(සනත් ගමගේ)
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිවැරදි දත්ත සහිත තොරතුරු ජනතාවට ලබා දීමට නම් දිනකට දිවයින පුරා බැලුන් තිහක් උඩුගුවනට යැවිය යුතු අතර දැනට කොළඹින් පමණක් සතියකට දෙපාරක් බැලුන් යැවිම සිදු කර ලබා දෙන තොරතුරුවල අඩුපාඩු තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ පි.එච් චමින්ද සිල්වා මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කලේ ආපදා කළමනාකරනය සම්බන්දව ආපදා කළමණාකරනණ මධ්‍යස්ථානය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදින් දැනුවත් කිරිම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේ දි පැවැති වැඩමුළුවක දීය.
මෙහිදි අදහස් දැක් වූ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ පී.එච් චමින්ද මහතා කියා සිටියේ මෙම බැලුනයක් උඩුගුවනට යැවිම සඳහා රුපියල් තිස් දහසක පමණ මුදලක් වැය වන අතර අවශ්‍ය මුදල් නොමැතිකම මත දිනකට සාමන්‍යයෙන් යැවියුතු බැලුන් තිහ යැවිමට නොහැකි හෙයින් කොළඹින් පමණක් සතියකට දෙපාරක් බැලුන් උඩුගුවනට යවා දත්ත රැස්කර ගන්නා බවයි.
මෙමගින් නිවැරදි කාලගුණ තොරතුරු ජනතාව අතරට නොයන හෙයින් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනාවැකි පිළිගැනිමට නොහැකි බව සම්බන්දව ජනතාව අතර තිබෙන මතය සාධාරන නොවේදැයි මෙහිදී මාධ්‍යවේදින් දිගින් දිගටම ජ්‍යේෂ්ඨ කාලගුන විද්‍යාඥයාගෙන් ප්‍රශ්න කළේය.
දත්ත සපයා ගැනිමට අවශ්‍ය සම්පත් නොමැතිනම් නිළධාරින් ලෙස අපි මොනවා කරන්දැයි ඔහු එවිට ප්‍රකාශ කළේය.
2020 වන විට ජපානයෙන් රේඩාර් යන්ත්‍ර දෙකක් ලංකාවට ලැබෙන අතර පුත්තලම සහ පොතුවිල්වල ඒවා සවිකිරීමට නියමිත වි ඇති බවද එවිට යම් තරමකින් දත්ත ලබා ගැනිමට හැකි වන බවද චමින්ද මහතා කිය.
චන්ද්‍රිකා සැටලයිට් මගින් දැනට පැය තුනකට වරක් ලැබෙන දත්ත වලින් තොරතුරු ලබා දෙන අතර පැය තුනකට පසු වෙනස් කම් ඊ ළඟ පැය තුනේ දි ලැබෙන හෙයින් එයද ප්‍රයෝගික නොවන බව චමින්ද මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර බැලුන් ඇමතිට කිව්වා නං, තිහක් නොවේ, ඊටත් වඩා පහසුවෙන් උඩුගුවනට යවාවි. මැති ඇමතිලාට සහ ඔවුන්ගේ පවුල්වලට දිනකට කරන වියදමත් එක්ක බලනකොට, මේක මොන කජ්ජක්ද?
අපේ රටේ කොතරම් අනවශ්‍ය දේ වලට රජය මුදල් වියදම් කරනවද? විශාල මැතිඇමති මණ්ඩලයක් නඩත්තුවට, බොරු ශෝබන වැඩවලට කොතරම් මුදල් වියදම් කරනවද? කිසිම සැලැස්මක් නැතුව රටට ඉදිරි ගමනක් නැහැ. අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුන්ගේ බුද්ධි මට්ටම විදිහට තමයි රට සංවර්ධනය වෙන්නේ...
මේක බොහොම දීර්ඝ අධ්‍යයනයකින් තීරණය විය යුතු දෙයක්... කාලගුණ දත්ත ප්‍රයෝජනයට ගැනෙනවද, දත්ත 100% නිවැරදිව දිය හැකිද? දරන වියදමට සරිලන ප්රතිලාභ තිබේද? සමහරවිට, දෙපාර්තමේන්තුව නිතිපතා කරන අනාවැකියට වඩා හදිසි කාලගුණ විපර්යාස ගැන විතරක් අවධානය යොමුකළොත් වඩා ඵලදායී වේද? වියදම්, ප්රතිලාභ න්‍යාය අනුව තීරණය වුනා නම් හොඳයි කියලත් හිතෙනවා.
අනේ බොරු වැඩවලට අපේ බදු සල්ලි වියදම් නොකර බලන්න ඕන එකක් අන්තර්ජාලයෙන් බලාගන්න. 100% ක් නිවැරදිව කාලගුණ වාර්තා එහි සඳහන් වෙනවා. ඔය දෙපාර්තමේන්තුවට අපි පොඩිකාලේ කිවේ හුළං කන්තෝරුව කියලා..
අවශ්‍ය බැලූන් මිලට ගැනීමට උවේ මහා ඇමතිට හෝ පාතාලයන් පස් දෙනෙක් නඩත්තු කරන ඇමතිතුමාට කතා කළා නම්.
ගමේ ගොඩේ ඉන්නවා අහස දිහා බලලා අනාවැකි කියන්න පුළුවන් වැඩිහිටියන්... ඒ අය කීපදෙනෙක් බඳවාගත්තා නම් මීට වඩා නිවැරැදිව අනාවැකි කියන්න තිබ්බා. සල්ලිත් ඉතුරුයි..