(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදි පසුගිය රජයේ ඇතැම් නායකයන් චීන සමාගමකින් ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක් ගන්නා ලදැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් දිනක විවාදයක් අද (19) මැතිසබයේදී පැවැත්වේ.
විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි.
මැතිසබයේදී අද උදේ 10.30 සිට සවස 6.30 දක්වා මෙම විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මපා මේ අයට රටේ ප්‍රශ්න ගැන හොයන්න කාලයක් නැති හැටි. මගේ රටේ මුදල් කනවා. මේ විවාදය මොකටද? අට පාස් නැති අයට මොන කතාද? රජපක්ෂ කාලයේ ටිකක් කෑවා.. දවසක පාර්ලිමේන්තුවේ වියදම කොච්චරද? රටේ මුදල් කන, මොලයක් නැති පාර්ලිමේන්තු කාරකසභාව. උපාධි ලැබී ගෙවල්වල ඉන්න අය පාලනයට ගන්න ඕනෑ.
මේ උදවියට ඕනේ මොනවා හරි මාතෘකාවක් ගෙනල්ල දවස කා දමලා, මිනිස්සුන්ගේ ඔලු කුරුවල් කරන නියම ප්‍රශ්නේ යට ගහන්න. මේ කියන මිලියන 7.6 රටට ආපු එකක් , හොරකම් කරා වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේ රජය යටතේ මොනතරම් හොරකම් උනාද , හොරු අල්ලන්න ආපු උදවියගෙන්. ඒවා ලෝක වාර්තා තියපුවනේ.