස්ථාව අනුව නම් ස්වාධිපති බලය පවරන්න බෑ. ජනාධිපති තුමා තීරණය කරන්න ඕන රු බි. 55කට (යු. රෝ. මි 300) ස්වාධිපති බලය පවරනවද නැද්ද කියලා. ඔබ කොන්දක් ඇති නායකයෙක් බව පෙන්නුවොත් ජනතාව ඔබව ශක්තිමත් කරාවි. මහින්ද මහත්තය GSP වෙනුවෙන් ස්වාධිපති බලය අත්හැරියෙ නෑ. ජනතාව ඔහු සමඟ අදත් ඉන්නෙ ඒ නිසා.
අපේ ඇත්තන්ට නොතේරෙන එක දෙයක් තමයි යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාත්මක වෙන්නේ බටහිර ලෝකයේ සංස්කෘතිය, සදාචාරය සහ ආර්ථික ක්‍රමය පවත්වාගැනීම සදහා බව. මොන යාළුකම් තිබුණත් ඔය මුලික කාරණයට පිටින් යන පාලනයක් වේනම් ඊට එරෙහි වීම ස්වාභාවිකයි. මහින්ද ඒ පරිප්පුව කෑවා අපි දැක්කනේ. එහෙම නොවෙන අවස්ථා කිහිපයක් ඉතිහාසයේ තිබුනත් ඒ අවස්ථා වල ප්‍රභල ආරක්ෂක කරනා ඒ පිටිපස්සේ තිබුණ. උදාහරණයක් තමයි ඉස්ලාමිය පාලනයට එරෙහි ඊජිප්තු හමුදා පාලනය. මෙතැනදී යහපාලනය නමින් පෙනී සිටිමින් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම විහිළුවක්. අනික අධිකරණය, පොලිසිය, බන්ධනාගාර නිලධාරීන් දුෂිත නම් කවුද දන්නේ හරි පුද්ගලයා එල්ලුම් ගස් යනවද නැද්ද කියල. කුඩු විකුණන තැනට වැටුණ එකා මැරෙන්න බය නෑ.
මල්වට්ටි, බිලියන් එකක පිච්ච මල් පූජා බෞද්ධයන් උදේට පාණාතිපාතා කිව්වට දවල් වෙනකොට මිනී මරන්න එක පයින් කැමතිනේ. බලන්නකෝ තියෙන සපෝර්ට් එක.
අසංක සහෝ...'ඒතුමාගේ' තීරණය මොකක්ද කියලා අපි නම් මුල ඉඳලම දන්නවා... හැබැයි දැන්නම් හොඳ කාරණාවක් තියනවා.. 'ඒතුමාගේ' වාසණාවට.."මහන්සිවෙලා ලබා ගත්තු GSP සහනය ආයේ නැති කොරගන්න නම් බැහැ. ", කියලා ඒ තීරණයට හේතු දක්වාවි.
අපේ රටට කිසිම තීරණයක් ගන්න බැහැ නේ. ජාත්‍යන්තරයේ කතා ඕනේ නැහැ රටේ අනාගත පරපුර රැක ගන්ට වැඩ කරන්ට ඕනේ...
ඕක කරන්නේ නැහැ. බොරුවක්.
මේකත් අර ඔබතුම කලින් කලාවාගේ රටේ එකවර මතයක් ඇතිකරලා , එ් පිළිබන්දව රට තුළ සහ ජාත්‍යන්තරව විශාල කතිකාවක් ඇති කරලා දැන් මුකුත්ම නොකර ඉන්නවා , එකෙන් වෙන්නේ රටේ ආර්ථිකය පිරිහෙන එකත්, යුරෝපා සංගමය වැනි අපේ ආර්ථිකයට වෙළදාමට අත්‍යවශ්‍ය ජාත්‍යන්තර සංගම් සහ රටවල් අතර අපේ රට පිළිබඳව අනවශ්‍ය කතිකාවක් ඇතිවීම, අන්තිමට වෙන්නේ පවතින නීතිවල කිසිම වෙනසක් නොවීමත් රටට්ට විශාල ආර්ථික පාඩුවක් ඇති වීමත් පමණි , රටේ ජනතාව ජිවන බරින් මිරිකී සිටින අවස්ථාවක මෙවැනි බොරු නාඩගම් කිරීම සාධාරණද ? එක්කෝ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න , නැත්නම් එවැනි දෙයක් ගැන කතා කිරීමෙන් වලකින්න......
කොහොමත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඔය කට්ටිය ඉඩ දෙන්නේ නෑ...... ප්‍රායෝගික ක්‍රමය නම් ආයුධ පෙන්වීමේ ක්‍රමයයි..
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තුළින් අපේ රටට කිසිම සේවයක් වෙන්නේ නැහැ. දැනට මරණ දඬුවම ක්‍රියාත්මක කරන රට වලට වත් එයින් කිසිම සේවයක් වෙලා නැහැ.
අපේ රට විදේශ රටවලට අතනොපා තනිවම නැගී සිටීමට පුළුවන් විදිහට රටේ ගමන් මගක් නැත. ලෝකයට පුළුවන් තරම් ණයවී දේශ පාලන ෂෝ දමා රට පිටරටවලට උගස්කර ඇත එයට අමතරව ලංකාව දැන් කුඩු පුරයක් වී හමාරය. මම මරණ දඩුවමට කැමතිය නමුත් යම් දෙයක් කරන ක්‍රමයක් ඇත. පළමුව බන්ධනාගාර නිළදරීන් මෙම ජාවාරමෙන් ඉවත් කල යුතුය . එයට විකල්පයක් ලෙස S.T.F. තාවකාලිකව විකල්පයක් ලෙස යෙදවිය යුතුය. නිල සුනකයන් මගින් හිර ගෙට දෙන ද්‍රව්‍ය පරිකක්ෂා කල යුතුය. දේශ පාලකයා කුඩු ජාවාරමෙන් ඉවත් විය යුතුය. මට මෙම රට ලැබේනම් මුදල් ලබා නොගෙන රට දියුණු කිරීමට හැකියාවක් ඇත.
මහා පුදුම කරුමයක් නේද.? ජනාධිපතිතුමා පෙට්‍රල් වැඩිකරගත්ත ඒක අඩුකරන්න ගියාම අගමැතිගේ ආණ්ඩුවටම ඕනි විදියටම ඒක කරගත්තා. මෙහෙන් ඒ පාර ජි.එස්.පි හරස් වෙන්න හදනවා. පුවක් ගහකට නගින්න ගියත් දෙබලක් අහුවෙනවා.
අනුන්ගෙන්ම යැපෙන්න බලං ඉන්න කොට ඒ අයගේ නීතිරීති වලට අවනත වෙන්න සිද්ධවෙනවානේ.
ඕං දැන් හැංගෙනවා.