(නිමල කොඩිතුවක්කු)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ව්‍යාජ නිවේදනයක් සම්බන්ධයෙන් අද (18) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව නීතිඥ ප්‍රේම්නාත් දොළවත්ත මහතා ලංකාදීපයට පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබුණු උපදෙස් මත මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පියවර ගත් බවද ඔහු කියා සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙසට නම් කර ඇති බව පවසමින් ඊයේ (17) දිනයේ අදාළ නිවේදනය නිකුත් කර ඇති අතර එය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පලවෙමින් තිබුණි.
සමාජය ව්‍යාකූල තත්ත්වයට ඇඳ දමමින් හිටපු ජනාධිපතිවරයාගේ අත්සන සහ ලිපි ශීර්ෂ යොදාගනිමින් මාධ්‍යයට මෙවැනි නිවේදන නිකුත් කිරීම සහ මේවා පිටුපස සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් වහාම කරුණු අනාවරණය කරන ලෙසත් ඉල්ලා අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන කවුද මේක කරන්නේ? කවුරුත් කැමතියි දකින්න රාජපක්ෂ නැවත බලයට එනවා දකින්න
මේවා ගැනනම් හොයලා බලන්නම ඕනේ. මොකද වැරදි ප්‍රචාර/මත/දැන්වීම්, බහුලව සමාජ ජාලවල සීඝ්‍ර ලෙස පැතිරෙන ඉඩකඩ වැඩි නිසා.
අයියෝ අපි කොච්චර සතුටු උනාද මේක අහලා.
ගෝඨාභය එන්නේ අපිට ආදරේට නෙවෙයි, අන්න ඒක හොඳට මතක තියාගන්න.