(තරිදු ජයවර්ධන)
අග්නිදිග සරසවිය හැර දා කොළඹ පැමිණි එහි තාක්ෂණ පීඨ සිසුහු මීට ටික වේලාවකට පෙර කොළඹ ටවුන්හෝල් අසල විරෝධතාවක් ආරම්භ කළහ.
සිසුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටට යෑම වැළැක්වීම සදහා පොලිසිය මාර්ග බාධක යොදා වෝඩ් පෙදෙස වසා දමා තිබේ.
පොලිසිය මාර්ගය වසා දැමීම නිසා එම මාර්ග භාවිතා කරන්නෝ දැඩි අපහසුතාවකට පත්ව සිටිති.
(ඡායාරූප -ඉෂාන් සංජීව)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ජනශූන්‍ය තැනකට අරන් යන්න බැරිද? මේක වෝඩ් ප්ලේස් තියෙන එක ලොකු හිරිහැරයක්... කොළඹ උද්ඝෝෂණ වලින් 90%ක් වෙන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉස්සරහ...
මේක නම් සාධාරණයි මට පෙනෙන විදිහට.. නැගෙනහිරෙන් සිංහල සිසුන්ව එළවනවා...
මේ ආණ්ඩුව සියලු උද්ඝෝෂණවලට ඉඩදී උඩ බලාගෙන සිටියි. ඒවායින් සාමාන්‍ය මහජනයාට සිදුවන හිරිහැර ගැන කිසිම තැකීමක් නැහැ. මේ උද්ඝෝෂණ වලින් රෝහලට යන එන අයට කොතරම් කරදරයක් සිදුවෙනවාද? මැති ඇමැතිවරු සාමාන්‍ය ජනයා යන රෝහල්වලට නොයන බැවින් මේවා නොදනී. මේ කාලකන්නි උද්ඝෝෂණවලට වෙන තැනක් දෙනවා යැයි හැමදාම කියනවා විතරයි. නමුත් කිසිදෙයක් සිදුවන්නේ නම් නැහැ.