(ටී.කේ.ජී.කපිල )
රත්තරන් කැබලි තොගයක් තම සිරුරුවල ගුද මාර්ගවල සඟවා ගෙන නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (18) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොවුන් අවුරුදු 24 , 32 , 25 සහ 26 යන වයස් සීමාවල පසුවන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචිකරුවෝ වෙති.
මෙම ගුවන් මගීන් සිව් දෙනා ගුවන් තොටුපොළ වෙත පිවිසීමේ දී ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කරන ස්කෑන් පරීක්ෂණ වලදී මෙම රත්තරන් කැබලි තොගය ඔවුන්ගේ ගුද මාර්ගවල සඟවා ගෙන ඇති බව අනාවරණය වීමෙන් පසුව මොවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා රේගු නිලධාරීන් වෙත බාර දී තිබේ.
එහි රුපියල් 15,33,415 ක් වටිනා, ග්‍රෑම් 235.91 බර රත්තරන් කැබලි 12 ක් සඟවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් එළියට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd