( නාලක සංජීව දහනායක)
ආරක්ෂක රැකවලූන් ලෙස පාතාල සාමාජිකයන් පස්දෙනෙක් යොදාගත් බවට චෝදනා එල්ලවන ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අමාත්‍යධූරයෙන් ඉවත්කර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේදැයි අග්‍රමාත්‍යවරයා වහාම ප්‍රකාශ කළ යුතු යැයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිව්ස් වෙබ් අඩවිය සහ ලංකාදීප පුවත්පත ඊයේ (17) වැනිදා ප්රවෘත්ති පළකර තිබූ බවත්, අදාල ප්‍රවෘත්තිය ගලවා දමන ලෙස අමාත්‍යවරය විසින් නෙත් නිව්ස් වෙබ් අඩියේ මාධ්යෙවිදීන්ට තර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා අද (18) පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේද කීය.
මෙරට ක්රියාත්මන කේරළ ගංජා ව්‍යාපාරයට සම්බන්ධ ජාවාරම්කරුවන් පිරිසකට රජයේ අමාත්‍යවරයකුගේ සහය ලැබෙන බවට නෙත් නිව්ස් වෙබ් අඩවියේ පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇතිවුණා. හේවාවසම් අත්තනායකලාගේ අරුණ ශාන්ත නොහොත් පොලිස් නැමැති පාතාල සාමාජිකයා සරත් ෆොන්සේකා මහතාගේ උත්සව කිහිපයක සිටින ඡායාරූප ඒ වෙබ්අඩවියේ පළවුණා. ඒ සියල්ලම නෙත් නිව්ස් වෙබ් අඩවියෙන් ගළවා දමන ලෙස මෙම අමාත්‍යවරයා විසින් බලපෑම් කරන බවත් අපට තොරතුරු ලැබී තිබෙනවා.
එමෙන්ම රජයේ එක්තරා ඇමතිවරයෙක්ට පාතාල සාමාජිකයන් පස්දෙනෙක් ආරක්ෂකයන් ලෙස සිටින බව (17) ලංකාදීප පුවත්පතේ පළවී තිබුණා.
මේ ගැන මම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. ඇමතිවරයාගේ තරාතිරම නොබලා තීන්දු තීරණ ගන්නා අගමැතිවරයා පැවසුවා. කේරළ ගංජා තොගයක් සමඟ ගිහාන් සඳරුවන් නැමැති පුද්ගලයකු පෑලියගොඩ නීතිය බලගැන්වීමේ ඒකකයෙන් අත්අඩංගුවට ගත්තා. ඔහුව නිදහස් කරන්න බලපෑම් කළ ඇමතිවරයා පිලිබඳව ආණ්ඩුව හෙළිදරව් කළ යුතුයි.
ඒකාබද්ධ විපක්ෂය විසින් බොරැුල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (18) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

(ඡායාරූපය - ඉෂාන් සංජීව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියාම අද රටේ මත්කුඩු ව්‍යාපාරය පසුපස සිටින්නේ අපි ඉතා පිරිසිදු යයි සිතා සිටින දේශපාලකයින්. මෙය ඉතා කණගාටුදායක තත්වයක්. මේ ළඟදී මෙතුමා කියා සිටියා නේද මත්කුඩු මර්ධනය සඳහා පොලිසිය තවමත් අනුගමනය කරන්නේ යල් පැන ගිය ක්‍රමයක් කියා. එසේ කියා සිටියේ තමන්ගේ වැරදි වසා ගැනීමට වත්ද?
මොහු 2010 දී ජනපති වුණානම් කොහොමද? මොහු ලසන්ත ඝාතනය ගැන කියන කතාවේ ඇත්ත දැන් අපට හිතාගන්න පුළුවන්. ආරක්ෂාවක් ඇත්තටම ඕනේ නම් හමුදාවේ ඕනේ තරම් දක්ෂ නිලධාරින් සහ සෙබළු සිටිනවා. මොහුට තියෙන්නෙත් විකෘති ආශාවන්... මොහුත් පුනරුත්ථාපන කඳවුරකට යවන්න ඕනේ...
ඡන්දෙ දිනලා අපු මිනිහෙක් නෙමෙයිනේ. අගමැති විසින් රාජපක්ෂලාට බනින්න... මන්ත්රීපට්ටමකුයි, ඇමැති පට්ටමකුයි දීලා පාර්ලිමේන්තුවට ගත්තේ එ.ජා.ප සාමාජිකයෙක් වත් නොවන පුද්ගලයෙක්... කිසිම දේශපාලන දැනුමක් නැති, රටට වැදගම්මක් නැති, ඔහේ අාවාට ගියාට පළිගැනීමේ චේතනාවෙන් සැමදා දොඩවන අසික්කිත ගති පැවතුම් වලින් පිරි අඥාණ පුද්ගලයෙක් ගෙන් ඔයිට වැඩියේ දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. එ.ජා.ප යේ ඡන්ද 70,000 කට වැඩියේ ගත්ත මිනිස්සු අදත් ගෙදර ඡන්ද 5,000 ක් වත් ගන්න බැරි මිනිහ ඇමති... එ්කෙන්ම පේනවා රටට වෙලා තියන දේ.. දැන් සැපද...?
දැන් රජයේ ඇමැතිකෙනෙක් වුනාම ඔක්කොම වැරදි වහගන්න පුළුවන්... යුද්ධයේදී මොහු කරපු සේවය අගය කරනවා. මොහු වැන්නන් යුද්ධයේදී හොඳින් පාලනය කිරීම ගැන පසුගිය රජයට ස්තුතිය දෙන්න ඕනේ. දැන් මොහු වැරදි කරනවා නම් ඒවාට දඬුවම් දෙන්න ඕනේ. ඒ වගේම, මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම හොයන්න ඕනේ. මෙයා ඉස්සෙල්ලත් ඒවා කළා වෙන්න පුළුවන්... මෙයාගේ වැරදි වහගන්න වෙන අයව අල්ලන්නේ... ඕනෑම කෙනෙක් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව වැරදි කළොත් දඬුවම් දෙන්න ඕනේ. අන්න එහෙම යහපාලනයක් තමයි අපි 2015න් බලාපොරොත්තු වුනේ. එහෙම නැතිව තෝරාගත් පිරිසකට විතරක් නීතිය ක්‍රියාත්මක කරන්න නෙමෙයි.